Breaking
23 Feb 2025, Sun

රනිල් බය නැතුව රට යන්න…..රටේ නැති වෙලාවට කුමන්ත්‍රණ කරලා මට පුරුදු නෑ

“අගමැතිතුමාට මම කියනවා බය නැතිව රට ගිහින් එන්න කියලා. මම ආණ්ඩු බලය ගන්නෙ මුහුණට මුහුණ සටනක් දීලා මිසක් රටේ නැති වෙලාවට කුමන්ත්‍රණ කරලා නෙමෙයි…”යනුවෙන්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති රනිල් වික්‍රමසිංහට කන හරහා පිළිතුරක් ලබාදි තිබේ.

“මම ආණ්ඩු බලය ගන්නෙ මුහුණට මුහුණ සටනක් දීලා මිසක් රටේ නැති වෙලාවට කුමන්ත්‍රණ කරලා බලය ගන්න මට ඔනේ නෑ…..”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තමන් කැමති ඕනම දෙයක් කර ගැනීමට නිදහස තියෙන මුත් තමා මේ රටේ අගමැතිවරයා බවත් තමා එළඹෙන සතියේ ස්විස්ටර්ලන්තයේ දාවෝස් නුවර සංචාරයක නිරත වන බැවින් එම කාලයේ රාජපක්ෂ මහතාට ඔය කියන ආකාර‍යේ කටයුත්තක් කරගැනීමට උත්සාහ කළ හැකි බවට අග්‍රාමාත්‍යවරයා කල ප්‍රකාශය සම්බන්ධයෙන් අපකල විමසිමකදි මහින්ද රාජපක්ෂ මහතා මේම පිළිතුර ලබාදි තිබේ.

අරලියගහ මන්දිරයේදී නව වසරේ රාජකාරි ආරම්භ කිරීමට පැමිණි කාර්ය මණ්ඩල ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.