එන්ටෙබේ හි අප්‍රිකානු රන් පිරිපහදුව විවෘත කිරීමෙන් පසු උගන්ඩාවේ රත්රන් අපනයනය ඉහළ යමින් පවතීන බවට උගන්ඩාව ජනාධිපති මුසවේනි කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තරව අවධානය යොමුව තිබේ. ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය කාලයක් තිස්සේ උගන්ඩාව කරගෙන ආ රත්තරං ජාවාරම තවත් පියවරක් ඉදිරියට රැගෙන එමක් බව තහවුරුය.
උගන්ඩාව නිවේදනය කර ඇත්තේ තමන් සතුව රන් ලෝපස් ටොන් මිලියන 31 ක නිධියක් ඇති කර ඇති අතර නිස්සාරණය කළ හැකි පිරිසිදු රත්රන් දළ වශයෙන් ටොන් 320,000 ක් ලෙස ගණන් බලා ඇති බවයි.
ජනාධිපති මුසවේනි ඔහුගේ ජාතියේ දේශනයෙන් සොයාගැනීම පිළිබඳ ප්‍රවෘත්තිය ප්‍රකාශ කළ නමුත් නිශ්චිත ආදායම් හෝ සංඛ්‍යාත්මකව අගයන් එහිදි ප්‍රකාශ වුයේ නෑ. සාමාන්‍යයෙන් ඩොලර් ට්‍රිලියන 12 කට වඩා වැඩි මුදලක් රටට ලැබෙනු ඇති බවයි ඔහු එහිදී සදහන් කළේ.එම ප්‍රකාශය හරහාම ඔහුගේ කුප්‍රකට ජාවාරම අනාවරණය වි තිබේ.
උගන්ඩාවේ රන්
නිල වාර්තාවලට අනුව එන්ටෙබේ හි අප්‍රිකානු රන් පිරිපහදුව විවෘත කිරීමෙන් පසු උගන්ඩාවේ රත්රන් අපනයනය ඉහළ යමින් පවතී.උගන්ඩාව මධ්‍යම ආදායම් තත්ත්වයට පැමිණ ඇති බව මුසවේනි පවසයි.
නිදසුනක් වශයෙන්, 2019 සහ 2020 දී රට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඩොලර් බිලියන 1.9 ක්, දකුණු කොරියාවට ඩොලර් බිලියන 1.4 ක් සහ හොංකොං වෙත ඩොලර් මිලියන 28.7 ක් වටිනා රත්රන් අපනයනය කර ඇත.උගන්ඩාව කැබිනට් වාර්තාවට අනුව, ලෝකයේ 18 වැනි විශාලතම රන් ආනයනකරු බවට පත් කරමින්, ඩොලර් බිලියන 2කට ආසන්න රත්රන් ආනයනය කර තිබේ.
නීතිවිරෝධී රත්රන් ප්‍රභවයන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය මාර්තු මාසයේදී අනාවරණයක කල අතර මුදල් විශුද්ධිකරණය වැනි මූල්‍ය අපරාධ ඵලදායි ලෙස වැළැක්විය හැකි පියවරයන් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම නිසා උගන්ඩාවේ මූල්‍ය කර්මාන්තය ජාත්‍යන්තර පද්ධති විසින් අසාදු ලේඛනගත කිරීමේ අවදානමක් ද මතුවුනා.
මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මූල්‍යකරණයට එරෙහිව ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා G7 රටවල මුලපිරීම මත ගෝලීය අන්තර් රාජ්‍ය සංවිධානයක් වන මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (FATF Financial Action Task Force) දැනුම් දිම මත සිදුකිරිමට නියමිතයි.මේ වනවිටත් උගන්ඩාව ‘අළු ලැයිස්තුවට’ ඇතුළත් කර ඇති අතර එය FATF මූල්‍ය පද්ධතිවල ආරක්ෂාව හෝ අවදානම් මට්ටම සම්බන්ධයෙන් රටවල ක්‍රියාකාරිත්වය පෙන්නුම් කරන ලැයිස්තුවකි.මුදල් විශුද්ධිකරණයට සහ ත්රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි ක්‍රියාමාර්ග සෑහීමකට පත් නොවන සහ වැඩිදියුණු කිරීමට අවශ්‍ය රටවල් අළු ලැයිස්තුවක දක්වයි.
2018 දී මුදල් අමාත්‍යාංශය, මූල්‍ය බුද්ධි අධිකාරිය (FIA) සහ සමහර රාජ්‍ය නොවන සංවිධාන විසින් සිදු කරන ලද උගන්ඩාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුල්‍යකරණය කිරීමේ අවදානම් තක්සේරු වාර්තාව FATF විසින් ප්‍රතික්ෂේප කිරීම උගන්ඩාවේ මූල්‍ය අංශය අසාදු ලේඛනගත කිරීමට යුරෝපා සංගමය පදනම වි තිබේ.
“අළු ලැයිස්තුව” -“grey list”
මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදී මූල්‍යකරණය සහ ප්‍රගුණනය සඳහා මූල්‍යකරණයට ප්‍රතිරෝධය දැක්වීම සඳහා ඔවුන්ගේ පාලන තන්ත්රයේ ඇති උපායමාර්ගික ඌනතා ආමන්ත්‍රණය කිරීම සඳහා වැඩි අධීක්ෂණය යටතේ පවතින අධිකරණ බල ප්‍රදේශ FATF සමඟ ක්‍රියාකාරීව කටයුතු කරයි. FATF අධිකාරී බලයක් වැඩි අධීක්ෂණයක් යටතේ තබන විට, එයින් අදහස් වන්නේ එකඟ වූ කාල රාමු තුළ හඳුනාගත් උපායමාර්ගික අඩුපාඩු කඩිනමින් විසඳීමට රට කැපවී ඇති අතර වැඩි අධීක්ෂණයකට යටත් වන බවයි. මෙම ලැයිස්තුව බොහෝ විට බාහිරව ‘අළු ලැයිස්තුව’ ලෙස හැඳින්වේ.
උගන්ඩාවේ රත්තරං කතාව වෙනම එකකි. හොර රහසේ රටට ගෙන රත්තරං හොර සහතික මඟින් උගන්ඩාවේ දී පිරිපහදු කර ජාත්‍යන්තර වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඉඩ සැලසේ.
උගන්ඩාවේ රත්තරං ගැන ඇත්ත කතාව …
2019 නොවැම්බර් සහ 2020 දෙසැම්බර් අතර රත්රන් අපනයනය ඩොලර් බිලියන 1.7ක් වන අතර එහි මුළු අපනයනයෙන් සියයට 44ක් වූ රත්‍රං අපනයනය සමඟ මෑත වසරවල උගන්ඩාවේ වැදගත්ම භාණ්ඩය බවට පත්වීමට වටිනා ලෝහය කෝපි අභිබවා ගොස් තිබේ. නමුත් නැගෙනහිර අප්‍රිකානු ජාතියම සම්පත්වලින් පොහොසත් නොවේ.
ඊට හේතුව වන්නේ මෙම රත්රන් වලින් වැඩි ප්‍රමාණයක් පැමිණෙන්නේ විවිධ රටවල් වලින් විමයි.පසුව එවා සිය රන් පතල් වලින් ලැබෙන ඒවා බවට හොර සහතික නිකුත් කරන අතර රාජ්‍ය ආදායමට එයින් එකතු වන්නෙ සියයට 10කටත් අඩු ප්රමාණයකි. රන් විකුණන ක්‍රියාවලිය ඔස්සේ උගන්ඩා ජනාධිපතිවරයාගේ සිය ජාවාරම්කරුවන් දක්වා සියයට 30කට ආසන්න මුදලක් බෙදී යන අතර ඉතිරි සියයට 60ක ප්‍රමාණය රන් හිමිකරුට ලැබේ.
එය තහවුරු වන්නේ උගන්ඩාවේ මහ බැංකුව 2019 දී ඇස්තමේන්තු කර ඇත්තේ උගන්ඩාවෙන් පිටතට ගලා එන රත්රන් වලින් ඇත්ත වශයෙන්ම රට තුළ කැණීම් කර ඇත්තේ සියයට 10 ක් පමණ විම හේතුවෙනි.
2017 දී නිල වශයෙන් අප්‍රිකානු රන් පිරිපහදුව පිහිටුවීමෙන් පසු උගන්ඩාවේ රන් වෙළඳාමේ වේගය ඉහළ ගිය අතර ඒ පසුපස ඇති ව්‍යාජය ගනුදෙනු සැකසිම සදහා බෙල්ජීම් ජාතික Alain Goetz,African Gold Refinery හෙවත් AGR පිහිටුවිමට කටයුතු කල අතර එය එන්ටෙබේ හි වික්ටෝරියා විල වෙරළ තීරයේ පිහිටුවන ලදී. පසුව Alain Goetz සහ උගන්ඩාවේ ව්‍යාපාරික බාර්නබස් ටරෙම්වා (Barnabas Taremwa) අතර සබඳතාවය සැදු අතර ඔහු Ugandan ජනාධිපති යොවේරි මුසවේනි(Yoweri Museveni)ගේ සහෝදරයා සහ උපදේශකයා වූ සලීම් සාලේගේ මස්සිනාද වේ.
AGR සමග ඇතිකරගත් ගිවිසුමේ නියමයන් යටතේ, උගන්ඩාවේ රන් වෙළඳාමේ පස් අවුරුදු ඒකාධිකාරයක් සහ අවම වශයෙන් වසර 10 ක අපනයන බදු නිදහස් කිරීමක් ලැබුණු අතර එය එවකට එරට මාධ්‍ය පවා තහවුරු කර තිබුනා.ගිවිසුමත් සමග උගන්ඩාව දශකයකට පෙර රත්තරන් අපනයනය කළාට වඩා 50 ගුණයකින් පමණ රත්රන් අපනයනය කිරිම ආරම්භ කරන ලදී.
ඒ හරහා ලෝවපුරා රන් උගන්ඩාවට රහසේ ගෙන එන අතර එවා අදාළ පතල් වලින් ලැබෙන බවට ව්යාජ්ය සහතික නිර්මාණය කරන අතර පසුව එවා ජාත්‍යන්තර වෙළඳ පොලේ විකුණනු ලබයි.ජාත්‍යන්තර වෙළඳපොලේ රන් මිල ඉහල යාමත් සමග හොර රහසේ රත්රන් ගෙනයාමට ඇති ආශාව තවත් වැඩි වි තිබේ.
කොංගෝවට එරෙහිව සම්බාධක බලාත්මක කිරීම අධීක්ෂණය කරන එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලය (U.N. Panel of Experts monitoring sanctions enforcement against Congo) විසින් පසුගිය වසරේ නිකුත් කරන ලද වාර්තාවකින් හෙළි වූයේ රටින් රත්තරං රහසිගතව “කලාපීය පිරිපහදු සහ අනෙකුත් ජාත්‍යන්තර ගමනාන්ත වෙත” ගෙන යන බවයි.එය එය එම මණ්ඩලය තහවුරු කර තිබේ.
රන් උණු කළ පසු ලුහුබැඳීමට නොහැකි, ගැටුම් කලාපවල නීතිවිරෝධී රත්රන් පහසුවෙන් නීත්‍යානුකූලව ලබාගත් ලෝහ සමඟ මිශ්‍ර කළ හැකිය. “රත්රන් සොයා ගැනීමේ දුෂ්කරතාවය පාරදෘශ්‍යභාවය තහවුරු කිරීමේ ප්‍රධාන බාධාවකි” යනුවෙන් (Gold at the Global Initiative Against Transnational Organized Crime) ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධවලට එරෙහි ගෝලීය මුලපිරීමේ රන් පිළිබඳව අවධානය යොමු කරන විශ්ලේෂකයෙකු වන මාර්සිනා හන්ටර් (Marcena Hunter) අනාවරණය කර තිබේ.උගන්ඩාවේ සිට රත්රන් බොහෝ විට ප්‍රථමයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පියාසර කරන අතර එතැන් සිට ලොව පුරා වෙලඳපොලවල් වෙත ගෙන යනු ලැබේ.
උගන්ඩාවේ මූල්‍ය බුද්ධි අධිකාරිය ද රත්‍රං වෙළඳාම නිරීක්ෂණය කිරීමට උපකාර කරන නමුත් ජාවාරම් ජාලයන් පාලනය කිරීමට බොහෝ දේ කිරීමට නොහැකි වී තිබේ.ඊට හේතුව වි ඇත්තේ උගන්ඩාවේ ජනාධිපතිවරයාගේ සaජු මැදිහත් විමහේතුවෙනි.
රන් සහ රාජපක්ෂලා ….
ආන්දෝලනයට තුඩු දී තිබෙන 2021 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් උගන්ඩාව වෙත සිදුකර තිබෙන ගුවන් ගමන ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේ එය උගන්ඩා මුදල් නෝට්ටු ටොන් 100 ක් ප්‍රවාහනය කිරිමක් බවයි. නමුත් එහි සත්‍යතාව මේ දක්වා රාජ්‍යතාන්ත්‍රිකව තහවුරු කර නෑ.
එම ගුවන් භාණ්ඩ තොගය පිළිබඳ තොරතුරු ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ප්‍රමිතීන්ට අනුව සැකසූ කොන්ත්‍රාත් වගකිම් අනුව හෙළිදරව් කළ නොහැකි බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කර සිටියා.
2018 වසරේ newscentral.africa වෙබ් අඩවියේ සදහන් කළේ බැංකු නෝට්ටු, විදේශ ගමන් බලපත්‍ර සහ චෙක්පත් වැනි තමන්ගේම ආරක්ෂක ලියකියවිලි දේශීයව මුද්‍රණය කිරීම ආරම්භ කිරීම සඳහා උගන්ඩාව ජර්මානු සමාගමක් සමඟ ගිවිසුමක් අත්සන් කර තිබේන බවයි. උගන්ඩා රජය සහ Veridos Identity Solutions සමූහය අතර ගිවිසුම අත්සන් කිරීම ජනාධිපති Museveni විසින් එන්ටෙබේ රාජ්‍ය මන්දිරයේ සිදුකර ඇති අතර ඒ අනුව මුදල් ලංකාවේ මුද්‍රණය කිරිමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව තහවුරුය.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ පවුලම උගන්ඩාව සමග සමිප ලෙස ගනුදෙනු කල අතර එය තහවුරු වන කරුණු රැසක්ද අනාවරණය වි අවසන්.ඒ හේතුවෙන් මහින්ද සහ ඔහුගේ පවුලේ සමීපතමයන් උගන්ඩාව සමග පවත්වන සමීප සබඳතාවයන් හේතුවෙන් ජනතාව තුල මෙන්ම දේශපාලන පක්ෂ තුලද මෙම ගුවන් ගමන් මෙන්ම රැගෙන ගිය දැ සම්බන්ධයෙන් සැක මතුව තිබේ.මහින්ද රාජපක්ෂ පෞද්ගලික ජෙට් යානයකින් වන්දනා ගමනක් යැමත් එය උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට අග්‍රාමාත්‍යවරයාට ඉන්දියාව බලා යාමට රත්මලාන ගුවන් තොටුපළ වෙත පැමිණිමත් එම සැකයන් තීව්ර කිරිමට සමත් වුනා.
1986 සිට 2021 දක්වා උගන්ඩාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 1.5 ක් පමණ වූ නමුත් 2021 දී එම අගය ඩොලර් බිලියන 4.4 ඉක්මවා ගිය අතර එම අරුම පුදුම විදේශ සංචීත ඉහල යැම මුළු ලෝකයේම කතාබහට ලක්වු එකකි.
ජාත්‍යන්තර ඔත්තු සේවා අනාවරණය!
ජාත්‍යන්තර ඔත්තු සේවා අනාවරණය කරන අකාරයට ආසියානු රටවල් කිහිපයකම කුප්‍රකට රාජ්‍ය නායකයන් උගන්ඩාවේ රන් ජාවාරම සමග බද්ධ වි සිටින අතර ඔහුන් තමන්ගේ රටෙන් හොරකම් කරන ලද රත්තරං උගන්ඩාව හරහා පිරිපහදු කර එහි වටිනාකමින් සියයට 60ක ප්‍රමාණයක් විවිධ කලු සල්ලි ජාවාරම් කරුවන් හරහා ඔහුන්ගේ ගිණුම් වලට එකතු කර ගෙන තිබේ.
LTTE සංවිධානය සතුව තිබී ආරක්ෂක හමුදා විසින් අත් අඩංගුවට ගෙන රජයට බාර දුන් රත්තරං ටොන් දහසකට ආසන්න ප්‍රමාණයෙන් ටොන් 617ක් හොර පාරේ විකිණීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල වෙත එල්ල වී ඇති බරපතල චෝදනාව පිළිබඳව සාක්ෂී රැසක් අප පසුගියදා අනාවරණය කර තිබුනා.