Featured

රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානින් රෑ වෙනකම් අරක්කු බොමින් ඇවිදිනවා

රාජ්‍ය මාධ්‍ය කිහිපයක සභාපති ඇතුලු ඉහල පෙලේ තනතුරු රැසක් වහාම ඉවත් කිරිමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේ.පසුගියදා පැවැති කැබිනට් රැස්වීමෙන් පසුව ජනාධිපතිවරයා මෙම නියෝගය කර ඇති අතර මාධ්‍ය හැසිරවිම සම්බන්ධයෙන් ශ්‍රිලනිපයේ මෛත්‍රී පිළ සහ එජාප කණ්ඩායම අතර මේ වනවිට ශිතල යුද්ධයක්ද හටගෙන තිබේ.මෛත්‍රීපාල සිරිසේන ජනමාධ්‍ය ආයතන හැසිරිම සම්බන්ධයෙන් විවේචන කිරිම ආරම්භ කිරිමත් සමග මෛත්‍රී පිළද මාධ්‍ය හැසිරිවිම සම්බන්ධයෙන් දැඩිව විවේචනය කර තිබේ.

ආණ්ඩුවේ ගමන් මග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ දී ජනමාධ්‍ය අමාත්‍යාංශය තම වැඩ කොටස නිසි ලෙස ඉටු නොකරන බවත් ඇතැම් මාධ්‍ය ආයතන ප්‍රධානින් රෑ වෙනකම් තැන තැන් අරක්කු බොමින් ඇවිදින බවද ජනාධිපතිවරයා නොරූස්නා මුහුණින් යුතුව අගමැතිවරයා දෙසට හැරෙමින් පවසා තිබේ.ඒ සමගම අගමැතිවරයා ඊට නව වැඩ පිලිවෙලක් සැලසුම් කිරිමට තමන් කටයුතු කරමින් සිටින බව පවසමින් තමන් විසින් පත්කර ගත් මාධ්‍ය මොඩ ගොබිලන් සහ ගයනත ඇමතිවරයා  බේරා ගැනීමට කටයුතු කර තිබේ.

පසුගියදා තානාපතිවරුන් පොලොන්නරුවේ සංචාරයකට යද්දී ඔවුනට ප්‍රදර්ශනය කිරීම සඳහා ආණ්ඩුව පසුගිය වසරක කාලයේදී කළ කී දෑ සම්බන්ධයෙන් විනාඩි 15 ක වාර්තා වීඩියෝවක් නිපදවා දෙන්නැයි ජනාධිපති වරයා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට කල නියෝගය තබ සතයකට මායිම් නොකිරිම හේතුවෙන් සිරිසේනට මල පැන තිබේ.

පසුව් ජනාධිපති සිරිසේන සහ ශ්‍රිලනීප මෛත්‍රීපිළ අතර් පැවති වෙනම සාකච්ඡාවකදී රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානින් පත්විම සහ ඔහුන්ගේ කල් ක්‍රියාවන් පිළිබඳව දැඩිව විවේචනාත්මකව අදහස් හුවමාරු වි ඇති අතර මාධ්‍ය ආයතන් මෙහෙයවිම පිළිබදව ජනාධිපතිවරයාට එවා තිබු විශාල ලිපි ප්‍රමාණයක්ද එහිදි සාකච්ඡාවට ගෙන තිබේ.

 

Top