Breaking
24 Jan 2025, Fri

රුපියල් දෙකෝටි දාහතර ලක්ෂයකට විද්ද සිරිසේනගේ ගමේ කොල්ලා

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති ලෙස රාජකාරි කරන සමයදී කරුණාසේන හෙට්ටිආරච්චි විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ ගිංතොට කනත්ත වත්ත නැමැති අක්කර 5.5 ක වපසරියකින් යුත් ඉඩම ජල පිරිපහදු ව්‍යාපෘතියක් සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට විකිණීම උදෙසා අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් දෙකෝටි දාහතර ලක්ෂයක් ගෙවීමට අනුමත කොට ඒ හරහා එක්කෝටි හැත්තෑපන් ලක්ෂයක් හොයපු යහපාලන ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි හෙවත් සිරිසේනගේ පයිප බාසුන්නැගේ පැටිකිරිය පහත දැක්වේ..

ජනාධිපති සිරිසේනගේ පාසලේ මිතුරා සහ ගමේ කොල්ලා වන දැනට ආරක්ෂක ලේකම් ධූරයේ කටයුතු කරන කරුණාසේන හෙට්ටිආරච්චි පසුගිය රජය සමයේ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති ලෙස වසර කිපයක් කටයුතු කල ඉංජිනේරුවරයකි.

සිරිසේනගේ හිතවත් කමට මහින්ද රාජපක්ෂ සමයේ ඉහල දේශපාලන පත්වීම් ලද මොහු 2014 වසරේ මැද භාගයදී සිදු කරන ලද නොයකුත් දුෂණ චෝදනා හේතුවෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති තනතුරෙන් නෙරපන ලදී. මෙම නෙරපීම නිසා රාජපක්ෂ රජය සමග වෛර බැද ගත් කරුණාසේන 2015 ජනාධිපති චන්දයදී තම පාසලේ මිතුරාගේ ජයග්‍රහණය වෙනුවෙන් මහන්සි විය. තමාගේ ජිවිතයට අනතුරක් වේ යන බියෙන් සහ සැකයෙන් නිතර පසුවන සිරිසේන තම කලන මිතුරා ආරක්ෂක ලේකම් ධූරයට පසුව පත් කරන ලදී.

පසුගිය රජය සමයේ ඉතාම දූෂිත ලෙස මුදල් ඉපයූ කරුණාසේන විසින් කල දුෂණ ගැන හොදින් දන්නේ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මොහු සමග රාජකාරිය කල නිලධාරින්ය.

මේ අතරින් අතටම අසුවී දැනට ගල්කිස්සේ උසාවියේ අසමින් පවතින දුෂණ නඩුවක් සම්බන්දයෙන් අප වෙත තොරතුරු ලැබී තිබේ.

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති ලෙස රාජකාරි කරන සමයදී කරුණාසේන හෙට්ටිආරච්චි විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ ගිංතොට කනත්ත වත්ත නැමැති අක්කර 5.5 ක වපසරියකින් යුත් ඉඩම ජල පිරිපහදු ව්‍යාපෘතියක් සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට විකිණීම උදෙසා අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් දෙකෝටි දාහතර ලක්ෂයක් ගෙවීමට අනුමත කොට ඇත. මෙම මුදල ඉතා ඉක්මනින් ඉඩම් හිමියාට ලබා දීමට කරුණාසේන හෙට්ටිආරච්චි බොහෝ වැර දරා ඇත.

ඉහත සදහන් ගිංතොට කනත්ත වත්ත ඉඩම ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට විකිනිම සදහා අත්තිකාර ලෙස රුපියල් දෙකෝටි දාහතර ලක්ෂයක් ලබාගෙන ඇත්තේ එම ඉඩමහි හිමිකරු ලෙස ඉදිරිපත් වූ ගාල්ල වක්වැල්ල පාරේ පදිංචි ජනක මෙන්ඩිස් කරුණාරත්න නමැති තැනැත්තාය. මෙම ඉඩම අන් සතු ඉඩමක් වන අතර ජනක මෙන්ඩිස් කරුණාරත්න විසින් හොර ඔප්පුවක් සකස් කර මෙම ඉඩම තමාගේ යන බව පෙන්වා ඇත.

රත්මලානේ පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල් රන්ජිත් බාලසුරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් හේතුවෙන් ගාල්ලේ පදිංචි ජනක මෙන්ඩිස් කරුණාරත්නව රජයේ මුදල් අවභාවිතය යන චෝදනාව මත 2014 වසරේ ඔක්තෝම්බර් මස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කරන ලදී.

2015 නොවැම්බර් මස 20 වෙනිදා ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියේ කැඳවනු ලැබූ 2292/14 දරණ නඩුවේ ජනක මෙන්ඩිස් කරුණාරත්න විත්තිකරුවකු වූ අතර නඩුකාර තුමා ඉදිරියේ මොහු විසින් ඉතා බරපතල පාපොච්ඡාරණයක් සිදු කර ඇත.

මෙම පාපොච්ඡාරණයහි සදහන්ව ඇත්තේ විත්තිකරු විසින් අත්තිකාරමක් ලෙසින් මණ්ඩලයෙන් ලබා ගත් මුදලින් රුපියල් එක්කෝටි හැත්තෑපන් ලක්ෂයක් නැවත ජලාපවාහන මණ්ඩලයේ සභාපති කරුණාසේන හෙට්ටිආරච්චිට නැවත ලබාදුන් බවය.

මේ දුෂණය ගෑවී සිටින එවකට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කල දැනට ආරක්ෂක ලේකම් ධූරය හොබ වන කරුණාසේන හෙට්ටිආරච්චි ගැන කිසිම පරීක්ෂණයක් ආරම්භ වී නොමැති අතර මහා බෝධි සත්වයකු ලෙස යහපාලන රජය යටතේ ඉහලින්ම වැජබෙමින් සිටි.

හොර ඔප්පු සාදා තමා සතු කරගත් හොර ඉඩමක් වෙනුවෙන් බොහෝ උනන්දුවෙන් අනුමත කොට රුපියල් දෙකෝටි දාහතර ලක්ෂයක් ගෙවා නැවත රුපියල් එක්කෝටි හැත්තෑපන් ලක්ෂයක් තම සාක්කුවට දමාගත් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාණනි ඔබ විසින් යහපාලනය යටතේ උපාය ගත් සහ පසුගිය රජය යටතේ උපයාගත් මුදල් ගැන පරික්ෂ කිරීම ඉදිරියේදී පත් වන රජය යටතේ සිදුවන බව කරුණාවෙන් දන්වා සිටිමු.

CID Probes NWSDB Land Deal

The Criminal Investigations Department (CID) is investigating a land deal approved by the former Chairman of the National Water Supply and Drainage Board (NWSDB) and current Defence Secretary Karunasena Hettiarachchi which involved fraudulent deeds.
The deal involved the purchase of two properties in Galle for a water treatment plant.

The investigation is being conducted based on a complaint filed by Ranjith Balasuriya with regard to the land sold to the NWSDB for Rs. 21, 450,000.The land was sold by Janaka Mendis Karunaratne using forged deeds and Hettiarachchi is alleged to have pushed for the land purchase. The Sunday Leader learns that an installment of over Rs. 20 million had been obtained from the NWSDB for the deal to be sealed.
Janaka Mendis Karunaratne has already been arrested over the deal and a case is underway at the Mount Lavinia Magistrates Court.
When contacted, Karunasena Hettiarachchi said that the incident occurred a few years back and that the board approval had been obtained to secure the deal.

He says he is not aware of any forgery in the deal and nor was he aware of an investigation being launched.
Hettiarachchi however said that he is prepared to assist the investigations.

CID Probes NWSDB Land Deal

http://www.thesundayleader.lk/2015/11/29/cid-probes-nwsdb-land-deal/

Karunasena in trouble due to Karunaratne’s confession!

ncumbent defence secretary Karunasena Hettiarachchi is in big trouble due to a confession made by one Janaka Mendis Karunaratne, the suspect in case no. 2292/14 that was taken up at the Mt. Lavinia magistrate’s court last Friday, 20th of November. Following a complaint made to the CID by the director general of the National Water Supply and Drainage Board at Ratmalana, Karunaratne was arrested in October 2014 on a charge of misuse of state money and remanded, but is now released on bail.

There is a confession made by him to the CID attached with the ‘B’ report of this case, which says an advance of Rs. 21.4 million had been paid for selling a 5.5 acre land called Kanatte Watte at Gintota in Galle district, to the NWSDB for a water purification project. It was Hettiarachchi, as the then chairman of the NWSDB, who had approved the payment.

The suspect says in the confession that out that sum, he had given Rs. 17.5 million back to Hettiarachchi.

We tried several times to reach Hettiarachchi to obtain a response, but were unsuccessful. He has sent a message to us through a friend of his that it was not him, but the NWSDB’s auditor, who should be responsible for the deal. He says it was not his responsibility to ascertain as to whether the deed of the land was authentic or not, and the audit and legal units of the NWSDB should bear the total responsibility.

If Hettiarachchi sends us a detailed response, we will publish it without harming the original article.

Karunasena in trouble due to Karunaratne’s confession!
http://lankanewsweb.net/news/special-news/item/1504-karunasena-in-trouble-due-to-karunaratne-s-confession

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.