Breaking
24 Feb 2025, Mon

රනිල්ලා මහේන්දූන්ලා අතර තියෙන සම්බන්ධය මෛත්‍රිපාලට හිතාගන්නවත් බැහැ

අයි එම් එෆ්, ඒ කියන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට ණයක් ලැබිලා. මේ ණය ලැබෙන්නේ වෙනත් ණය ගෙවන්න කියලා වාර්තා වෙනවා. මේවාට කොන්දේසි තිබෙනවා. කොන්දේසි දෙවර්ගයක් වෙනවා. රටට කියන කොන්දේසි හා නොකියන කොන්දේසි. පළමු වර්ගය කාටත් දැනගන්න පුළුවන්. දෙවැනි වර්ගය ගැන අපට හිතන්න වෙනවා. එක එක අය ඒක ගැන එක එක විධියට හිතනවා. කොහොමටත් වැදගත් වන්නේ මේ දෙවැනි වර්ගය.

මේක තමයි බටහිර ප්‍රජාතන්ත්‍රවාදය. රටේ පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවට කියලා කියනවා. ඒ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට විධායකයක්, ව්‍යවස්ථාදායකයක්, අධිකරණයක් තිබෙනවා. හැබැයි රාජ්‍යයේ ඇතැම් කරුණු අර පරමාධිපත්‍යය තියෙනවයි කියන ජනතාවට කියන්නෙ නැහැ. ඒවා දන්නෙ ජනතාවගෙ නියෝජිතයන් යැයි කියන අයගෙනුත් කිහිප දෙනකු විතරයි. මේක පරමාධිපත්‍යය ගැන පුදුම කතාවක්. මේ කතාවලින් කවුරුන් රැවටෙනවද කියන එක ප්‍රශ්නයක්. කොහොමත් ඇතැම් කරුණු රාජ්‍ය රහස් වෙනවා. ජනතාවට රහසෙ, හොරෙන් ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වෙනවා. ජනතාව මොන තරම් වාසනාවන්ත ද?

ආණ්ඩුවට ණය ලැබෙන්නෙ මොන කොන්දේසි යටතේ ද කියලා අප දැනගන්නෙ කොහොම ද? ඒකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් විශ්වාසවන්ත දන්න කෙනකුගෙන් අහගන්න එක. එහි දී රහස් දන්න අයකු මුණ ගැහෙන්න වෙනවා. ඒ තැනැත්තා එක්කෝ මනුෂ්‍යයකු වෙන්න පුළුවන්, නැත්නම් මනුෂ්‍ය නොවන ප්‍රාණියකු වෙන්න පුළුවන්. ඒ මුණ ගැහීම් හැමෝට ම කරන්න බැහැ. අප අදාළ මනුෂ්‍යයන් හඳුනන්න ඕනැ. නැත්නම් අපට යම්කිසි ආධ්‍යාත්මික ශක්තියක් ඇති අයකු ගැන දැනීමක් තියෙන්න ඕන.

ඒ දෙක ම නැති අයට තමයි දෙවැනි ක්‍රමය තියෙන්නෙ. එහි දී අපට ආණ්ඩුවේ ඉතිහාසය, පැවැත්ම, පත්වුනේ කුමක් සඳහා ද කියන එක, ණය දෙන අයගෙ ප්‍රතිපත්ති මොනවා ද, ණය දෙන්නන්ට අනුව ආණ්ඩුවේ ණය ගෙවීමට ඇති හැකියාව, වගේ කරුණු සලකා බලන්න වෙනවා. අපට කළ හැක්කේ අනුමාන ඉදිරිපත් කිරීම පමණයි. පළමු ක්‍රමයේ අය කියන්නෙ ප්‍රත්‍යක්‍ෂයෙන්. මේ දැනුම ලබාගැනීමේ ක්‍රම දෙකක්. ප්‍රත්‍යක්‍ෂය අනුමානයට වඩා හොඳ ක්‍රමය බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. බුදුන් වහන්සේත් අනුදැන වදාළෙ ප්‍රත්‍යක්‍ෂය.

මේ ආණ්ඩුව පත්කෙරුණෙ අර ජනතාවගෙ ඡන්දෙන් වුනාට වෙනත් අයට ඕන කරන දේ කරගන්න. එහි දී ප්‍රධාන වන්නෙ දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දීම හා සිංහල බෞද්ධ සංස්කෘතිය හැකි නම් නැති කිරීම. දෙවනුව බටහිරට හා ඉන්දියාවට ප්‍රශ්න ඇති නොකර ඔවුන්ට ඕන කරන වෙනත් දේ ද ක්‍රියාත්මක කිරීම. ඒ අතර අනිවාර්යයෙන් ම මූල්‍ය ප්‍රතිපත්තිත් වෙනවා. අද ඒ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මහා බැංකුවෙ අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත්කර තිබෙනවා. එයාව අස්කරන්න කියලා අප විතරක් නෙවෙයි එ ජා පක්‍ෂයෙත් සමහරුන් කියනවා. එස් බී වගේ අය කියන දේ ගණන් ගන්න එපා. ඒවයෙ වැදගත් කමක් නැහැ. මෛත්‍රිපාලත් කියනවා ඇති මහේන්ද්‍රන් අස්කරන්න කියලා. ඒකෙනුත් වැඩක් නැහැ.

මහේන්ද්‍රන්ව පත්කෙරුවෙ රනිල්. ඒ කියන්නෙ මේ ආණ්ඩුවෙ ප්‍රධානියා. නිල නොලත් රාජ්‍ය නායකයා. එතකොට අර්ජුන් මහේන්ද්‍රන් කවු ද? ඔහු සිංගප්පුරු පුරවැසියෙක්. ඔහුට මේ රටේ ව්‍යවස්ථාව, මුදල් රෙගුලාසි වැඩක් නැහැ. ඔහු මොන වැරදි කළත් ඔහුට විරුද්ධව සිංගප්පූරුව කිසිවක් කරන එකක් නැහැ. ඒ විතරක් නෙවෙයි. අර්ජුන්ගෙ පියා චාලි මහේන්ද්‍රන් රනිල් කලින් අගමැති වෙලා හිටි කාලයෙ එක්සත් ජාතීන්ගෙ සංවිධානයෙ ලංකා නියෝජිතයා. කොටි සංවිධානය පැරදුනාට පස්සෙ රනිල් ගෝඨාභයගෙන් ඉල්ලල තියෙනවා කොටි සංවිධානය යොදා ගත්තු චාලිගෙ කොකුවිල් ගෙදර නිදහස් කරන ලෙස. රනිල්ලා මහේන්දූන්ලා අතර තියෙන සම්බන්ධය මෛත්‍රිපාලට හිතාගන්නවත් බැහැ. කවුරු කිවුවත් රනිල් අර්ජුන් මහේන්දූන්ව අස්කරන්න ඇති ඉඩ කඩ සිමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා බටහිර දේශපාලනඥයන් අතර ඉඳහිට ප්‍රශ්න තිබුණත් ඔවුන් සියළු දෙනා ම සමස්තයක් ලෙස ගත්කල වැඩකරන්නෙ එකම ආකාරයට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ කොන්දේසි අතරෙ දෙළ ජාතිවාදයට දොළ පිදේ නි දීමත් තියෙන්න ඕන. අතුරුදහන් වූවන් පිළිබඳ ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණයත් එයින් එකක්. පරණගම කොමිසම තිබෙද්දි තවත් ජාත්‍යන්තර නෙවෙයි දේශීය පරීක්‍ෂණවත් ඕන නැහැ. ඔය ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණය මොන විධියකට හරි පවත්වන්න ඇංග්ලිකන් සංස්කෘතියෙ අය උත්සාහ කරාවි. පරණගම කොමිසම ඒ වැඩේට ඕනෑවටත් වැඩියි. කොමිසමේ අවසාන වාර්තාව ලබන මාසයෙ පිටවෙන්න ඕනැ. වෙනත් කිසිම පරීක්‍ෂණයක් අවශ්‍ය නැහැ.

මේ අතර ලංකාවෙන් පිටරටට මුදල් ගෙන යෑමේදීත් ගෙන ඒමේදීත් කිසිම බාධකයක් නොපැනවීමට ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. එයත් අර කොන්දේසි වලින් එකක් විය යුතුයි. මේ කතාව දැන් ටික කාලෙක ඉඳලා ආණ්ඩුව කියනවා. මේ බාධා ඉවත්කිරීමෙන් රටට යහපතක් වෙන්නෙ නැහැ. ලංකාව ඉදිරි කාලයෙදි ඉතා දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ පාවි. මේ සියල්ලෙන් අවසාන වශයෙන් පහර වදින්නෙ පීඩිත ජනයාට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට. මේ රටේ වඩාත්ම පීඩිත ජනයා සමස්තයක් ලෙස ගත්තාම සිංහල බෞද්ධයන්. මා ඩේලි නිවුස් පත්‍රයෙ අවමංගල දැන්වීම් කියවනවා. මරණ දැන්වීම්වලින්් පෙනී යන කාරණයක් තමයි අඩුවෙන් ම මරණයට පත්වන්නෙ සිංහල බෞද්ධයන් කියලා! ඒකෙ තේරුම තරමක් හරි වත්පොහොසත් කම් තියෙන අය අතරෙ සිංහල බෞද්ධ ප්‍රතිශතය අඩුය කියන එක. අර්ජුන් මහේන්ද්‍රන්ගෙ සිංගප්පූරුවටවත් බටහිරයන්ටවත් සිංහල බෞද්ධයන් ගැන ඇති කැක්කුම කුමක් ද?….අර්ජුන්ව බැරි වෙලාවත් අයින් කළොත් ඒක දෙමළ ජනයාට කරන අසාධාරණයක් ලෙස පෙන්වන නම් ප්‍රවෘත්ති මවාවි.
නලින් ද සිල්වා

2016 ජූනි 13

Arjun

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.