Featured

රාජිතගෙන් සෙල්ලං පිස්තෝල මල්ලිට කොන්ත්‍රාත්තුවක්

“ලේලිය වෙදකමට ,රෝගින් මරු කටට ,රාජිතලාගේ යහපාලනය මෙකද ” යනුවෙන් නිදහස් සෞඛ්‍යය අයිතින් සුරකිමේ ජනතා ව්‍යාපාරය විසින් පසුගියදා සේනාරත්න් පවුලේ ගස් ගෙවලයන්ගේ වංචනීක කටයුතු හෙලිකරමින් රටපුරා අලවා තිබු පොස්ටර් වාහම ඉවත් කිරිමට සෙල්ලං පිස්තෝල මල්ලි හෙවත් හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු “ටීම් එරාජ් ” නැමති මැර කල්ලිය කොන්ත්‍රාත්තුවක් බාරදී ඇති බවත් ඒ අනුවඅදාළ සියලුම පොස්ටර් මේ වනවිටත් ඉවත්කර දමා ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

පසුගිය කාලයේ වැඩිපුරම කතාබහට ලක්වු එරාජ් නම් වූ සෙල්ලම් පිස්තෝල නගරාධිපති මේ දිනවල රාජිත සේනාරත්තගේ නිවසේ සුවයෙන් සිටින බවත් ඔහුගේ කල්ලිය මෙහෙයවමින් මෙම පොස්ටර් සියල්ලම ඉවත් කිරිමට කටයුතු කර තිබේන බවද අප වාර්තාකරු අනාවරණය කළා.

නීති විරෝධීව හා රටේ සෞඛ්‍ය අණපනත්වලට පටහැනිව පවත්වාගෙන යන මාලබේ වෛද්‍ය උපාධි කඩයේ පිරිසකට පුහුණුව සඳහා එක් පුද්ගලයකුට රු. 50,000/- ක ගෙවීම් මුදලක් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා අවිස්සාවේල්ල මූලික රෝහල ලබාගෙන ඇති අතර එම විකිණීම හරහා රෝහලේ රෝගීන්ද එහි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද රෝහලේ මානව හා භෞතික සම්පත් සියල්ල ආණ්ඩුව මාලබේ වෛද්‍ය උපාධි කඩයට විකුණා ඇති බව පවසමින් නිදහස් සෞඛ්‍යය අයිතින් සුරකිමේ ජනතා ව්‍යාපාරය මෙම පොස්ටර් ව්‍යාපාරය දියත් කර තිබුනා.

POSTER_LNW_RS

Top