Breaking
23 Feb 2025, Sun

රවී අත්සන් කල මුදල් ගිනිතබයි!

ශ්‍රී-ලංකාවේ වලංගු මුදල් නෝට්ටු වල නිල අත්සන් තැබිය යුත්තේ මුදල් අමාත්‍යවරයාද නැතහොත් මහ බැංකුව අයත්වන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය භාර අමාත්‍යවරයා ද යන්න පිලිබඳ නෛතික ගැටළුවක් පැනනැඟී ඇතැයි වාර්ථා වේ.

මෙම ගැටළුවට හේතු වී ඇත්තේ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් තීන්දු කරන නව ගැසට් නිවේදනය අනුව ශ්‍රී-ලංකා මහ බැංකුව අයත්වන්නේ රවී කරුණානායක යටතේ පවතින මුදල් අමාත්‍යංශයට නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය වීමයි.

5000_LNWරටක මුදල් කාසි සහ නෝට්ටු නිකුත් කරන්නේ ඒ රටේමුදල් සංචිත පවත්වා ගන්නා ප්‍රධාන බැංකුව විසිනි. ශ්‍රී-ලංකාවේ ෙමම බලය පවතින්නේ මහ බැංකුවටයි. ලෝකයේ අන් සියළුම රටවල පාහේ එකී බැංකුව පවතින්නේ රටේ මුදල් භාර ඇමැතිවරයා හෝ මූල්‍ය ආණ්ඩුකාරයා හෝ මුදල් ලේකම්වරයා ආදී විවිධ තනතුරු නාම වලින් හැඳින්වෙන නමුත් මුදල් පිලිබඳ ව්‍යවස්ථාදායකයට වගකියන පුද්ගලයකු යටතේ ය.

ඒ අනුව මුදල් නෝට්ටු වලට අත්සන් තබන්නේ රටේ මුදල් සංචිත පවත්වා ගන්නා බැංකුවේ ප්‍රධානියා සහ මුදල් පිලිබඳ ව්‍යවස්ථාදායකයට වග කියන පුද්ගලයා විසිනි. විශේෂ තැන්හිදී පමණක් එක් අයෙකුගේ අත්සන පමණක් තැබෙන අවස්ථාද නැත්තේ නොවේ.

ලංකාවේ මෙතෙක් කාලයක් මුදල් නෝට්ටු නිකුත් කරන මහ බැංකුව අයත් වූයේ මුදල් අමාත්‍යවරයා යටතේ බැවින් මහ බැංකුවේ ප්‍රධානී වන මහ බැංකු අධිපති සහ මුදල් අමාත්‍යවරයා මුදල් නෝට්ටු වල අත්සන් තැබුනු නමුත් වර්ථමානයේ මහ බැංකුව අයත් වන්නේ අගමැතිවරයාට ය. මහ බැංකු අධිපතිගේ අත්සන ගැන ගැටලුවක් නැත. ගැටළුව ඇත්තේ අනෙක් අත්සන පිලිබඳවය. රටේ මුදල් පිලිබඳව පාර්ලිමේන්තුවට වගකියන්නේ මුදල් අමාත්‍යවරයාය. නමුත් තමන්ගේ වගකීමක් නැති ආයතනයකින් නිකුත් කරන නෝට්ටුවකට මුදල් අමාත්‍යවරයාට අත්සන් තැබිය හැකිද..? අත්සන් කළද එම නෝට්ටුව වලංගුද? යන්න මේ අනුව ගැටළුවක්ව පවතී.

The Ceylon

SLR

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.