ලෝකයා

රාමසාන් සමයේදී ගාසා තීරයේ සහ සුඩානයේ සටන් විරාමයකට යොමු වන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් ඉල්ලීමක්

රාමසාන් සමයේදී ගාසා තීරයේ සහ සුඩානයේ සතුරුකම් නතර කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා ඊයේ(11) ඉල්ලා සිටියේය.

රාමසාන් මාසය ලොව පුරා සිටින මුස්ලිම්වරුන්ට සාමය, සංහිඳියාව සහ සමගිය වෙනුවෙන් පෙනී සිටින මාසය බව Guterres මහතා පැවසීය. රාමසාන් උපවාසයේ ආරම්භය නිමිත්තෙන් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

රාමසාන් මාසය පැමිණ ඇතත් ගාසා තීරයේ ඝාතන, බෝම්බ හෙලීම සහ ලේ වැගිරීම් අඛණ්ඩව පවතී. ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙසත්, මානුෂීය සහන සඳහා ඇති සියලු බාධා ඉවත් කරන ලෙසත්, රඳවාගෙන සිටින සියලු දෙනා නිදහස් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේ ය. එමෙන්ම, රාමසාන් සමයේදී සතුරුකම් නතර කරන ලෙස ඔහු නැවතත් සුඩානයේ ගැටුම් පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය.

Top