Featured

රනිල්,සිරිසේන නීතියේ රෙදි ගලවයි…. නීතිපති ද නීතිය නමන්නේ නම් කුමට එරටට නීතියක්

සැලකිය යුතුයි:- නීතිගරුක පුරවැසියන්ගේ අවධානයට පමණි

low01

2015 ජනවාරි 08 වැනි දින පැවති ජනාධිපතිවරයාගේ පාලනය වෙනස් කර අලුත් ජනාධිපතිවරයෙකු ජනාතාව විසින් තෝරා පත්කර ගන්නා ලදී. අල්ලස..දූෂණය…අපරාධ සිදුකළ අයට එරෙහිව තරාතිරම නොතකා නීතිය ක්‍රියාත්මක කරන බවට මහත් වූ බලාපොරොත්තු ඇති කරමින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද හදුන්වාදෙමින් ස්වාධින කොමිෂන් සභා පිහිටුවා ගත්තා පමණක් නොව 2015 අගෝස්තු 17 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කථානායකවරයා මගින් අර්ථ නිරූපණය කරගනිමින් ජාතික ආණ්ඩුවක්ද පිහිටුවා ගනිමින් ඇමති ධූර සංඛ්‍යාවද වැඩි කර ගනු ලැබීය.

ඒ සමගම පසුගිය ආණ්ඩුව සමයේ වැරදි කළ අයට එරෙහිව පෙර නොවූ විරූ අයුරින් නඩු පැවරීමද දක්නට ලැබුණි. රූපවාහිණි මගින් නිතර පෙන්වන ලද්දේ පසුගිය රජය සමයේ දූෂණ, අක්‍රමිකතා සිදුකළ අයFCID…අධිකරණය… බන්ධනාගාරය… බන්ධනාගාර රෝහල වෙත යන අයුරුය.

පසුගිය සමයේ වනජීවී දෙපාර්තමේන්තුවේ හීලෑ අලි ඇතුන් සම්බන්ධ ලියාපදිංචි ලේඛණය කූඨ ලෙස වෙනස් කර වංචනික ලෙස අලි ඇතුන් සදහා බලපත්‍ර නිකුත් සම්බන්ධයෙන් සහ වනාන්තර වලින් නීතිවිරෝධි ලෙස අලි පැටවුන් අල්ලාගෙන විශාල මුදලකට සමාජයේ ප්‍රභූන් වෙත විකිණීම සම්බන්ධ ක්‍රියාවලිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කළ අතර ඒසමගම2009 අංක 22 වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා (සංශෝධන) පනතේ විධිවිධාන උල්ලංඝණය කිරීම සම්බන්ධව කොළඹ මහේස්ත්‍රත් අධිකරණයේ අංක බී/23074/01/15 නඩුව පවරනු ලැබීය. ඒ සමගම දිවයිනේ තවත් අධිකරණවලද නඩු පවැරීම දක්නට ලැබිණ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු අතිරේක මහේස්ත්‍රාත්වරයෙකු වූ තිළිණ ගමගේට එරෙහිවද නඩු පවරනු ලැබූ අතර එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ විචිත්‍රධර්ම කථික පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් නීති විරෝධීව අලි පැටවකු සන්තනයේ තබා ගැනීම සම්බන්ධව බන්ධනාගාර ගත කිරීමද සිදු විය.

ඒ අතර කොළඹ මහේස්ත්‍රත් අධිකරණයේ අංක බී/23074/01/15 නඩුව නීතිවිරෝධීව සිදුකළ අලි ජාවාරම සමිබන්ධව පවරනු ලබූ ප්‍රධාන නඩුවක් විය.

මෙම නඩුවේදී අධිකරණය විසින් 2016.02.01 වැනි දින ලබා දී ඇති අධිකරණ නියෝගයක් 2016.10.31 දින දක්වා එනම් මාස 08ක් පමණ ක්‍රියාත්මක නොකර නීතිය නැවීමට නීතිපති දෙපාර්තමේන්තුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ක්‍රියාකර ඇති අකාරය පහත අධිකරණ නියෝග සහ අධීකරණයෙන් කළ ඉල්ලීම් වලින් පැහැදිලි වෙයි.

මේ අකාරයට අධිකරණ නියෝගයක් මාස 08ක්ම ක්‍රියාත්මක නොකළේ එකී අධිකරණ නියෝගය ක්‍රියාත්මක වන්නේ තමන්ගේ පාර්ශවයට එරෙහිව බව යහපාලන නීතිපති තේරුම් ගෙන සිටි නිසාද?යන ප්‍රශ්නය ජනතාව හමුවේ ඇත.

බුද්ධිමතුනි ඔබගේ හඩ අවදි කළ යුතු නිමේශයයි මේ.

ලියාපදිංචි අංක 198 ට අදාල අලියා කූඨ ලේඛන මත ලියා පදිංචි කිරීම සම්බන්ධව විමර්ශන කරන හෙයින් දැනට එහි ලියා පදිංචි අයිතිකරු භාරයේ තබා ගන්නා ලෙස 2015.04.21 දින කළ අධිකරණ නියෝගය මෙසේ ය.

low02

2015.04.21 දිනැතිව නිකුත් කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නිකුත් කළ නියෝග

උල්ලංඝණය කරමින් අකුරැස්ස, ඌරුමුත්ත වත්, මල්වත්ත දෙවිදුන්ගේ දේවාලය හි ආර්.ඩී.අමරදේව විසින් ක්‍රියා කිරීම සම්බන්ධව පරිසරවේදීන් 4 දෙනකු විසින් 2015.06.26 පොලිස්පතිතුමා වෙත පැමිණිලි කළ අතර එකී පැමිණිල්ල පහත දැක්වේ.

low03

low04

ඉහත පැමිණිල්ල සම්බන්ධව පොලිස්පති මේ දක්වා නිසි ක්‍රියාමාර්ග ගෙන නැත.

ඒ අතර  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ 01 හි ස්ථානාධිපති කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට 2016.0201 දින අපරාධ නඩු විධාන  විධාන සංග්‍රහ පනතේ 115 වගන්තිය යටතේ වාර්තාවත් ඉදිරිපත් කරමින්  ඉහත අංක 198ට අදාල අලියා ඇතුළු තවත් අලි 13ක් කූඨ ලේඛන මත ලියා පදිංචි කිරීම සම්බන්ධව වැරදි වලට අදාල යැයි කියමින් අත් අඩංගුවට ගැනීමට අවසර ඉල්ලා සිටියේ ය. එකී වාර්තාව මෙසේ ය.

low05

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම අනුවඅධිකරණය විසින් 2016.02.01 දින නියෝගයක් ලබා දෙමින් 198ට අදාල අලියා ඇතුළු තවත් අලි 13ක්අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරන ලදී

එකී අධිකරණ නියෝගය මෙසේ ය.

low06

low07

2016.02.01 දින අධිකරණය විසින් ලබා දුන් අධිකරණ නියෝගය තමන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කළ අතර ලියා පදිංචි ගොනු අංක 198 අදාල අලියා  හැර අනෙක් අලි අත්අඩංගුවට ගත් අතර 198 අදාල අලියා අත්අඩංගුවට ගැනීම හිතාමතා ප්‍රමාද කළේය.

(සැ.යු. ලියා පදිංචි ගොනු අංක 198 අදාල අලියා අයිතිකරුයැයි කියන අය සහ යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන ධූරයක් උසුලන තැනැත්තකුගේ සම්බන්ධයක් ඇත.)

ඒ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  ලියා පදිංචි ගොනු අංක 198 අදාල අලියා ඉදිරියේදීඅත්ඩංගුවට ගන්නා බවට2016.03.30 දින අධිකරණයට කරුණු වාර්තා කළ අතර එකී වාර්තාව මෙසේ ය.(මේ ආකාරයට වාර්තා කළද 198 අදාල අලියා අත්අඩංගුවට ගැනීමක් සිදුකර නැත.)

low08අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නැවත අධිකරණය නොමග යවමින් 2016.05.18 වැනි දින වාර්තාවක් ඉදිරිපත් කරමින් 198 අදාල අලියා ඉදිරි සතිය තුළ අත්අඩංගුවට ගන්නා බවට වාර්තා කරන ලදී.

එකී වාර්තාව මෙසේ ය.

low09

low10

මේ අකාරයට 2016.02.01 දින අධිකරණය විසින් නියෝග කර තිබූ කූඨ ලේඛන මත ලියා පදිංචිකර තිබූ ගොනු අංක 198 අදාල අලියා 2016.10.31 දක්වා අත්අඩංගුවට නොගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව, 2016.10.17 දින ලියා පදිංචිකර ගොනු අංක 198 අදාල අලියා අයිතියැයි කියන අය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර විසින් තිබු SC/FR/370/16 නඩුවේ පෙත්සම මත පදනම්වෙමින් උපායශීලී ලෙස  198 අදාල අලියා අත්අඩංගුවට ගැනීම වළක්වා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබු SC/FR/370/16 නඩුව මගින් අංක 198 අදාල අලියා අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය 2016.02.01දින නිකුත් කර තිබූ නියෝගය අත්හිටුවීමක් හෝ ඉවත් කිරීමක් කර නොතිබියදීලියා පදිංචිකර ගොනු අංක 198 අදාල අලියා අයිතියැයි කියන අමරදේව මල්වත්ත සහ නීතිපතිවරයා සහයෝගයෙන් කටයුතු කරමින් සිටීම නීතියේ පාලනය අපේක්ෂා කරන ජනතාව විමතියට පත් කරවනු ඇත.

198 අදාල අලියා අයිතියැයි කියන අමරදේව මල්වත්ත සහ නීතිපතිවරයා සහයෝගයෙන් කටයුතු කරමින් කූඨ ලේඛන මත ලියා පදිංචිකර තිබූ ගොනු අංක 198 අදාල අලියා අත්අඩංගුවට ගැනීමට කොළඹ මෙහේස්ත්‍රාත් අධිකරණය විසින් 2016.02.01 දින ලබා දී තිබූ නියෝගය 2016.10.31 දින ඉවත් කරගෙන ඇති ආකාරය මෙසේය.

low11

මේ අතර 2016.02.01 දින අධිකරණය විසින් නියෝග කර තිබූ කූඨ ලේඛන මත ලියා පදිංචිකර තිබූ ගොනු අංක 198 අදාල අලියා අත්අඩංගුවට නොගැනීම සම්බන්ධව කරුණු විමසීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අංශ 01 ස්ථානාධිපතිට සහ වනජීවී අධ්‍යක්ෂකට 2016.11.04 දින පුද්ගලිකව අධිකරණයේ පෙනීසිටින ලෙසට

නොතිසි නිකුත් කර ඇත.

low12

සත්‍ය බුද්ධියෙන් විමසන්න… නීතිය කොයිබටද?

 

Top