Breaking
22 Feb 2025, Sat

රාජපක්ෂලා බේරගන්න සජිත් ඉදිරියට! ජනපතිකම ගන්න හතර වටේ යයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත් විමත් සමග ජනාධිපති ධුරය තමන්ට ලබා ගැනිම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහෙයුම්ක් දියත් කරන තිබේන බව LNN දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ඒ සදහා සජිත් උදව් ඉල්ලා ඇත්තේ රාජපක්ෂලාගේ කුප්‍රකට ඩිල් කරුවෙකු මෙන්ම සජිත්ගේ නිවාස සංකීර්ණයේම රැදී සිටින ටිරාන් අලස්ගෙන් බවයි ඔහු අනාවරණය කළේ.

ඒ අනුව ටිරාන් මේ සම්බන්ධයෙන් මහින්ද,බැසිල් ඇතුලු රාජපක්ෂ සමග සාකච්ඡා කර තිබේන බවද අනාවරණය වි තිබේ. මිට අමතරව මෛත්‍රීපාල සිරිසේනද හමුවි ඇති සජිත් තමන්ට සහය ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

කෙසේවෙතත් ජනාධිපති ධුරය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නමද යෝජනා වී තිබෙන බවත් ඔහුද තමන්ගෙන් සහය ඉල්ලා ඇති බවත් මෛත්‍රී සදහන් කර තිබේ. ඩලස් අලහප්පෙරුම ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඔහුට සහාය ලබාගැනීමේ උත්සාහයක් ද මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින බවද ඔහු සදහන් කර තිබේ.එවන් තත්ත්වයක් උදාවුවහොත් අගමැතිකම සහ ජනපති කම දෙදෙනා අතර බෙදා ගැනිම සදහා එකඟතාවයක් ඇති කරගත යුතු බවටද එහිදි සාකච්ඡාවි තිබේ.

රටේ ජනතාව තුල මේ වනවිට හටගෙන තිබේන රාජපක්ෂ මෙන්ම බහුතර මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් වන විරෝධය හමුවේ රාජපක්ෂලා සහ ඔහුන්ගේ සමීපතම කණ්ඩායම් වලට එල්ල වන විරෝධය යම් ප්‍රමාණයකට යාමනය කර ගැනිම සදහා කල් ගැනිම මෙම සජිත් පත්කර ගැනිම අරමුණ වි ඇති බවයි LNN දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ. පවතින තත්ත්වය හමුවෙ ධලස්ගේ පත්විමටද රාජපක්ෂලා අකමැත්ත පලකර තිබේන අතර ඊට ආසන්නතම හේතුව වි ඇත්තේ අගමැති අර්බුදය මතුවු කාලය තුල ඩලස්ගේ හැසිරිමයි.

මේ අතර මේ අතර ,නව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් ද කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේ දී අද (11) පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපතිව ගෝඨාභය රාජපක්ෂ අනිද්දා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව කතානායකවරයාට මේ වන විටත් ලිඛිතව දැනුම් දී ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහද ඉවත් විමට සුදානමින් සිටි.අනතුරුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස කතානායකවරයා පත් වන අතර,මේ සතියේ හෝ ලබන සතියේ දී පාර්ලිමේන්තුව රැස්වී නව ජනාධිපතිවරයා පත් කර ගැනීමට නියමිත ව ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.