Breaking
25 Feb 2025, Tue

රනිල්පා,සිරිසේන පාවාදිම හමුවේ ජාතියක් ලෙස අප නිවට විය යුතුද?

එදා රණවිරුවන් තම දිවි පරදුවට තබා අපේ මාතෘභූමියත් අපේ ජීවිතත් රැක ගැනීමට කළ අප්‍රතිහත ධෛර්‍යය සහ කැපකිරීම අමතක කිරීමට තරම් අප ගුණමකු ජාතියක් ද?ගෙවිඳු කුමාරතුංග මහතා මේ ප්‍රශ්නය නැගුවේ පසුගියදා (24) යුතුකම සංවාද කවය මගින් සංවිධානය කළ සම්මන්ත්‍රණයේදී මුඛ්‍ය දේශනයක් සිදු කරමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් පළකළ කුමාරතුංග මහතා රනිල් – සිරිසේන හවුල් ආණ්ඩුව විසින් තම බල උවමනාව වෙනුවෙන් බටහිර උගුලේ රට හිර කර ඔවුන්ගේ උවමනාවන් ඉටු කිරීමට කොටි පැරදවූ හමුදා විරුවන් ඇතුළු නායකයන්ගෙන් පළි ගැනීමේ ක්‍රියාවලියක නිරතව ඇතැයි පෙන්වා දෙමින් , පුද්ගලයන් අතුරුදහන් වීමේ පනත හරහා මේ ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය තඹ සතේකට මායිම් නොකට වියරු ලෙස ලක් ඉතිහාසයේ කලුම කලු පනතක් සම්මත කරගත් මේ ද්‍රෝහී පනතේ අන්තර්ගතය මෙන්ම මේ පනත සම්මත කළ ආකාරයත් කළුම කළු යැයි සාධක සහිතව පෙන්වා දෙයි.

මේ අයුක්ති සහගත පවාදීම තවදුරටත් නොදුටුවා සේ සිටීමට ජාතියක් ලෙස අප නිවට විය යුතු නැතැයි අවධාරණය කරන ගෙවිඳු කුමාරතුංග මහතා රණවිරුවන් එදා රණ බිමේ සිට සිදු කළ උත්තුංග මෙහෙවරට අපට කළ හැකි යුතුකම නම් ඔවුන් වෙනුවෙන් නොබියව පෙරට විත් ඔවුන් සහ රට ආරක්ෂා කරගැනීම යැයි පෙන්වා දෙයි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.