Featured

රනිල්,මංගලගේ බෙල්ලම කපයි

මහා මැතිවරණයෙන් මාතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය ලබන අන්ත පරාජය හමුවේ කෙසේ හෝ රනිල්ගේ කොලු ගැටයා වන එක්සත් ජාතික පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් හා දෙනියාය ආසනයේ ප්‍රධාන සංවිධායක සාගල රත්නායක දිනවිම සදහා දැවැන්ත මෙහෙයුමක් දියත් වෙමින් තිබේන බව මාතර අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

ඒ අනුව මාතරින් එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැක්කේ මන්ත්‍රී ආසන දෙකක් පමණක් වන අතර ප්‍රබල සජිත් වාදියෙකු වන බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාට එක් ආසනයක් හිමිවනු ඇති අතර අනික් මන්ත්‍රිධුරය සදහා මංගල සහ සාගල අතර ප්‍රභල සටනක් පැවති අතර අවසන් සතිය වන විට සාගල එම සටනින් ජයගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා සිය මැතිවරණ ව්‍යාපාරය තුල තමන්ගේ ඡන්ද දායකයන්ට පවසා ඇත්තේ අලියාට කතිරය ගසා තමන්ට පමණක් මනාපය සළකුණු කරන ලෙසයි.

මේ අතර සාගල රත්නායක තමන්ගේ මැතිවරන ව්‍යාපාරය තුල තමන්ගේ මනාප ගැන් පමණක් සදහන් කරන බවද අප වාර්තාකරු අනාවරණය කර සිටි.

2010 මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ මන්ත‍්‍රී ධූර ගණන 2 ක් ලබාගත් අතර බුද්ධික පතිරණ මනාප 62,499ක් ලබාගත් අතර මංගල පින්සිරි සමරවීර ලබාගත්තේ මනාප  59,836ක් පමණයි.

මහින්ද රාජපක්ෂ රජයේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු හා 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වීරයා වු සනත් ජයසුරිය සහ  සනත් ජයසුරිය මහතාගේ මව වන බ්‍රීටා ජයසුරිය සාගල රත්නායක සමග එකතු කිරිමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇත්තේද සාගලගේ ජයග්‍රහණය වෙනුවෙන් වන බවද අප වාර්තාකරු අනාවරණය කළා.

[box type=”success” ]මාතර දිස්ත්‍රික්කයේන් තරග වදින මංගල සමරවිරගේ පරාජය මේ වනවිට තහවුරු වි එති බවත් දැන් තරගය තිබේන්නේ සාගල හා තමන් අතර පමණක් බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සිය මැතිවරණ කමිටුවේ සමාජිකයන් සමග පැවති සාකච්ඡාවකදී.[/box]

මිට අමතරව ප්‍රගීත් ඝාතනය කිරිමට කටයුතු කලේ මංගල සමරවිර සහ ඔහුගේ ලේකම්වරයා ලෙස කටයුතු කරන රුවන් ෆර්ඩිනැන්ඩස් පාවාදීම් හරහා බවට පසුගිය දින කිහිපය තුල කාලයක් මංගලගේ යටතේ තිබු නමුත් වර්තමානයේ තුසිත හලොලුව විසින් අණදෙන ගඳරුවන්ගේ ලංකා ඊ නිවුස් වෙබ් අධවිය හරහා හෙලි කිරිමද මෙම කුමන්ත්‍රණයේ කොටසක් බවද අප වාර්තාකරු අනාවරණය කර සිටි.

“මංගල..මට කරන්න දෙයක් නෑ…ඔයා බුද්ධික පරද්දන්න …”

මංගල දැනටමත් පරාදයි-රනිල් හදන්නේ මාව කපන්න

සනත් ජයසුරිය ක්‍රීඩකයෙකු හැටියට ගරු කලත් දේශපාලනේ තුට්ටුවකට වටින්නේ නෑ

Posted by Ape Media Social Media on Friday, 12 June 2015

Top