Featured

රවීගේ බත් බැලයන්ගේ “පච බුද්ධි අංශ වාර්තාව” පාරාවලල්ලක් වෙලා -දිස්ත්‍රික්ක 14ක බලය සන්ධානයට

2015 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ පළමු අදියර හෙට (03) ක්‍රියාත්මකවීමට නියමිතයව තිබෙන අතර එය ඉලක්කකර ජනමතය අවුල් කිරිම සදහා මෙම බොරු වාර්තා එලිදැක්විම හේතුවෙන් තවත් එක්සත් ජාතික පක්ෂයට අවාසිදායක තත්ත්වයන් උදා කර ඇති බවත් එය එක්සත් ජාතික පක්ෂය තුල සිටිමින් මහින්ද රාජපක්ෂට සහය දෙන මහින්දගේ බත් බැලයන් පිරිසකගේ වැඩක් බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන ප්‍රධාණින්  4 දෙනාගේම එකමතික මතය වි තිබේ.මෙම අවස්ථාවාදි වාර්තා හරහා තවතවත් මහින්දවාදින් මැතිවරණය ජයග්‍රහණය කරා ගෙන යාමට මහන්සි වි කටයුතු කරනු ඇති බවත් ඔහුන් පෙන්වා දි තිබේ.

මේ අතර මහ මැතිවරණය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ විසින් මෙම සතියේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබා දී ඇති සමීක්ෂණ වාර්තාවක් යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ඇම්බැට්ටයන් පිරිසක් සහ වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර්ලා යනුවෙන් ගොනාට ඇදගත් පිරිසක් නිකුත් කර එති වාර්තාව සම්පුර්ණ අසත්‍යක් බව බුද්ධි අංශ සමික්ෂණ අංශය අනාවරණය කර තිබේ.

මේ දක්වා මහා මැතිවරණයට අදාළව බුද්ධි අංශ මගින් එලිදක්වා ඇත්තේ සංෂිප්ත වාර්තාවක් පමණක් බවත් අවසන් වාර්තාව මැතිවරණයට දින කිහිපයකට කලින් ඉදිරිපත් කිරිම සමාන්‍ය සම්ප්‍රදාය බවද ඔහු අවධාරණය කළා.

මහා මැතිවරණයට අදාළව බුද්ධි අංශ මගින් එලිදක්වා ඇත්තේ සංෂිප්ත වාර්තාව

[box type=”info” ]මහා මැතිවරණය ඉලක්ක කරගනිමින් රාජ්‍ය බුද්ධි අංශ යොදාගනිමින් ගෙවුනු සතියක කාලසීමාව තුල කරනු ලැබු මැතිවරණ සමික්ෂණයේ නිළ වාර්තාව ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදි තිබෙනවා.ඒ අනුව මේ වනවිටත් මැතිවරණයේ ඡන්දය භාවිතා කිරිම සම්බන්ධයෙන් ජනතාව තින්දුව රැගෙන අවසන් බවත් පාවෙන ඡන්ද ලක්ෂ 10ක පමණ ප්‍රමාණයක් සම්බන්ධයෙන් අවසන් තින්දුවක් ගැනිම අපහසු බවද සදහන් කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට දිස්ත්‍රික්ක 14ක බලය ඉතා පහසුවෙන් තහවුරු කර ගන්නා බවත් එම දිස්ත්‍රික්ක අතර කුරුණෑගල,ගම්පහ,හම්බන්තොට,මාතර,කළුතර,ගාල්ල,රත්නපුර,මොණරාගල,අනුරාධපුර,පොළොන්නරුව,දිගාමඩුල්ල,පුත්තලම,ත්‍රිකුණාමල, තිබෙන බවත් කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය නිශ්චිතවම පැවසිය නොහැකි බවද එම වාර්තා පෙන්වා දි තිබේ.

කෑගල්ල,බදුල්ල,මහනුවර,නුවරඑළිය,මාතලේ, යන දිස්ත්‍රික්කවල ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂය සතුවන බවද එම වාර්තා පෙන්වා දි තිබේ. මිට අමතරව කුරුණෑගල,මොණරාගල,පොළොන්නරුව,අනුරාධපුර,ගම්පහ,හම්බන්තොට,මාතර, අයන් දිස්ත්‍රික්ක වල සන්ධානය ඉතා විශාල ඡන්ද සංඛ්‍යාවකින් ජයගන්නා බවද එම වාර්තා අනාවරණය කර තිබේ. ,මඩකලපු,වන්නි,යාපනය දිස්ත්‍රික් වල ජයග්‍රහණය ද්‍රවිධ ජාතික සන්ධානය හිමිකර ගැනිමට හැකියාව තිබුනද ඔහුන් බලාපොරොත්තු වන් මන්ත්‍රිවරුන් සංඛාවක් ලබා ගැනිමට නොහැකි වනු ඇති බවත් ඊට ප්‍රධානම හේතුව වනුයේ හිටපු LTTE සමාජිකයන් මැතිවරණයට තරග වැදිම නිසා බවද එම වාර්තා පෙන්වා දි තිබේ.[/box]

අප එය හෙළිදරවු කල පුවත –දිස්ත්‍රික්ක 14ක බලය සන්ධානයට-අලියා කපෝති

කොහොම උනත් එම පච ප්‍රවෘත්තිය හරහාද එජාප ඇම්බැට්ටයන් එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා සන්ධානය අතර දිස්ත්‍රීක් මට්ටමින් තියුණු තරඟයක් පවතින බවද පිළිගෙන තිබේ.

බොරුවේ තරම හෙලිවන්නේ “කෙසේ නමුත් මෙම සමීක්ෂණ වාර්තාවන් හි පොදු වශයෙන් දක්වා ඇත්තේ ප‍්‍රධාන පක්ෂ දෙකටම ආසන 113 ඉක්මවා යා නොහැකි බවය.” එ අනුවද මෙම වාර්තාව විපක්ෂයේ මඩ ජුන්ටාවේ අතේ රොලක් බව ඔප්පු වේ.

මෙහි එති නියම බොරුව වන්නේ එක්සත් ජාතික පක්ෂ නායකයාගේ සුරතලා ව සිටින ඩීල් කුමාර හෙවත්  UNP බත් බැලයා වන අනුර කුමාරට ආසන 14-15 අතර ගණනක් ලැබේන බව පැවසිමයි.මන්ද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය තුල පසුගියදා සිදුවු සාකච්ඡාවේදි අනාවරණය වු අකාරයට ආසන 4ක් ඉක්මවා යැම පවා අසීරු බව ඔහුන් විසින්ම පිළිගෙන තිබුනි.එය පසුගිය මැතිවරණ කාලසිමාවේ රැස්විම් වලින්ද හොදින්ම දක්නට තිබු කාරණයකි.

පසුගියදා රවී කරුණානායකගේ මැර කණ්ඩායම් අතර ඇතිවු ගැටුමෙන් පසුව කූජිත වු රවීගේ  මුර බල්ල්ලන් තමන්ට අත්වන් පරාජය හමුවේ මෙම අසත්‍ය වාර්තා නිර්මාණය කරමින් පලකිරිමට කටයුතු කර තිබේ.

 

Top