Featured

රවීගේ,මැතිවරණ ව්‍යාපාරය කල කුඩු ලාල්ගේ පාතාලය සහ “ප්‍රින්ස් ” පාතාලය මහා පාරේ යහපාලන ගැටුමක-අයෙකු මරුට -ආමි චමින්ද පෞද්ගලික රෝහලකට!

යහපාලන මහා බැංකු කොල්ලකරු රවි කරුණානායකගේ අනුභාවයෙන් පසුගියදා  ලංකාවට පැමිණි කුඩු ලාල්ගේ පාතාල කණ්ඩාමකට  කුඩු ලාල් සමග විරුද්ධ පාතාල සමාජිකයන් වෙඩි තැබිමෙන් එක් අහිංසක කාන්තාවක් මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

මහා මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තමන්ගේ මනාප ගණන වැඩි කර ගැනිම සියලුම මැරකම් මෙහෙය විම කුඩු ලාල්ට භාරදි තිබු අතර අද දහවල්  කුඩු ලාල්ගේ කොළඹ දිස්ත්‍රික්කය භාර මැර කණ්ඩායමක් යොදවා කොටහේන ප්‍රදේශයේ මැතිවරණ ව්‍යපාරයේ යෙදි තිබේ.

පසුව කොටහේන බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණය ඉදිරිපිට ප්‍රධාන පාරේදී කළු පැහැති අංක තහඩු නොමැති හයිබ්‍රිඩ් වර්ගයේ කාර් රථයකින් පැමිණි සිව්දෙනකු එක්වරම පාර හරස්වන ලෙස නවතා ටී 56 වර්ගයේ ගිනි අවි 4කින් එළියට බැස අත් පත්‍රිකා බෙදමින් සිටි කුඩු ලාල්ගේ මැර කණ්ඩායමට වෙඩි තබා තිබේ.

කුඩු ලාල්ගේ ප්‍රධානම ගොලයා වන  ආමි චමින්ද සහ මධුෂංක මෙම රවිගේ මැතිවරණ ව්‍යපාරයේ යෙදි සිට ඇති අතර ඔහුන් දෙදෙනා ඉලක්ක කර වෙඩි තබා තිබේ.මේ වනවිට ආමි චමින්ද බරපතල ලෙස තුවාල ලබා පෞද්ගලික රොහලකට රැගෙන ගොස් තිබේන බවද අප  LNW  ඔත්තුකරු අනාවරණය කළා.(පහත ඡායාරූපයේ සිටින පුද්ගලයා පිළිබඳව ඔබ දන්නා තොරතුරු අපට එවන්න -lankanewsweb.today@gmail.com)

රවි කරුණානායක කුඩු ලාල් සමග මැතිවරණය ව්‍යාපාරය මෙහෙය විම සම්බන්ධයෙන් රවිගේ මැතක් වන තුරුම සම්බන්ධකම් පැවැත්වු “ප්‍රින්ස් ” නැමති පාතාල නායකයා සහ කණ්ඩායම රවි සමග බරපතල ලෙස උරණ වි සිටි බවයි  අප  LNW  ඔත්තුකරු සදහන් කළේ.එහි ප්‍රතිපලයක් ලෙස අද මෙම ගැටුම සිදුව තිබේ.

[box type=”warning” ]ප‍්‍රබල මත්කුඩු ව්‍යාපාරිකයෙකු වන ජාත්‍යන්තර ‍පොලීසියේ රතු නිවේදනයක් පවා නිකුත් වි තිබේන ලාල් පීරිස් හේවත් කුඩු ලාල් යහපාලන මහා බැංකු කොල්ලකරු රවි කරුණානායකගේ අනුභාවයෙන් අද දහවල් ලංකාවට පැමිණිමට නියමිත බව LNW ඔත්තුකරු අනාවරණය කර සිටි.මහා මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තමන්ගේ මනාප ගණන වැඩි කර ගැනිම සියලුම මැරකම් මෙහෙය විම කුඩු ලාල්ට භාරදි තිබේ.[/box]

සම්පූර්ණ කතාව- රවී කොළඹ සටනට මත්කුඩු ව්‍යාපාරික “කුඩු ලාල්” ගෙන්වයි

තොරතුරු රැසක් බලාපොරොත්තු වන්න  

AmiC

 

 

Top