Breaking
24 Feb 2025, Mon

රාජපක්ෂලාගේ ඉන්දිය රහසිගත සාකච්ඡා ගැන බුද්ධි අංශ වාර්තාවෙන් ආණ්ඩුව අවුලක….ගෝඨා ඇල්ලිම පසුපස රහස මෙන්න

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙයට සති දෙකකට පෙර සිදු කළ ඉන්දියානු සංචාරය පිළිබඳ රහසිගත තොරතුරු රැසක් හෙළි වීමෙන් මෙරට බුද්ධි අංශ කැළඹීමට පත්ව සිටින බවට තොරතුරු අනාවරණය වේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හදිසියේම අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුම දියත් විමට ආසන්නතම හේතුව වි ඇත්තේ රාජපක්ෂල ඉන්දියාව් සමග ඇති කරගෙන තිබේන සමීප සබඳතාවයක් බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරනවා.මහින්ද,ගෝඨාභය ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සමග ඇතිකරගෙන තිබේන මෙම සමීප සබඳතාවය පිළිබඳව බුද්ධි අංශ අගමැති රනිල් වික්‍රමසිංහට අනාවරණය කර තිබේන අතර ඔහුද ඒ සම්බන්ධයෙන් දැඩි කැළඹීමකට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මහ ඇමති දේවේන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගේ නිල නිවසේ දී මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉන්දියානු ආරක්ෂක ඇමතිනී, නිර්මලා සීතාරාම් හමු වී අතිශය රහසිගත සාකච්ඡා පවත්වන ලද බව හෙළි වේ. පසුගිය මැයි මාසයේ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මෙරටට පැමිණි අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ගොස් මෝදි හමු වී රහසිගත සාකච්ඡා පැවැත්වීමෙන් මාස පහකට පසුව ඉන්දියානු ආරක්ෂක ඇමතිවරිය හමු වී රහසිගත සාකච්ඡා පැවැත්වීම සුවිශේෂී වී ඇත.

ඉන්දියානු ආරක්ෂක ඇමතිවරිය සමඟ පැවැත් වූ රහසිගත සාකච්ඡා පිළිබඳව තොරතුරු කිසිවක් හෝ හෙළි වී නැත. එම සංචාරයේදී මහින්ද රාජපක්ෂ ‘ටාජ්’ සහ මහාරාෂ්ට්‍ර ‘ක්‍රවුන්’ යන හෝටල්වල නැවතී සිට ඇති අතර, ඒ සියලු ස්ථානවලදී සුවිශේෂී ආරක්ෂාවක් සලසා තිබේ. ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව විසින් මහින්ද රාජපක්ෂට ‘බ්ලැක් කැට්’ නම් සුවිශේෂී ප්‍රභූ ආරක්ෂක ඒකකයේ භටයන් සහිතව ආරක්ෂක රථ 18ක් සහ ගිලන් රථ දෙකක් ද සමඟ සුවිශේෂී ආරක්ෂක බළකායක් යොදවා ආරක්ෂාව සැලසීමට කි්‍රයා කර ඇත.

මහින්ද මෙම සාකච්ඡා පවත්වා යළි පැමිණි පසු මෙරට ඉන්දියා මහ කොමසාරිස්වරයාගේ නිල නිවසට දෙමළ මාධ්‍ය ප්‍රධානීන් කැඳවා කිසියම් සාකච්ඡාවක නිරත වූ බවද හෙළි වේ. ඉන්දියා අගමැති මෝදි මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගොඩනැගීම සම්බන්ධ ක්‍රියාවලිය ඉතා සංවේදීව අධ්‍යයනය කරමින් සිටින බව මාධ්‍ය ප්‍රධානීන්ට මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත.

පසුගිය මැයි මස මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ දෙදෙනා ඉන්දියා අගමැතිවරයා සමඟ රහසිගත සාකච්ඡා පැවැත්වීමෙන් පසුව හම්බන්තොට වරාය සහ එම කලාපය චීන ආයෝජකයන්ට දීම පිළිබඳව බලවත් විරෝධයක් දැක්වීය. එහෙත්, මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට දීමේ ආණ්ඩුවේ සූදානම සහ ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියා ඔයිල් සමාගමට පවරා දීම සම්බන්ධයෙන් මේ දක්වා රාජපක්ෂ පිල සෘජුව එවැනි කිසිදු විරෝධයක් පළ කර නැති වීම විශේෂ තත්ත්වයක්ය.

ඇමෙරිකාව ‘ආසියාවට හැරීම’ යන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් සිටින අතර ඉන්දියාව එහි ප්‍රබලතම හවුල්කරු කරගෙන සිටියි. මහින්ද ඉන්දියාව සමඟ අතිශය රහසිගත සාකච්ඡා පවත්වන්නේ මෙවැනි පසුබිමක් තුළ අනාගත දේශපාලන ඉලක්ක සහිතවය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලිස්පතිවරයා හරහා වාර්තාවක් කැදවා ඇති බවද වාර්තා වේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.