Featured

රනිල්,මෛත්‍රී හදිසි හමුවක් , මහ බැංකුවේ අධිපති මහේන්ද්‍රන්!

අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වි ඇති බවත් අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් නැති අර්බුදයක් මවාපාමින් සමාජය කැලබිමට ලක්කර පක්ෂය දෙකඩ කිරිමට සජිත් පිළ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව රනිල් පිළේ ප්‍රභලයෙකු අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී කණ්ඩායම නියෝජනය කණ්ඩායමේ කිහිප දෙනෙකුද මෙම කුමන්ත්‍රණය සදහා එකතු වි සිටින බවත් ඔහුන් සියලුම දෙනාම මෙහෙයවන්නේ මාෆියා මාධ්‍ය හිමිකරුවෙකු විසින් බවද් ඔහු සදහන් කර තිබේ.

“ඊයේ ජනපති සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක් තිබුනා …එහිදි අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳව එකගතාවකට එන්න පුලුවන් වුනා.ජනාධිපති තුමාට අර්ජුන් ගැන ගැටලුවක් නෑ….එතුමා කිව්වේ සර්ට (රනිල්) ප්‍රශ්ණයක් වෙන්නේ නැත්නම් මට එකෙන් ගැටලුවක් නෑ කියලා….ඒ වගේම අගමැතිතුමා අර්ජුන් එලවන්න හදන කුමන්ත්‍රණය පසුපස කතාව ජනාධිපතිතුමාට පැහැදි කළා.”

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නැවත වරක් එම ධුරයට පත් කරනවද?නැද්ද? යන තීරණය අනුව යහපාලන රජයේ හවුල් පාලනය දෙදරා යාමට අසන්න බවට පුවත් මවන්නන් පිළිබඳව 30 වැනිදායින් පසුව ක්‍රියාමාර්ගයක් ගැනිමට අගමැතිවරයා කටයුතු කරන බවද පැවසු බව ඔහු සදහන් කලා.

ජනපතිට බලපෑම් කිරිම හරහා අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස යලිත් පත් නොකිරිමට කුමන්ත්‍රණය කරුවන්ට හැකියාව ලැබුනේ නම් එතැන් සිට එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරිමේ කුමන්ත්‍රණය සජිත් පිළ විසින් දියත් කිරිමට කටයුතු යොදවා ඇති බවත් රනිල් වික්‍රමසිංහ විරෝධී සජිත් පාර්ශ්වය නියෝජනය කර පිරිස් හා මේවන විට ජනාධිපති කාර්යාලයේ ඉහළ තනතුරු හොබවන පිරිසක් සමග එක්ව එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව වෙනම දේශපාලන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීම සඳහා මේවන විට කුමන්ත්‍රණකාරී වැඩ පිලිවෙලක් දියත් කර තිබේන බවද ඔහු අනාවරණය කළා.

මේ අතර ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු මහබැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් විමසන ලද ප්‍ර‍ශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා සදහන් කළේ මහබැංකු අධිපති තනතුර තවදුරටත් අර්ජුන මහේන්ද්‍රන්ට ලබානොදෙනු ඇති බවයි.

http://www.lankanewsweb.today/archives/11273

Top