Featured

රනිල්ට ගේමක් දෙන්න මෛත්‍රී කුමන්ත්‍රණයක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීවාදින් සමග එක්ව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බවත් ඒ සදහා ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක වි කටයුතු කිරිමට එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිළේ මන්ත්‍රීවරුන් සහ සමීප සමාජිකයන්ගෙන් යුත් කණ්ඩායමක් වහාම පත්කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා හදිසි සිංගප්පූරු සංචාරයට පෙර මෙම කණ්ඩායම පත්කර තිබේ.මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංගප්පූරු සංචාරයේ අරමුණ වී ඇත්තේද මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අනාවරණය කර ගැනිම බවද එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යේදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

මෙම මෛත්‍රී කුමන්ත්‍රණයේ පියවර කිහිපයක් ඇති අතර එහි පලමු වැන්න වි ඇත්තේ මහින්ද රාජපක්ෂ මර්දණය කිරිම වන අතර මහින්දව අත් අඩංගුවට ගැනිමට නොහැකිනම් ඔහුගේ දරුවන් සහ සමීපත්මයන් වහාම අත් අඩංගුවට ගැනිමට කටයුතු කිරිම

මේ තර ලබන  මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්කර පසුව ඒ හරහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පක්ෂය තුල යලිත් නායකත්ව අර්බුදය ඇති කිරිම  ප්‍රමුඛ කුමන්ත්‍රණයකි.

එම මැතිවරණයේදී පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂ භාණ්ඩාගාරික එස්.බී. දිසානායකගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කර ඇති අතර මේ දිනවලදී පක්ෂයේ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම් පැවැත්වෙයි.

එම රැස්වීම් මාලාවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් එළැඹෙන මාසයේදී ක්‍රියාකාරී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් සම්බන්ධ වීමට සැලසුම් කර තිබේන අතර රාජ්‍ය මාධ්‍ය උපරිමයෙන්ම ඒ සදහා භාවිතා කිරිමටත්,සැම අපෙක්ෂකයෙකුටම අවශ්‍ය සියලුම ප්‍රචාරක කටයුතු පක්ෂය භාණ්ඩාගාරය හරහා කර දිමටත් මේ අන විටත් තින්දු කර අවසන් කර තිබේ.

 

 

 

Top