Breaking
24 Feb 2025, Mon

රාජිතගේ මාධ්‍ය ලේකම් කුක්කා කලබල වෙලා-පිළිතුරු දිමේ අයිතිය

රාජිතගේ සැත්කම ඉදිරි පැය 24 තුල-රාජිත දෛවයට ඉඩ දෙයි යනුවෙන්අ ද උදැසන අප කල අනාවරණය හේතුවෙන් සිංගප්පුරුවේ මවුන්ට්‌ එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න ඇතුලු පවුලේ සමාජිකයන් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.

“සිංගප්පුරුවේ මවුන්ට්‌ එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට සැත්කමක් කිරිමට අවශ්‍ය බවත් ඒ සදහා දින 90ක කාලයක් ලබාදි ඇති බවත් අප පසුගියදා අනාවරණය කළා. නමුත් ඉදිරියේදි සිදුවන ග්‍රහ මාරුවිම් හරහා රාජිතට මාරාන්තික තත්ත්වයන් උදා විමට ඉඩ ඇති බවට ජ්‍යොතිෂවේදින් කරන ලද අනාවරණයන්ට අනුව වහාම එම සැත්කම ඉදිරි පැය 24 තුලදි සිදුකිරිමට සේනාරත්න පවුල තිරණය කර තිබේ.”

“ඒ අනුව අදාළ බයිපාස් සැත්කම කිරිමෙන් පසුව මාස දෙකක පමණ කාලයක් මහන්සින් නොවි සිටිමට වෛද්‍යවරුන් උපදෙස් ලබාදි ඇති බවත් සැත්කම අවසන් වනතෙක් එහි ප්‍රථිපල සම්බන්ධයෙන් අනාවැකි කිමට හැකියාවක් නොමැති බවයි සෞඛ්‍ය ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක අප විශේෂ වාර්තාකරුට පවසා ඇත්තේ.”

යනුවෙන් අප කල අනාවරණයට වේගවත් පිළිතුරක් ලබාදිමට කටයුතු කර ඇති සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් හෙවත් රාජිතගේ ගම් බට්ටා වන නිපුන් ඒකනායක නමැත්තා සදහන් කර ඇත්තේ “මා කිසි විටක ඔබ වෙබ් අඩවියට හෝ වෙනත් මාධ්‍යක් වෙත නිවේදනයකින් තොරව විශේෂ ප‍්‍රකාශ සිදුකර නොමැති බව කරුණාවෙන් දැනුම් දීමට කැමැත්තෙමි. කරුණාකර මෙය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිමි.” යනුවෙනි.නමුත් අප අනාවරණය කල කරුණු කිසිවක් අසත්‍ය බව එම නිවේදන හරහා දැනුම් දි නැත.

සමහරවිට ඇත්ත වසන් කිරිමට ගන්නා උත්සහයන් නිසා අකුරු කියවා ගැනිමටද ලේකම්ලාට නොහැකි වන බව අප හොදින්ම දනී.මන්ද අප ඉතා පැහැදිලිව සදහන් කර ඇත්තේ ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක අප විශේෂ වාර්තාකරුට පැවසු බවයි.අපගේ විශේෂ වාර්තාකරු කවුරුන්ද යන්න සොයා ගැනිම නිපුන්ට එතරම් පහසු නොවන අතර සැත්කම සාර්ථකව අවසන් වුවහොත් රාජිතටනම් සොයා ගැනිමට හැකියාව තිබේ.අනුන්ගේ දුරකතන කතාබහ පටිගත කර ප්‍රසිද්ධ කිරිමට තරම් පහත් ගති ලක්ෂණ තවමත් අප සතුව නොමැති බවද මේ නිවේදන නිකුත් කරන්නන් දැන සිටිම ඇගට ගුණය.

පිළිතුරු දිමේ අයිතියට ඔනෑවටත් වඩා ගරු කරන Lankanewsweb.today අපි නිපුන් ඒකනායක  එවු නිවේදනය පහත දක්වා තිබේන බවද දන්වා සිටිමු.

අවසාන වශයෙන් මාධ්‍යවේදී ජනිත් විපුලගුණ තබා ඇති සටහනක් රාජිත අහ ඔහුගේ ඇම්බැට්ටයන් වෙනුවෙන් මෙසේ සටහන් කරමු…..

ජහ-පාලනයට යටත් මාධ්‍ය සගිස්කුරිතය..

——————————————
රජයේ වියදමින් රාජිත ඇමැත්තා සිංගප්පූරු අරගෙන ගිය බවක් හෝ අසනීප වූ බවක් නොකී මාධ්‍ය දැන් කියනවා….
“..රාජිතට බරපතල නෑ….
…රාජිතට කරදරයක් නෑ..
…රාජිතට දැන්ම් සැත්කම් ඕනි නෑ….“
—-
රාජිතට බරපතල නෑ.. රුධිර නාල හිර වී නෑ.. සැක්කම හදිසි නෑ.. – මාධ්‍ය ලේකම්
———–
මාර මාධ්‍ය නේහ්……?..!..?

RAJITHA

 

Chathuska Jeewanthi <chathuskajeewanthi@gmail.com> යන විද්යුත් තැපෑල හරහා එවා ඇති නිවේදනය  

Nipun_EK

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.