Breaking
23 Feb 2025, Sun

රාජපක්ෂගෙන් කෑ ආප්පවලට හපන් සිරිසේන පොහොට්ටුවෙන් ඉල්ලන් කන කෑම!…. සාටකයේ එල්ලී දෙව්ලොව යෑමට බල්ටි දයාසිරි,දුමින්ද යක්ෂයාගේ හොරාවේ.. සිරිසේන කල්ලියට අල්ලුපු අත්තත් පය ගහපු අත්තත් නැත

Published on: Mar 6, 2020- මේ දිනවල දේශපාලන කරළියේ රඟදෙන අලුත්ම බජව්ව නම් මෛත්‍රීපාල සිරිසේන ඉතිහාසයේ කුණු කූඩයට යැවීමේ රාජපක්ෂවරුන්ගේ ගායනය යි. සිරිසේන පමණක් නොව සිරිසේන පසුපසින් රාජපක්ෂ සාටකයේ එල්ලී දෙව්ලොව යෑමට බල්ටි ගැසූ දයාසිරි ජයසේකරලාත් දුමින්ද දිසානායකලාත් දැන් මුහුණ දෙන්නේ යක්ෂයාගේ හොරාවට ය. සිරිසේන කල්ලියේ කිසිවකුට ජන්දය නොදෙන ලෙස රාජපක්ෂගේ දස මහා යෝධයින් දැන් අවි අමෝරා ගෙන සිටිති. මෙම ප්‍රහාරයේ පෙරමුණ විමල් වීරවංස සහ ප්‍රසන්න රණතුංග මෙහෙයවයි. සැම දිසාවකම ඔවුන්ගේ සෙන්පතිවරු සටනට එලඹ සිටිති.

මෙම ප්‍රහාරයන් හමුවේ සිරිසේන තනි වී ඇත ඔහු වෙනුවෙන් කටක් ඇර කතා කරන්නට රාජපක්ෂ වළව්වේ වළං හෝදන්නට ගිය කිසිම ශ්‍රීලනිප මංත්‍රීවරයකු ඉදිරියට ඇවිත් නැත. ඒ හැම දෙසාම දැන් සිරිසේනට සළකන්නේ වාතයක් ලෙස මිස ආභරණයක් ලෙස නොවේ. රාජපක්ෂවරුන්ගේ සැළැස්ම එළමෙණ මහා මැතිවරණයේ දී නිමල් සිරිපාලලා එස්බී දිසානායකලා දේශපාලනයෙන් ඉවත් කිරීම බව දැන් හොදටම පැහැදිළිය. දැන් සිරිසේන කල්ලියට අල්ලුපු අත්තත් පය ගහපු අත්තත් නැත.

පහත පළවන්නේ වීරවංශවාදී වෙබ් අඩවියෙන් සිරිසේනට සහ ඔහුගේ ගෝලයින්ට නොමිලයේ ම දෙන කෑම ය.

“තමන් ඇතුළු පිරිස විසින් සාදාගන්නා ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කූඩුවෙන් ඉවත් වී යන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දෙන බව එම පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් නායක රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

“හිටපු ජනාධිපතිවරයාට ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කූඩුවේ කැමති බිත්තරයක් දමා ගන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

“හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් බරපතල ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතුව ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

සිතාමතා මෙම නාශය වෙන්න ඉඩ හැරීම හේතුවෙන් සමූහ සමූහ මිනිස් ඝාතනයක් සිදු වීමට ඉඩ හැර නිකම් බලා සිටීමේ චෝදනාවෙන් ඔවුන්ට ගැලවෙන්නට නොහැකි බවද ඔහු කියා සිටියේය. පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව වෙත ප්‍රකාශ සාක්ෂි ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේය.

“පසුගිය ආණ්ඩු සමයේදී ඇතැම් අය උකුස්සන් වීමට උත්සාහ කිරීම නිසා පීඩාවට පත්වූයේ ජනතාව බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. පැවති එම ආණ්ඩුවේ ජනාධිපති අගමැතිට පක්‍ෂ නොවුන බවත් අගමැති ජනාධිපති පක්ෂ නොවූ බවත් අගමැතිවරයා කියා සිටියේය.

ඒ හේතුවෙන් රටට සේවයක් වුණේ නැතැයිද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගලදී පැවති වැඩසටහනක් අමතමිනි.

“ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපායැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලයි. දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ ලගදී කියලා තිබුණා ඔහු උකුස්සා වගේ දියකාවගේ කටේ තියෙන මාළුවා ඩැහැගන්න දක්ෂයි කියලා. 2015 දීත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ ජඩ වැඩේ කළා. මේ මැතිවරණය ජයග්‍රහණය කරලත් ඒ අය ඒ සෙල්ලමම දාන්න උත්සාහ කරනවාදැ‘යි අපිට සැකයක් තියෙනවා. අපි කිසිසේත් ඒකට ඉඩ තියන්නේ නෑ. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ පොහොට්ටුවෙන් තරග කරත් මෙවර මහා මැතිවරණයේ දී මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා.

“හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මැතිවරණයට ඉල්ලීමට අවස්ථාව ලබා නොදිය යුතු බව එම පක්ෂයේ කිහිප දෙනෙකුම දැනටමත් ඉල්ලීම් කර ඇත. හිටපු ජනාධිපතිවරයා විසින් මෑතකදී සිදුකරන ලද උකුසු කතාවෙන් ඇඟවෙන්නේ නිසි මොහොත ලැබුණු කළ බලය පෙරළා දැමීමට සූදානම් බව යැයි ද ඔවුන්ගේ අදහස වී තිබේ.

“රොෂාන් රණසිංහ, ෂෙහාන් සේමසිංහ හිටපු ඇමතිවරුන් ප්‍රසිද්ධියේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විරෝධතාව පළ කර ඇත. එමෙන්ම තවත්එම පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනෙකුම මෛත්‍රීපාල සිරිසේන මහතාට නාමයෝජනා ලබා නොදිය යුතු බවට දැනටමත් දැනුම් දී තිබේ.”

~~ජනසිරි දිසානායක විසිනි. ~~

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.