Featured

රවීගේ පාතාලයන්ට එරෙහිව ගුවන්තොටේ විශේෂ ආරක්ෂාවක්

Exclusive:යහපාලන මහා බැංකු කොල්ලකරු රවි කරුණානායකගේ මැතිවරණ ව්‍යපාරයේ යෙදි සිටියදි උදරයේ හා දකුණු කලවා ප්‍රදේශයේ දැඩි ලෙස තුවාල ලබා පෞද්ගලික රොහලකට රැගෙන ගිය කුඩු ලාල්ගේ ප්‍රධානම ගොලයා වන “ආමි සම්පත්” පසුගියදා  ගැටුමෙන් පැය දෙකක් යනවිට අනාවරණය විමත් සමග එම රෝහලෙන් රැගෙන ගොස් සඟවා සිටි අතර පසුව සිංගප්පූරුව බලා “ආමි සම්පත්” පිටත් කර යැවිමට සුදානමක් පවතින බව ආරක්ෂක තොරතුරු අනාවරණය කරන අප විශේෂ වාර්තාකරු කල අනාවරණය අද ජාතික පුවත් පත්වල පවා පලවි තිබේ.(Exclusive:රවීගේ පාතාලයා “ආමි සම්පත්” සිංගප්පූරුවට!)

D01

ඒ අනුව ඔවුන් කොටු කර ගැනීම සඳහා දැනටමත් කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිතව රැකවල් යෙදීමට බුද්ධි අංශ පියවර ගෙන ඇත.

බ්ලුමැන්ඩල් වෙඩි තැබීමේදී පාතාල නායකයකු වන ආමි සම්පත්ගේ මාමා සහ ඔහුගේ ප්‍රධානතම ගෝලයා වූ කිචව් සම්පත්ද වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ඊයේ (02 වැනිදා) පෙරවරුවේ රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම කිචව් සම්පත් නමැත්තා කොළඹ ස්‌ටේස්‌පුර ප්‍රදේශයේ ආමි සම්පත් ගේ කුඩු ජාවාරම මෙහෙයවූ ප්‍රධාන ගෝලයා බව පොලිසිය සඳහන් කරයි.

වෙඩි වැදුණු කිචව් සම්පත්ගේ තත්ත්වය අසාධ්‍ය බවද සඳහන් වේ.

බ්ලුමැන්ඩල් සිද්ධිය වන අවස්‌ථාවේදී ආමි සම්පත් සහ බ්ලුමැන්ඩල් සංඛ නමැති පාතාල ප්‍රබලයන් සමග ඔවුන්ගේ ගෝල බාලයන් වූ බිම්සර, ගනේෂ්, කිචව්, සම්පත්, තොටළඟ කළුබෝලේ ඇතුළු පාතාල සාමාජිකයන් රැසක්‌ද රැස්‌වීම් භූමියේ සිටි බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

මෙම සිද්ධියෙන් පසු බ්ලුමැන්ඩල් නිවාස සංකීර්ණය අසල තිබියදී පොලිසිය මගින් සොයාගනු ලැබූ හයිබ්‍රිඩ් වර්ගයේ කුඩා මෝටර් රථය ආමි සම්පත් පදවාගෙන ආ රථය බවටද තොරතුරු ලැබී ඇත.

මේ වන විට ආමි සම්පත් සංඛ ඇතුළු පාතාල කල්ලිය කොටුකර ගැනීම සඳහා රහස්‌ පොලිසිය හා බුද්ධි අංශ එක්‌ව පුළුල් මෙහෙයුමක්‌ අරඹා තිබේ.

සම්පත් ඇතුළු කල්ලිය ඉලක්‌ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරය කොළඹ ප්‍රදේශයේ තවත් දේශපාලනඥයකුගේ රැකවරණයේ සිටින වෙනත් පාතාල කල්ලියක ප්‍රහාරයක්‌ බවට ද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ සිදු කරයි.

බ්ලුමැන්ඩල් වෙඩි තැබිම ඇමැතිවරයකුගෙන් ‍පොලිසියට බලපෑම්     රිවිර 3 අගෝස්තු 2015

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී අත්පත්‍රිකා බෙදමින් ගමන් ගත් පිරිසකට පාතාලයේ පිරිසක් වෙඩි තැබිම පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා තාවකාලිකව ‍පොලිස් භාරයට ගත් පුද්ගලයන් ප්‍රශ්න නොකොට මුදාහරින්නැයි ප්‍රබල ඇමැතිවරයකු ‍පොලිසියේ ඉහළ නිලධාරියකුට බලපෑම් කර ඇත.

බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ නිවසක් තුළ ආමි සම්පත් සහ බ්ලූමැන්ඩල් සංඛ යන දෙදෙනා පදිංචි වී සිටි බවට තොරතුරු ලැබි තිබූ නිසා ඔවුන් ගැන සොයා බැලීමට අදාළ පුද්ගලයන් ‍පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කර ඇත. ඒ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි ප්‍රබල අමාත්‍යවරයා ඔවුන් මුදාහරින ලෙස පවසා ඇත.

මෙම බලපෑම නොතකා ‍පොලිස් නිලධාරීන් සිය භාරයට ගත් පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කර තිබේ. සිද්ධිය වූ දිනයේ හමුවූ කළු පැහැති හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථය වෙඩික්කරුවන්ගේ නොව ආමි සම්පත් සහ සංඛ විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ අයකුගෙන් කුලියට ගත් වාහනයක් බව මේ වන විට තොරතුරු හෙළි වී තිබේ. මෙම මෝටර් රියේ තිබි ටී 56 උණ්ඩ යෙදූ පතොරම් ගැබක්ද ‍පොලිසිය සොයාගෙන ඇත.

මෙම වෙඩි තැබිම සඳහා පැතුම් නමැති පාතාල සාමාජිකයකු පැමිණ ඇති බවට මේ වන විට තොරතුරු හෙළි වී තිබේ. ඔහු දැනට බන්ධනාගාරගතව සිටින පාතාල සාමාජික දෙමටගොඩ චමින්දගේ සගයෙකි.
ගයාන් ගාල්ලගේ

Top