Featured

රාජ්‍ය තන්ත‍්‍රයම කඩා වැටීමේ අවධානමක

පසුගිය 24 දින FCID මගින් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට පැමිණෙන ලෙස දන්වා රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් විලී ගමගේ මහතා හා ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති දිසානායක යන මහත්වරුන් අත්අඩංගුවට ගත්තේය. මේ සඳහා හේතු වී තිබුනේ ගම්පහ ඔරුතොට පිහිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලය ලෙස භාවිතා කළ ඞී.ඒ. රාජපක්ෂ පදනමට මිලදී ගත් ඉඩම සම්බන්ධවයි. විලී ගමගේ මහතා ඞී.ඒ. රාජපක්ෂ පදනමේ සභාපතිවරයාය. දිසානායක මහතා එහි භාණ්ඩාගාරිකවරයාය. ඉඩම අයිතිකරුට නීත්‍යානුකූලව මුදල් ලබා දී ඉඩම පවරාගෙන තිබේ. එම පෞද්ගලික ඉඩම නීත්‍යානුකූලව රාජපක්ෂ පදනමට පවරාගෙන තිබියදී එම මුදල් ලැබුනේ කෙසේද යන්න පිළිබඳව ප‍්‍රශ්න කරමින් එම මුදල් බැසිල් රාජපක්ෂ මහතා විසින් දුන්නේ ද යන්න පිළිබඳව කියා සිටීමට බල කරමින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙහි දී මූල්‍යය අපරාධ කොට්ඨාසයේ අභිප‍්‍රාය වී ඇත්තේ මෙම දේපල පරිහරණය කරන ලද බැසිල් රාජපක්ෂ මහතා මෙයට ඈදාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමයි. බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය නිසා පසුගියදා පැවැත්වූ කිරුළපන මැයි රැළිය අති සාර්ථක වී තිබූ අතර ඔහුගේ දේශපාලනය ආණ්ඩුවේ ඉහළ තැන්වලට හිසරදයක් වී තිබේ. මේ නිසා ත්‍ක්‍ෂෘයට ඉහළ තැනින් අණ ලැබී ඇත්තේ කෙසේ හෝ බැසිල්ව මාස කිහිපයකට හිර කර දමා පලාත් පාලන ඡුන්දය පැවැත්වීමයි. පසුගිය දිනකදී මාතර දී ද ඔහු දීර්ඝ සිරගත කිරීමකට උත්සාහ ගත්ත ද එහි විනිසුරුවරියගේ ස්වාධීනත්වය හේතුවෙන් නැවත වතාවක් ආණ්ඩුවේ උත්සාහය ව්‍යර්ථ වී තිබිණි. මේ වතාවේ ද විලී ගමගේ මහතා හරහා ඔහු භාවිතා කරමින් බැසිල් රාජපක්ෂ මහතා සිරගත කිරීමට ආණ්ඩුව උත්සාහ ගෙන තිබිණි. ආණ්ඩුව මේ වන විට අධිකරණ පද්ධතියට නින්දිත ලෙස අතපොවමින් සිටින අතර එයට විරුද්ධව බොහෝ විනිසුරුවරුන් නැගී සිටිමින් සිටින බව මෑතකදී දෙනු ලැබූ තීන්දුවලින් දක්නට ලැබේ.

මේ ආකාරයෙන් ඉතා පිරිසිදු චරිතයක් වන විලී ගමගේ වැනි රාජ්‍ය නිලධාරීන් නැවත වතාවක් අත්අඩංගුවට ගැනීම රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ හා ලේකම්වරුන්ගේ හැසිරීම වැඩි වී ඇති අතර ඔවුන් මේ වන විට රජයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම සඳහා බියක් දක්වනු ලබයි. එම හේතුවෙන් මේ වන විට රාජ්‍ය තන්ත‍්‍රයම කඩා වැටීමේ අවධානමකට ලක්වී තිබේ.

Top