ලෝකයා

රුපියල් බිලියනය බැගින් වූ භාණ්ඩාගාර බැඳුම්කර 10ක් දිනා ගන්න

එක්සත් ජාතික පක්ෂය දීපව්‍යාප්ත දැනුම මිනුම තරඟය

 අපේ වර්තමාන නායකතුමා හැඳින්වියහැකි මෙහි පහත හිස්තැන් සමගවන වචන සම්පූර්ණකර

රුපියල් බිලියන 10ක්  දිනාගන්න .

  1. පි_

(මුවන්පැලස්සේ එන චරිතයකි. මේ චරිතයට හඬ දෙනලද්දේ ගැමුණු විජේසූරිය විසිනි.)

  1. පි_ _ _ _රයා

(උම්මග්ග ජාතකයේ සඳහන් උදුම්බරාවගේ පළමු ස්වාමිපුරුෂයාය.)

  1. න_ _ _ කයා

(ස්ත්‍රී හෝ පුරුෂ ගණයට නොවැටෙන ලිංගයට අයත් පුද්ගලයා  මේ නමින් හැඳින්වේ.)

  1. පි_ _තා

(වැඩක නොයෙදී නිකම්  ලැබෙන ආහාරයෙන් යැපෙන අය සඳහා යෙදෙන ග්‍රාම්‍ය වචනයකි.)

  1. කො_ _වා

(අශ්වයාට ජාතකව බූරු දෙනට බිහිවන, පැටවුන් සැදීමට නොහැකි සත්වයෙකි.)

  1. ක_බ_රා

(හොරුන්ගෙත් හොරෙකු හැඳින්වීමට යෙදෙන පදයකි.)

  1. ගැ_ _යා

(නීච ගතිගුණ ඇති පුද්ගලයන් හැඳින්වීම සඳහා ඇතැම්හු මෙම නීච කුලයේ සර්පයාගේ නාමය යොදාගනිති.)

  1. ක_ _ යා

(ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති පුද්ගලයන් මෙම උරගයාගේ නමින් හැඳින්වේ.)

  1. ආ_

(ප්‍රශ්ණවලින් පලායන පුද්ගලයකු හැඳින්වීමට මෙම ලිස්සනසුළු මත්ස්‍යයාගේ නාමය යොදාගැනේ.)

  1. ප_ _

(රටට ආදරය නොකරන්නෙකු සඳහා යෙදෙන පදයකි. මේ පදයට බොහෝ සමාන ලෙස උච්චාරණය කෙරෙන නමකින් යුතු මත්ස්‍යයයකු ද වෙයි.)

මෙය සම්පූර්ණකර ලියුම් කවරයක බහා ලබන අගෝස්තු 17 වන දිනට පෙර සිරිකොත, පිටකෝට්ටේ යන ලිපිනයට එවන්න. මුද්දර ඇලවීම අනවශ්‍යයි. අගෝස්තු 18 වන දිනෙන් පසු අපේ නව නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන දිනුම් ඇදීමකින් තෝරාගන්නා නිවැරදි පිළිතුරු එවූ ජයග්‍රාහකයන් දසදෙනාට රුපියල් බිලියනය බැගින් වූ භාණ්ඩාගාර බැඳුම්කර 10ක් පිරිනැමේ.

විශේෂ ලියුම්කරු

Top