Breaking
24 Feb 2025, Mon

රුසියානු ලිංගික සේවිකාවක් සහ බ්ලැක් ලේබල් විස්කි බෝතලයට හිටපු නාවික හමුදාපතිට කඩේ යන “ආරක්ෂක වාර්තා කාරයා”!

සති අන්ත පුවත්පතක සේවය කරන, බොහෝ දෙනෙකු අතර කැටලොක් රයිටර් ලෙස ප්‍රසිද්ධ, කතාබහේදී තරමක ගොතයක් පෙන්වන අයෙකු විශාල හෙළිදරව්වක් කරමින් හිටපු නාවික හමුදාපතිවරයා වූ අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා ගැන පල්හෑල්ලක් ලියා තිබේ. අදාළ හෑල්ල සඳහා තොරතුරු ලබා දුන් මූලාශ්‍ර ගැන කිසිම සැකයක් නොමැති අතර අදාළ රචකයා මීට අවුරුදු කිහිපයකට පෙර සිදුකළ කටයුත්තක් ගැන හෙළිදරව් කිරීම මෙහිදී වැදගත් වේ. මන්ද ඔහුගේ මූලශ්‍රයට අවශ්‍යය මූලික පදනම සකස්වන්නේ එතැනදී බැවිනි.

අදාළ පුද්ගලයාට අනුව, ඔහුගේ පුවත්පත, අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා ගැන ප්‍රථමයෙන් හෙළිදරව් කළ පුවත්පත වේ. එසේම, ඔහු මීට වසර කිහිපයකට පෙර සිදු කළ කටයුත්තකින් පැහැදිලි වන්නේ, මාධ්‍යවේදියෙකු ලෙස ඔහු ලියන පල්හෑලි වල ඇති සැබෑ තත්වය සහ ඔහුට මේ අන්දමින් ඒකපාර්ශවීය ලෙස ලිවීමට සිදුවී ඇති හේතුවයි.

කතාව ඉතාම කෙටියෙන් මෙසේය;

යුධසමයේදී නාවික හමුදාපති වශයෙන් සේවය කළ අද්මිරාල්වරයාට තිබූ විශාල ප්‍රශ්නයක් වූයේ නාවික හමුදාව විසින් සිදුකළ වැදගත් මෙහෙය අදාළ පුද්ගලයා ආරක්ෂාව යැයි ලියන තීරු ලිපියේදී සෑමවිට අමතක කොට තිබීමය.

ඉන් පසු ඔහුගේ සහය ලබා ගැනීම සඳහා අදාළ නාවික හමුදාපතිවරයා කදිම උපායක් සකස් කළේය. එනම්, ඔහු ආශාවෙන් පෙලෙන යමක් ඉටුකිරීමය. එහි ප්‍රතිඵලය ලෙස, රුසියානු ජාතික ලිංගික සේවිකාවක් සහ බ්ලැක් ලේබල් වර්ගයේ විස්කි බෝතලයක් ඔහුට සපයනු ලැබීය. අදාළ කටයුත්ත සඳහා යුධසමයේ සිටි නාවික හමුදාපතිවරයා ඍජුවම සම්බන්ධ වූ අතර, ඒසඳහා අනෙකුත් අවශ්‍යය සහය ලබා දෙනු ලැබුවේ නාවික හමුදා මූලස්ථානයේ සේවය කළ නිලධාරීන් කිහිප දෙනෙකු විසිනි.

අදාළ සිදුවීමට සම්බන්ධ වීඩියෝ පට හෝ වෙනත් දෑ ඇතැමුන් සන්තකයේ තිබේදැයි අපි නොදනිමු; නමුත් අදාළ සිද්ධියෙන් පසු මෙම “ආරක්ෂක වාර්තාකරු” නාවික හමුදාව සහ අදාළ නාවික හමුදාපතිවරයා ගැන විශාල සැලකිල්ලක් දැක්වීමට පටන්ගත්තේය.

එම ගනුදෙනුව අදටත් එසේම පවතින බව ඔහු අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා, වයිස් අද්මිරාල් සුසිත් වීරසේකර වැනි නිලධාරීන් සම්බන්ධයෙන් මේ දිනවල ලියන හැලී වලින් හඳුනා ගත හැකිය.

නැවියන් සිව්දෙනෙකු අතුරුදන් වීම ගැන තප්පුලන මෙම පුද්ගලයා ඩෙල්ෆ් දූපතේදී අහිංසක නිරායුධ මිනිසුන් ( ළදරුවන් ඇතුළුව) වෙඩිතබා, කපා කොටා මරා දැමූ නාවික හමුදාවේ පුද්ගලයින් ගැන ලියන්නේ නැත. එසේම; තම රාජකාරී වගකීම් කෙරෙහි වූ නොසැලකිල්ල හේතුවෙන් දිගම්පතනේදී නැවියන් සියගණනක් මරා දැමීම සඳහා කොටි සංවිධානයට අවශ්‍යය පරිසරය සකස්කර දුන් නාවික හමුදා නිලධාරියා ගැන සඳහන් කරන්නේ නැත.

තමන්ට රුසියානු කතකගේ පහස ලබාදුන් ඒ නාවික හමුදාපතිවරයා රැකීම හැර වෙනත් විකල්පයක් නොමැත්තේ දිගු කතාවක එක පියවරක් ලෙස පමණි. තවත් දින කිහිපයකින්; අදාළ දෑ සමබන්ධයෙන් පටිගත කළ වීඩියෝ පට නිකුත් වුවහොත් එ ගැන පුදුමයක් නොවේ. එවිට මෙම කැටලොක් රයිටර් අදෝ ප්‍රදේශය කැඩුණු කඩියෙකු මෙන් සාමාන්‍යය ජීවිතයේ සිදුකරන හැසිරීම සඳහා හේතුව සමාජයට හෙළිදරව් වනු ඇත.

~~විශේෂ ලියුම්කරුවෙකු විසිනි~~

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.