Featured

රනිල්-මෛත්‍රී දෙකට නැවේ…ඇමරිකානු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මතයි-යොජනාව සදහා අප උපදෙස් දුන්නා TNA

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී, ඇමරිකානු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනිමට නියමිත බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරයි. ශ්‍රී ලංකා රජයත් එම යෝජනාවට සහයෝගය දක්වන බැවින්, අදාල යෝජනාව ඡන්ද විමසීමකට යොමුකිරීමට අවශ්‍යතාවයක් නොමැති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රධානින් දැනුම් දි තිබේ.

ඇමරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාව 2015.09.30 වන දින විවාදයට ගැනීමට නියමිතය අතර  එම අවස්ථාවේදී, මෙම යෝජනාවට අදාල සංශෝධනයන් ඇතැම් රටවල් විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. නමුත් ඡන්ද විමසිමක් සිදුනොවන බැවින් ඊට විරුද්ධ විමට කිසිම රටකට හැකියාව නොලැබෙනු ඇත.

ශ්‍රී ලංකා රජය මෙම යෝජනාවට එකඟවීම හේතුවෙන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී මෙම යෝජනාව ඡන්ද විමසීමකට යොමු නොකරනු ලබන අතර  ශ්‍රී ලංකා රජයට පක්‍ෂපාතී චීනය, පාකිස්ථානය, රුසියාව වැනි රටවල් එම යෝජනාවට වි‍රුද්ධ විමට ඉඩ නොලැබෙන බව අද ඉන්දිය වෙබ් මාධ්‍ය හරහා අනාවරණය කර තිබේන බව ඉන්දිය රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප වාර්තාකරු ආසෝ ඛාන් අනාවරණය කළා.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් අද විශේෂ අනාවරණයක් කර තිබේ.එනම්……

“අදාළ යෝජනාවට ශ්‍රී ලංකා රජයේ එකඟතාවයත්, දෙමළ ජාතික සන්ධානයේ සහයෝගයත් ලැබී ඇති බවත් මෙම යෝජනාව සකස් කිරීමේදී, දෙපාර්ශවයෙන්ම උපදෙස් ලබාගත්තා ඒ හේතුවෙන්, එම යෝජනාව ඉදිරිපත් කල අවස්ථාවේදීම එයට සහයෝගය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළා….ඉන් අනතුරුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම යෝජනාවට සහයෝගය ලබාදෙන බවත්, ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවත් තහවුරු කලා.”

මෙම යෝජනාව ශ්‍රී ලංකා රජයේ අවසරය ඇතුව සම්මත කරගැනීම හේතුවෙන්, ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලක් විසින් විමර්ශන පැවැත්වීම තහවුරු වී ඇත. පීඩාවට පත් දෙමළ ජනතාවට ඒ තුලින් සාධාරණයක් ඉටුවනු ඇතැයි විශ්වාස කරන බවද එම්.ඒ.සුමන්දිරන් පවසා තිබේ.

 

Top