මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ සම්බන්ධිකරණ ලේකම්වරීය ලෙස පෙනී සිටිමින් රවිගේ මුල්‍ය මාෆියා කටයුතු මෙහෙයවන නවුකි නැමැත්තිය සහ රවිගේ මනී ලොන්ඩරින් කටයුතු කරන නවුකිගේ පියා වන හිරාන් විචක්ෂණ ඇතුලු 5 දෙනෙකු හදිසියේම රටින් අතුරුදහන් වි ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.
මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ මුල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් සහ රේගු පනත සංශෝධනය කිරිම හරහා නවුකි ඇතුලු කල්ලිය රටේ මුල්‍ය වංචා රැසකට අර අදින බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සවිස්තරාත්මක වාර්තාවක් ලැබිමත් සමග මෙම පිරිස රටින් පන්නා ඇති බව අනාවරනය වි තිබේ.
හිරාන් විචක්ෂණ ලෙස හදුන්වන අදාළ පුද්ගලයා රවී මුදල් ඇමති විමෙන් පසුව ඔහුගේ කළු සල්ලී සුදු කිරිම සදහා කටයුතු කරන රවිගේ විශ්වාසවන්තම පුද්ගලයෙකු වන අතර ඔහුට කෝට්ටේ නාග විහාරය ආසන්නයේ වාහන අලෙවි සැලක්ද තිබේන බව අනාවරණය වි තිබේ.
මිට අමතරව හිරාන් විචක්ෂණ ඉන්දියාවට හොරෙන් කාරුන්කා යවලා මාට්ටු වු අයෙකු වු අතර යහපාලනය ආ විගසම මෝටර් රථයක් ගැනිමට හීන බලමින් සිටි 62 දෙලක්ෂයේ හීනයටත් කෙලීය යහපාලනය දැන් ත්‍රිවීලර් වෙනුවට හදුන්වාදිමට යන හැප්පුන ගමන් චොප්ප වෙන ඉන්දිය කුඩා ප්‍රමාණයේ අමතුම මාදිලියේ මොටර් රථය අනායනය කිරිම සදහා වු බලය මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ සම්බන්ධිකරණ ලේකම්වරීය ලෙස කටයුතු කරන අයෙකුගේ පියාට ලබාදිමට කටයුතු කර තිබුන.
බම්බලපිටියේ ප්‍රසිද්ධ බාලිකා පාසලක් ආසන්නයේ පවත්වාගෙන යන ‘Red Star’ නැමති කැසිනෝ ශාලාව නීති විරෝධීව පවත්වාගෙන යන්නේද හිරාන් විචක්ෂණ විසිනි.
හිරාන් විචක්ෂණගේ ඉන්දියානු ජාතිකයෝ දෙදෙනෙක් ඉන්දියානු රේගුව මගින් අත්අඩංගුවටත් ගත් අතර අධිකරණ නියෝග මත රැදවුම් භාරයේ තියාගෙන ප්‍රශ්න කරමින් සිටින අතර ඔහුන්ගෙන්ලැබුන තොරතුරු මත මේ වන විට හිරාන් විචක්ෂණ ශ්‍රී ලංකා රේගුව විසින් ප්‍රශ්න කරන්න පසුගිය කාලසිමාවේ සොයමින් සිටි නමුත් රවිගේ බලපෑම මත ඔහුන් සියලුම දෙනාට නීතියට හසු නොවී සිටිමට හැකිවි තිබේ.
http://www.lankanewsweb.today/archives/13195
http://www.lankanewsweb.today/archives/10957