Featured

රනිල්-මෛත්‍රී හදිසි හමුවක්,මහ බැංකු අධිපතිට බාලගිරි දෝෂය

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍ර ඉවත් කිරිමට ජනපති සිරිසේන රනිල් විරෝධීන්ගේ මැදිහත් විම මත තනී තිරණයක් ගැනිමට කටයුතු කිරිම හේතුවෙන් මේ වනවිට සම්මුතිවාදී ආණ්ඩුවේ දෙදරයාමකට ලක්ව තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මිට ප්‍රධානම හේතුව වි ඇත්තේ ජනධිපතිවරයා මුලසිටම අගමැතිවරයාට අර්ජුන් මහේන්ද්‍ර ඉවත් නොකරන වට පොරොන්දු දි අවසාන දින 2ක තුල එකවරම වෙනස් විම පිළිබඳව රනිල් පිළේ ප්‍රබලයන් අතර දැඩිලෙස කතා බහට ලක්ව ඇති අතර මෙම කුමන්ත්‍රණය පිළිබඳව අගමැතිවරයා ඊයේ ජනාධිපතිවරයා හමුවි සාකච්ඡා කල බවත් එම සාකච්ඡා වලදි අගමැතිවරයා ප්‍රමුඛ කණ්ඩායම පෙන්වා දි ඇත්තේ අර්ජුන් ගෙදර යැවිම තුලින් තමන්ට එරෙහිව කුමන්ත්‍රණ කරන කණ්ඩායම් ජයග්‍රහණයක් ලෙස අර්ථකතනය කරමින් තමන් සම්බන්ධයෙන් නරක අකාරයට ප්‍රචාරයන් දියත් කර තිබේන බවද පෙන්වා දි තිබේ.

අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වි ඇති බවත් අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් නැති අර්බුදයක් මවාපාමින් සමාජය කැලබිමට ලක්කර පක්ෂය දෙකඩ කිරිමට සජිත් පිළ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව රනිල් පිළේ ප්‍රභලයෙකු අප විශේෂ වාර්තාකරු මිට පෙර අනාවරණය කලා.(එම අනාවරණය පහලින් කියවන්න)

මේ වන විට චීනයට ගොස් සිටින රවී කරුණානායක මහතා දිවයිනට පැමිණි වහාම ඉහත සාකච්ඡාව පැවැත්වෙනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය. වත්මන් බැංකු අධිපතිගේ නිල කාලය අදින් (30) අවසන් වුවත් කෝප් කමිටු විමර්ශනය අවසන් වනතුරු යළි මහ බැංකු අධිපති ධුරයට භාර නොගැනීමට අර්ජුන් මහේන්ද්‍රන් මහතා තීරණය කර තිබේ.

මේ අතර මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ඇති චෝදනා ඔප්පු වී නැති අවස්ථාවක ඔහු එම තනතුරෙන් ඉවත් කළ නොහැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

නව මහ බැංකු අධිපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් යම් මතභේදකාරී තත්වයක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර තිබෙන බවට වාර්තා පළවෙමින් තිබෙන අවස්ථාවේදීයි අගමැතිවරයා මෙම ප්‍රකාශය සිදු කළේ.

වත්මන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය (30වැනිදා) අවසන් වීමට නියමිතයි.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ස්වාධීන රූපවාහිනි සේවයේ විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව, ස්වාධීන රූපවාහිනියත් සමඟ සාකච්ඡාවට එක් වෙමිනි.

“ඉස්සෙලම චෝදනා ගැන හොයන්න ප්‍රධාන නීතීඥවරුන් තුන් දෙනකුගේ කමිටුවක් දැම්මා, ඒ කමිටුව වැරදිකාරයා කියල කිව්වා නම් පියවර ගන්නවා, වැරදි කාරයා වුනේ නැහැ. ඒක අපි දැම්මා පොලිසියට. පොලිසිය කිව්වා නඩු දාන්න දෙයක් නැහැ කියලා. ඊලගට උසාවියට ගියා මුලික අයතිවාසිකම් නඩුව ඒක අසාර්ථක වුනා, ඉතින් එහෙම තතවයකදී අපිට එයා ඉවත් කරන්න බැහැ. ඒත් අපි කිව්වා පාර්ලිමේන්තුවෙනුත් හොයලා බලන්න කියලා. දැන් පාර්ලිමේන්තුවේ ඒ වැඩ කටයුත්ත කෝප් සභාව අරම්භ කරලා තියෙනවා”

තමන් කිසි විටකත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ආරක්‍ෂා නොකරන බවද අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය.’අපි කවුරුත් ආරක්ෂා කළේ නැහැ”දැන් එතුමා කියල තියෙනවා මාව නිදොස් කරන්න කියලා, නැත්නම් මේකේ වැඩක් නැහැ කියලා, ඉතින් අපි කවුරුත් ආරක්ෂා කළේ නැහැ, චෝදනා කළාට චෝදනා තාම ඔප්පු වෙලා නැහැ, ඔප්පු වෙනව නම් මම වැඩකටයුතු කරන්නම්’ ඔහු ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු කෝප් පරීක්ෂණයෙන් තමන් නිදහස් වන තුරු නැවත මහබැංකු අධිපතිධුරයට පත්වීමට අපේක්ෂා නොකරන බව මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මින් පෙර ප්‍රකාශ කර තිබුණි.
මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ බදුල්ලේදී ‘තවත් පැය කිහිපයකින්’ නව මහබැංකු අධිපතිවරයෙක් පත්කරන බවට ප්‍රකාශ කර දිනකට වඩා ගතවී ඇතත් තවමත් එම තනතුරට කිසිවෙකුත් පත් කර නෑ….

http://www.lankanewsweb.today/archives/11363

Top