Breaking
23 Jan 2025, Thu

රවී වතු ජනතාව බිල්ලට අරන් සජිත් සටන අරඹයි-ආමි සම්පත්, බ්ලූමෙන්ඩල් සංඛ, කෙසෙල්වත්තේ ධනේෂ් සහ වනාතේ බිම්සර සෙට් එකම ඇවිත්

රවී කරුණානායක වතුකරයේ පාතාලය පතුරවමින් ජනතාව බිල්ලට ගැනිමට කටයුතු කිරිම තමන් මහත් අප්‍රසාදයෙන් යුතුව හෙලාදකින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජීත් ප්‍රේමදාස ඊයේ සිය පාක්ෂිකයන් හමුවකදි පවසා තිබේ. එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමේ කොන්ත්‍රාත්තුව භාරගෙන සිටින රවී එතුලු පක්ෂයේ කණ්ඩායම මේ වනවිට පක්ෂය මුලුමනින්ම විනාශයට පත්කිරිමට කටයුතු කරමින් සිටින බවටද චොදනා කර තිබේ.

තමන්ගේ පියා කොළඹ වතු ජනතාව සංවර්ධනය කිරිමට කටයුතු කල බවත් අද ඒ ජනතාවගේ කදුළු sපාතාලය අමග මිශ්‍රකර ජනතාව බිල්ලට දි මනාප ලබාගැනිමට කටයුතු කිරිමට එරෙහිව පක්ෂය තුල සටනක් ආරම්භ කිරිමට සුදානම් බවද සජිත් පවසා තිබේ.

ඊයේ වෙඩි තැබිම වන අවස්ථාව වනවිට  රවි කරුණානායක මහතාගේ ඡන්ද පත්‍රිකා බෙදාහැරිමේ අවස්ථාවට කොළඹ පාතාලයේ නම ගිය අපරාධකරුවන් වන ආමි සම්පත්, බ්ලූමෙන්ඩල් සංඛ, කෙසෙල්වත්තේ ධනේෂ් සහ වනාතේ බිම්සර නමැත්තන් සහභාගි වී සිටි බව ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස්‌ බුද්ධි නිලධාරින්ට බුද්ධි අංශයට වාර්තාකර තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.