Breaking
26 Feb 2025, Wed

රනිල්,මෛත්‍රී අවලන් යහපාලනය Medaperadiga අඩවිය ලංකාවේ තහනම් කරයි, මාධ්‍යවේදී දයාට මැර ප්‍රහාරයක්

මැදපෙරදිග වෙබ් අඩවියට ශ්‍රී ලංකාවේ ග්‍රාහකයින් ඇතුල් වීම ප්‍රධාන අන්තර්ජාල සැපයුම් කරුවන් විසින් නවතා දමා ඇත. කිසිම අධිකරණ නියෝගයකයින් තොරව හොර පාරෙන් කරනා වාරණයන් යනු සැබවින්ම අසික්කිත ක්‍රියාමාර්ගයන්ය. අප වෙබ් අඩවියෙන් යම් අසත්‍ය පුවතක් පලවී තිබේ නම් අධිකරණය හරහා නියෝගයක් ලබාගෙන අප වෙබ් අඩවියට බාධා කිරීමට තරම් මෙම ගෙවලයින්ට කසේරුවක් නැති වීම ගැන කනගාටුවට පත්වෙමු. එසේ නොකර සිදු කරනා මෙවැනි දැ වලින් පැවසෙන්නේ ඒ ප්‍රවෘත්තීන් සත්‍ය නිසා බියවී ඇති බව නොවේද ?.

යහපාලුවනි, ඔබලාගේ මෙම වාරණය අප විසින් පන්නරයක් කරගෙන රට ජාතිය, ආගම මුදවා ගැනීමේ සටන තවත් දහස් ගුණයකින් වේගවත් කරනා බවට මෙයින් සපල කරමු.නොහැකියාවේ උපතවන් යහපාලුවනි, අප අඩවිය වාරණය කිරීමට ඔබ ගන්නා සිඟිති අසාර්ථක උත්සාහය පරාජය කිරීමට නුතන තාක්ෂනය සමග අත්වැල් බැඳ ගන්නා අතර අප අඩවියට ඇතුල්වීමට ලාංකික ආදරණීය පාඨකයන්ට විකල්ප මාර්ග යොදා දෙන්නෙමු.අවසන් වරටත් කියන්න ඇති එකම දෙය නම්, යහපාලු ගෙවලයිනි…, “ලැජ්ජයි” යන වදනය.

ආදරණීය ලාංකික පාඨකයිනි, ලංකාවේ සිට අප අඩවියට පිවිසීමට පහත ඇති ලිගුව යොදා ගන්න. මෙම ලිපිය හැකිතාක් බෙදාගෙන යහපාලු ගෙවලයින්ගේ මෙම බියකරු මාධ්‍ය මර්ධනය ගැන ඔබගේ මිතුරන් දැනුවත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු!

Medaperadiga අඩවියට පිවිසීමේ ලිගුව: https://us9.proxysite.com/process.php?d=joV9rFmPUFVXg8rPUEXSis1BNjUDhWY9&b=1

මේ අතර සත්හඬ පුවත්පතේ මාධ්‍යවේදියකු සහ පරිසර වේදියකු වන දයා නෙත්තසිංහ මහතාට නෙළුව දෙල්ලව ප්‍රදේශයේ දී පියසේන ගමගේ ගේ මැරයන් පිරිසක් විසින් මැර ප්‍රහාරයක් එල්ල කර තිබේ.ගාල්ල නෙළුව ආඳා දොළ හරස් කරමින් ඉදි කෙරෙන කුඩා ජල විදුලි බලාගාරය සම්බන්ධයෙන් පියසේන ගමගේ සහ දිස්ත්‍රික් ලේකම් වරයාගේ මූලිකත්වයෙන් අද (12) දින දෙල්ලව නාථාරාම විහාරස්ථානයේ පැවති මහජන හමුවකට සහභාගී වී සිටි අතර යෝජිත කුඩා විදුලි බලාගාරය හේතුවෙන් ආඳා දොල ඇතළු දෙල්ලව රක්ෂිතයට සිදු විය හැකි පාරසරික ව්‍යසනය පෙන්වා දීමට උත්සහ කිරීමේදී පියසේන ගමගේ ගේ මැරයන් ඊට විරෝධය පළකරමින් මෙම් ප්‍රහාරය සිදු කර තිබේ.

ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ කතෘ සටහන ….

සිරිසේන ජනාධිපතිවරයාගේ නියෝග මත රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් අනාචාරී රංග කලන්සුරිය ජනමාධ්‍යයට තර්ජනය කර පැය කිහිපයක් ගෙවෙන විට රට වෙනුවෙන් පෙනීසිටි මැදපෙරදිග වෙබ් අඩවියට ශ්‍රී ලංකාවේ ග්‍රාහකයින් ඇතුල් විම අවහිර කිරිම යහපාලනයේ මාධ්‍ය මර්දණයේ තහවුරුව මෙන්ම භාවිතයද පෙන්වා තිබේ.ඉතිහාසය පුරාවටම අසාර්ථක රාජ්‍ය නායකයන් බිහිවු සෑම අවස්ථාවකම මේ අකාරයේ මාධ්‍ය මර්දණයන් අපට නිරන්තර දකින්නට හැකිවිය. lankanewsweb.today වෙබ් අඩවියද පසුගිය මහා මැතිවරණය සමයේ තහනමට ලක්වු අතර එක්සත් ජාතින්ගේ සංවිධානයට,යුරෝපා සංවිධානයට හා පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයට අදාළ තහනම සම්බන්ධයෙන් දැනුවත් කිරිමත් සමග තහනම රෙද්ද අස්සේ ගහගත් යහපාලනය තහනම ඉවත් කිරිමට කටයුතු කළා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.