Political

රාජපක්ෂලා යන්නේ සිංහල බෞද්ධ විරෝධි ගමනක්! නව ජාතික සන්ධානයක් වෙනුවෙන් මහා සංඝරත්නය පෙළ ගැසෙයි… රටේ ආණ්ඩුව හැදුවේ Bron agin chistan කල්ලියක්!

Published on: Feb 15, 2020- ගෝඨාභය රාජපක්ෂ,ඇතුලු රාජපක්ෂ කදවුරේ සිංහල බෞද්ධ විරෝධි  ගමන් මගට එරෙහිව මහා සංඝරත්නය පෙරටු කොටගත් නව ජාතික සන්ධානයක් බිහිකිරිම සදහා මෙ වනවිට සාකච්ඡා ආරම්භ වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

පසුගිය වසර කිහිපයක්ම රටේ සිංහල බෞද්ධ ජනතාව,රණවිරුවන් වෙනුවෙන් ලාභ ප්‍රයෝජන නොතකා කටයුතු කල පිරිසක් මේ සදහා පෙරමුණ ගෙන කටයුතු කරන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.එහි පලමු වටයේ සාකච්ඡාවක් ඊයේ කොළඹ ප්‍රසිද්ධ විහාරස්ථානයක පවත්වා ඇති අතර පසුගිය වසර 5ක කාලය තුල සිංහල බෞද්ධ බේදයකින් තොරව රටේ දුෂණයට,වංචාවට,හොරකමට එරෙහිව සටන් කල පාර්ශවයන් ගණනවක් එම අවස්ථාවට එක්ව තිබේන බවයි අප වාර්තාකරු සදහන්  කළේ.

පසුගිය වසරක 5ක පමණ කාලයක් රටේ ඇතිවෙමින් තිබු යහපත් දේශපාලන සංස්කෘතියට පහරදිම සදහා රාජපක්ෂලා භාවිතා කල ප්‍රබලම අවිය භික්ෂුව වන අතර ඇතැම් නිවැරදි නොවන දේවල් වෙනුවෙන් උන්වහන්සේලා පෙනී සිටියද රාජපක්ෂලාගේ දේශපාලන අතකොලු විමට ඇතැම් භික්ෂූන් අකමැත්ත පලකිරිමත් සමග “රස්තියාදු චිවරධාරින්” පිරිසක් නිර්මාණයට කිරිමට රාජපක්ෂලා කටයුතු කල බව සද්ධාතිස්සගේ සිට බේගල් කන්දේ සුදත්ත දක්වා බොදු දහම හැල්ලුවට ලක්කර පිරිස් හරහා මනාව පැහැදිලි බවයි එම අවස්ථාවට එක්වු මහා සංඝරත්නය අවධාරණය කර ඇත්තේ.

2019 නොවැම්බර් 16 වෙනිදා මැතිවරණයෙන් රටේ ආණ්ඩුව හැදුවේ Bron agin chistan කල්ලිය බව දැන ගන්නා විට මහා සංඝරත්නය මෙන්ම රටේ ජනතාව ප්‍රමාද වි ඇති බවද මහා සංඝරත්නය අවධාරණය කර තිබේ.

අමෙරිකානු බත් බැලයන් බවට පත්ව සිටින පාලකයන් මේ වනවිට සුළු ජාතින්ගේ උවමනාවන් ඉක්මනිම් ඉටුකිරිමට සමත්ව තිබේන අතර සිංහල බෞද්ධ ජනතාව,රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටි ඒ වෙනුවෙන් තවමත් අරගල කරන බෞද්ධ භික්ෂුන් කපාදැමිමට කටයුතු කරන බවද එහිදි සාකච්ඡාවට ලක්ව තිබේ.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…


Loading…


Top