Breaking
4 Mar 2025, Tue

රෑ වැටුණු වලේ දවලුත් වැටෙමුද?

කල හැකිව තිබූ සෑම ආකාරයකම ප්‍රහාරයන් එල්ලකොට හීලෑ කිරීමට බැරිවූ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ බලවේගය දුර්වල කොට කඩා බිඳ දැමීමේ මෙහෙයුම ආරම්භවී ඇති අයුරු හරිම ආහ්ලාද ජනකය.

ඒ සඳහා ඔහු මෙවර පාවිච්චි කරන්නේ වෙනදාට වඩා ටිකක් වෙනස් ආකාරයක උපක්‍රමයක්ය.මේ උපක්‍රමය පිළිබඳ කතාන්දරය ඈත කාලයේ එක් ජනප්‍රවාදයක් හෑ බැඳී ඇත.ඒ එළුවාගේ අහවල් එක වැටෙනකන් පස්සෙන් ගිය නරියාට අත්වූ ඉරණමයි.

මේ ආකාරයට එජාපයට බැන අඬගැසීමෙන් පක්ශයක් පවා නොමැතිව ආත බූත වී සිටින ශ්‍රීලනීප පාක්ශිකයා තාවකාලික වින්ඳනයක් ලැබීමට හේතුවෙන කාරණාවකි.මෛත්‍රී පිළට පැන සිටින අය ඉදිරියේ එකතුවේ යයි විශ්වාසයක් ඇති වීමෙන් පහල සාමාජිකයා නැවතත් සිරිකොතේ දන්කුඩ කණ්ඩායම හා ආරෝවක් හදාගන්නේ නැත.ඒ මාර්ගයම පාවිච්චි කරමින් බලයද සහිත ඔවුන්ට මහින්ද පිලේ සැලකිය යුතු කොටසක් බා ගැනීමට හැකිවනු ඇති.ටික කලක් මේ ආකාරයට අතරමැද සමාදානය තුලින් රැගෙන යන නිසාම මහින්ද පිලේ ක්‍රියාකාරීත්වයද දුර්වල වන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

වේගයෙන් වර්ධනය වන ආණ්ඩු විරෝධයද තාවකාලිකව එජාපය දෙසට හරවා මේ සිදුවන කිසිදු වරදක් හෝ අඩුපාඩුවක් තමා නොදන්නා බව පෙන්වීම තුල ආණ්ඩුව තුල තමාට එතරම් පිළිගැනීමක් නැතැයි අනුකම්පාවක් ගැනීම සිරිසේනගේ තව එක් උප්පරවැට්ටියකි.කරඬුව ඔලුවේ තබාගෙන යන්නේ නෑ කියා දිවුරූ සිරිසේනට මේවා කජ්ජක් නොවේ.

අවසන මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ මහින්ද පිළ තුලම යම් කළකිරීමක් සාදවා විශාල කුට්ටියක් ඉන් කඩාගෙන නැවත රනිල්-සිරිසේන ජුන්ටාව ශක්තිමත් කරගෙන 2020 තෙක් ගමන් කලහොත් මහින්දගේ භූමිකාව වියැකී යනු ඇතැයි ඔවුන් බලාපොරොත්තුවන බව පෙනේ.

රෑ වැටුණු වලේ දවල් නොවැටී සිටීමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ශයට කොතරම් කලක් හැකිවේද ?

කැළුම් ජයසුමන

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.