Breaking
24 Feb 2025, Mon

රාජිත රුපියල් මිලියන 45 කට වැඩක් දෙන්න සුදානම්! ගැබිණි මව්වරුන්ට දෙන ත්‍රීපෝෂ මල්ලටත් විදී

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මඟින් නොමිලේ ලබාදෙන ත්‍රීපෝෂ නිෂ්පාදනයේදී යොදාගනු ලබන ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන සම්පූර්ණ යොදය සහිත කිරි පිටි මෙට්‍රික් ටොන් 600 ක් රාජ්‍ය සමාගමක් වන මිල්කෝ සමාගම මඟින් රුපියල් මිලියන 486 කට මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

2018 වර්ෂයට අදාළ මිලදී ගැනීම් සඳහා මෙම අනුමැතිය හිමිව ඇති අතර මෙම ගනුදෙනුව හරහා අවම වශයෙන් රුපියල් මිලියන 45 ක මූල්‍ය වංචාවක් සිදුවීමට ඉඩ සැලසී ඇති බව මේ පිළිබඳව සැලකිලිමත් වන පිරිසගේ අදහස වී තිබේ.

දේශීය කිරි ගොවියාගේ ආර්ථීකය නඟා සිටුවීමට ලබාදිය හැකි දායකත්වය සහ අතරමැදියන්ගෙන් තොරව ඍජුවම මිල්කෝ සමාගමෙන් ලබාගත හැකිවීමේ වාසිය තකා මෙම ගනුදෙනුව සිදුකිරීමට නියමිත බව සඳහන් වුවද මිලදී ගැනීමට නියමිත කිරි පිටි ප්‍රමාණය හා යෙදවීමට නියමිත මුදල සැලකූ කල, එක් කිරිපිටි කිලෝවක් සඳහා ආසන්න වශයෙන් රුපියල් 810/- ක මිලක් නියම වී තිබේ.

වත්මන් සාමාන්‍ය වෙළඳපොළෙහි මිල්කෝ නිෂ්පාදනයක් වන හයිලන්ඩ් කිරිපිටි කිලෝවක් අලෙවි වන උපරිම සිල්ලර මිල වනුයේ රුපියල් 735/- ක් වන අතර ආයතනයෙන් තොග වශයෙන් මිලදී ගැනීමේදී එම මිලටද වඩා බෙහෙවින් අඩු මුදලකට ලබාගත හැකිව ඇතත් සාමාන්‍ය සිල්ලර මිලද ඉක්මවා එක් කිලෝවක් වෙනුවෙන් රුපියල් 75/- ක් අමතරව ගෙවීම මූල්‍ය වංචාවක් අරමුණු කරගනිමින් සිදුකරන්නක් බව තතු දත් අය පවසති.

~ඉරිදා ලංකා ~

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.