Breaking
24 Feb 2025, Mon

“රනිල් කියන්නේ නලුවෙක් නෙවෙයි මොලයක්” කියපු ටොයියෝ කෝ!

වී අලෙවි මණ්ඩලේ සභාපති දින දෙකකට කලින් කියුවේ දැන් වී මිල දී ගෙන අවසන්ව ඇති බවයි… මගේ මතකය නිවැරදිනම් රජය වී ටොන් එක්ලශ දහදාහක් අරන් තිබෙන බවත් තවත් ටොන් දස දහසක් මිලදී ගන්නා බවත් ප්‍රකාශ කලේය….

ගොවීන් උද්ඝෝශණයට සූදානම්ය.. හේතුව අනෙක් වී තොග රුපියල් 25ට 30ට පෞද්ගලික අංශයට විකුණන්න සිදු වීම නිසාය. යහපාලකයො ජනවාරි 8ට කලින් දුන් පොරොන්දුව මාස 9ක් ගොසිනුත් ඉටු කරන්නට නොහැකි වීම ගැන ගලේ පැහැරූ බළලුන් මෙන් සිටිති. පහත තිබෙන සරල කරුනු බලන්න…Ve01

1. හිතුමතේ වී රුපියල් පණහට ගන්නවා කියා කීම…
2. රටේ වී අස්වැන්නෙන් කොටසක් පමණක් මිළදී ගැනීම..
3. ඒ තුල හාල් මිල වැඩිවීම
4. පෞද්ගලික ව්‍යාපාරිකයා වී කුණු කොල්ලෙට ලබා ගැනීම
5. පෞද්ගලික ව්‍යාපාරිකයාගේ හාල්ද අර වැඩි මිලටම විකිණීම
6. මේ කාරණය තුලින් පෞද්ගලික හාල් මෝල් හිමියා අති විශාල ලාභයක් ලැබීම.
රජයට මෙයට මුහුණ දීමට තිබූ ක්‍රමය…

1. අස්වැන්න නෙලන්න කලින් තාවකාලික ගබඩා නිර්මාණය කිරීම තුලින් රටේ සමස්ත වී තොග මිළදී ගැනීමට කටයුතු කිරීම ( මෙය ප්‍රායෝගිකය ඉතා දුශ්කරම කාර්යයකි..)

Vee022. අතිරික්ත වී තොග මෝල් හිමියාට විකිනීමේදී රජය මැදිහත් වීම. මෝල් හිමියා සහ ගොවියා එක්තැනට ගෙන රජයේ අධීක්ශණය යටතේ වී වෙළදාම සිදු කිරීම…

නමුත් මේවා කරන්න බැරි පොරොන්දු බව දැනටමත් ඔප්පු වී ඇත. ගොවීන් කිහිප දෙනෙක් ගේ වී වැඩි මිලටත් බහුතරයක් වී ගොවීන්ගේ වී අඩු මිලටත් මිලට ගැනීම තුල ගොවියා අධෛර්යමත් වීම නොවැලැක්විය හැක…

හාල් මිල පෙර ලෙසම පවතිනු ඇත…. මේ ගැන ඉතා කෙටියෙන් පැවසූ අතර, ඒ කෙටි දෙය මේ ගැටළුව තේරුම් ගැනීමට ප්‍රමාණවත් වීයැයි හඟිමි…

“එක්සත් ජාතික පක්ශ රජයක් ආවම ඔක්කොම හරියයි” කියපු අයටත්, “රනිල් කියන්නේ නලුවෙක් නෙවෙයි මොලයක්” කියපු අයටත් සිදුවෙන අපහසුතාවය ගැන සිතා මම ඔවුන්ගෙන් කිසිවක් අසන්නේ නැත.

අභීත එදිරිසිංහ – Abeetha Edirisinghe

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.