LNN SPY

රවීගේඇමතිකමට මලික් කටුව ගහයි…. එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරය තුල යලිත් ගැටුමක්!

Published on: Sep 20, 2018 – මහා බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කරුණු විමර්ශනය කෙරුණු ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්කි ලබා දී ඇති බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රවි කරුණානායක මහතාට එරෙහිව අධිකරණය හමුවේ හදිසියේම පැවරූ නඩුවක් පැවරීමට ක්‍රියා කිරීමේ සිද්ධිය හෙතුවෙන් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරය තුල යලිත් ගැටුමක් හටගෙන තිබේ.

මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ රවී කරුණානායක මහතාට කැබිනට් අමාත්‍ය ධූරයක් යළි ලබා දෙනවාට සිය විරෝධයක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිළිව ප්‍රකාශ කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ඔහුට එරෙහිව මේ නඩුව පවරා තිබීමය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ සිය කාර්යාලයට රවී කරුණානායක මහතා කැඳවා මේ කාරණය පිළිබඳව සිය ස්ථාවරය ඔහුට දැනුම් දී තිබුණේ පසුගිය බදාදා (05) උදේ වරුවේය.

මුදල් ඇමතිවරයාව සිටියදී රවී කරුණානායක මහතා ජනතාවගේ වගේම රටේ ආර්ථිකය පැත්තෙන සිතා එම ඇමති ධූරයේ වගකීම් සහ යුතුකම් ඉටු කළ ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ප්‍රසාදය ද එහිදී පළ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ මේ දැනුම්දීම රවී කරුණානායක මහතා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට වෙත එදිනම වාර්තා කර ඇති අතර එසේ නම් ඒ බව එදින සවස පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරන්න යැයි අග්‍රාමාත්‍යවරයා රවී කරුණානායක මහතාගෙන් ඉල්ලා ඇත.

ඒ අනුව රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලය හමුවේ ඒ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර ඊට කිසිවකුත් විරුද්ධ නොවී ඒ සඳහා පූර්ණ එකඟතාවය පළ කළ නිසා ඔහුට සිය ඇමති ධූරය යළි ලබා දීමට අවශ්‍ය සියලු කටයුතු කඩිනමින්ම සම්පාදනය කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සහතික ද වී තිබේ.

එක්සත් ජාතික පක්ෂය මෙහෙය වන නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය යටතේ පවතින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රවී කරුණානායක මහතාට එරෙහිව මේ නඩුව පැවරෙන්නේ ජනාධිපතිවරයා සිය ස්ථාවරය පැහැදිළි කර හරියටම දින නවයකදී,එනම් පසු ගිය සිකුරාදා (14) ය.

නොඑසේ නම් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ වාර්තාව එළි දැක්වීමෙන් අනතුරුව, ඊට අදාළව සිදු කිරීමට නියමිතව තිබෙන බව සඳහන් කෙරුණු ඉදිරි පරීක්ෂණ සඳහා සහය ලබා දෙමින් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් ද කර රවී කරුණානායක මහතා සිය විදේශ කටයුතු අමාත්‍ය ධූරයෙන් 2017 අගෝස්තු 10 වැනිදා ඉල්ලා අස්වී හරියටම අවුරුද්දයි,මාසයකුත් දින හතරක් ගත වුණාට පසුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවතින නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය වගේම නීතිපති දෙපාර්තමේන්තුව පවතින අධිකරණ අමාත්‍යංශය ද පවතින්නේ එක්සත් ජාතික පක්ෂය යටතේය.

Top