Featured

රනිල්ට වලකපන ශිරාල්,කිළී,ප්‍රේමදාස කල්ලියේ රෙදි ගැලවිමට රනිල් පිළෙන් මෙහෙයුමක්

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට තර්ජනයක් වන අකාරයට රටේ දේශපාලන තින්දු ගැනිම සදහා පසුගිය කාලසිමාවේ ජනාධිපතිවරයා පොළඹවාලීම සදහා සජිත් ප්‍රේමදාස ඇතුලු විවිධ කල්ලි කණ්ඩායම් ඉලක්ක කර මඩ ව්‍යාපාරයක් දියත් කිරිමට එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිළේ ප්‍රභලයන් තින්දුවක් ගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව කිළී මහා රාජාගේ මුදල්මත යැපෙමින් විවිධ සංවිධාන පිහිටුවාගෙන සිටින කණ්ඩායම් සහ එම කණ්ඩායම් මෙහෙයවනු ලබන පුද්ගලයන්ගේ පෞද්ගලික ජිවිත අල අතිශයින් රහසිගත තොරතුරු රැසක් ලගදිම වෙබ් අඩවි සහ රනිල් විසින් මෙහෙයවන ලබන පෞද්ගලික විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය කිහිපයක් හරහා රටේ ජනතාව අතරට යැවිමට සුදානම් කර තිබේ.

ඒ අනුව රනිල් විරෝධීන්ගේ පෞද්ගලික ජිවිත වලට සම්බන්ධ තොරතුරු මෙන්ම දේශපාලන බලය භාවිතා කරමින් වසන් කරන ලද ඝාතනයක් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන හරහා මුදල් ලබා ගත් අකාරයන් සහ එවා සිය අවශ්‍යතා වෙනුවෙන් භාවිතා කල අකාරය පිලිබඳ සාක්ෂි සහිතව අනාවරණය කිරිමට නියමිතයි.

ඒ සදහා පසුගිය කාළසිමාවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂ නායකත්ව අර්බුදය අවස්ථාවේ සජිත් පිළ ඉතා සියුම්ව මර්දණය කළ කණ්ඩායම යලී රැස්කර ඇති අතර එම වකවානුවේ එම කණ්ඩායමට නායකත්වය දුන් රනිල්ගේ සොහොයුරු ඇතුලු කිහිප දෙනා විසින් මෙම මෙහෙයුම දියත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වු විශේෂ සාකච්ඡාවක් සිංගප්පූරුවේදි ලබන සඳුදායින් පසුව සිදු කිරිමටද නියමිතව තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

සිංගප්පූරුවේ පැවැත්වෙන දකුණු ආසියා ඩයස් පෝරා සංසදයේ තුන්වැනි සමුළුවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා (17) වැනි දා සිංගප්පූරුව බලා යෑමට නියමිත අතර විදේශ අමාත්‍ය මංගල සමරවීර සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර ද මෙම සංචාරයට එක්වන අතර පසුව මඩ මෙහෙයුම මෙහෙයවන නායකයන්ද සිංගප්පූරුව බලා යැමට නියමිතව තිබේ.

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කිරිමේ සටනේ එක්සත් ජාතික පක්ෂය කදවුරු දෙකකට බේදිම හේතුවෙන් ඒජාප අර්බුදය යලිත් මතුපිටට පැමිණි අතර සජිත් පිළේ න්‍යායාචාර්‍ය ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක ජනාධිපති මන්දිරයේ සිට ඔහු විසින් අටවනු ලැබු දුෂණ විරෝධි පෙරමුණ නැමති රාජ්‍ය නොවන සංවිධානය හ මහා රාජාගේ මාධ්‍ය භාවිතා කරමින් අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කිරිම සදහා මෙහෙයුමක් දියත් කිරිම සම්බන්ධයෙන් එජාපයේ රනිල් පිළ බරපතල ලෙස අර්බුදයකට මුහුණ දි සිටියා.

Top