Breaking
24 Jan 2025, Fri

රේගුවේ පිල්ලි ගහන මුදල් ඇමති රවී-බඩුත් එක්ක හොරු මාට්ටු

අලිමංකඩ යනවා කියා පාමංකඩ යනවා” කියමින් ,අපේ උදාර ත්‍රිවිඩ හමුදාවම විහිළුවට ලක් කල නිවට නියාලු මහා බැංකු මුල්‍ය වංචාවේ ප්‍රභලයෙකු වන මුදල් ඇමති රවි කරුණානායක අවස්ථාවාදී, අත්තනෝමතික තීරණ නිසා ශ‍්‍රි ලංකා රේගුවෙන් රටට බිලියන ගණනක ආදායමක් අහිමි වන බවත් සිය යහපාලන ඥාතීන් සමග බල්ටි ගසමින් රේගුව විනාශ කරන බවට අප අවස්ථා ගණනාවකදි කල අනාවරණයන් අද රේගු නිලධාරීන්ගේ සංගමය විසින් තහවුරු කර තිබේ.

මෙහි දැක්වෙන්නේ එම නිවේදනයයි….

වර්තමාන ආණ්‌ඩුවේ අත්තනෝමතික, අවස්‌ථාවාදී, ක්‍රියාකලාපයන් හේතුවෙන් රටේ ආර්ථිකයට ප්‍රධානතම දායකත්වය ලබාදෙන්නා වූ රාජ්‍ය ආයතනය වන රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු අකර්මණ්‍ය වීමේ තත්ත්වයක්‌ උද්ගතවෙමින් පවතී.

වසර 200 ක ප්‍රෙෘඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන රේගු දෙපාර්තමේන්තුවේ ක්‍රියාදාමයන් සියල්ලක්‌ම අවියෝජනීයව බැඳී ඇත්තේ වසර 1869 දී නීතිගත කරන ලද රේගු ආඥ පනත තුළිනි. ශ්‍රී ලංකාව තුළ නීත්‍යනුකූල භාණ්‌ඩ ආනයන අපනයන ක්‍රියාවලියේ යෙදෙන ව්‍යාපාරික භවතුන්ට පහසුකම් සැලසීම මෙන්ම විවිධ අණපනත් 47 ක පමණ නීති සමුදායක්‌ මගින් ආවරණය කෙරෙන නීති රාමුවක ක්‍රියාවලින් ක්‍රියාත්මක කිරීම මෙන්ම සමාජ සුරක්‍ෂණය සඳහා වන ක්‍රියාවලීන් සඳහා දායකවීම ද ශ්‍රී ලංකා රේගුවේ ප්‍රමුඛතම කාර්යභාරයන් වේ. රේගු විමර්ශන කටයුතු මගින් විවිධ ක්‍රම මාර්ගයෙන් ව්‍යාජ ලෙස ශ්‍රී ලංකාව තුළට ආනයනය කරන ලද භාණ්‌ඩ සඳහා දඩ මුදල් පැනවීම තුළින් ශ්‍රී ලංකා රජයට රේගු නිලධාරීන් විසින් උපයා දී ඇති මුදල රුපියල් බිලියන ගණනක්‌ වේ.

නමුත් පසුගිය වකවානුවේ සිටම රේගු විමර්ශන කාර්යයන් අඩපණ කිරීම සඳහා විවිධ පිඹුරුපත් සකසන ලද අතර මෑත කාලයේ සිටි විමර්ශන නිලධාරීන් අධෛර්යයට පත්කරවන විවිධ නියෝග හා චක්‍රලේඛ නිකුත් කරමින් පවතී. සාමාන්‍යයෙන් භාණ්‌ඩ ආනයනයකදී හෝ අපනයනයක දී ඕනෑම ආනයනයක්‌ හෝ අපනයනයක්‌ විමර්ශන අංශ කිහිපයක අධීක්‍ෂණයට යටත්ව සිදුකළ හැක. මෙමගින් නීති විරෝධී ක්‍රියාවන් අවම කිරීම හෝ සම්පූර්ණයෙන් වැළැක්‌වීම සිදුවේ. මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකාව වැනි බදු ආර්ථිකයක්‌ මත පදනම් ව රාජ්‍ය ආදායම එකතු කරන ඕනෑම රාජ්‍යයක සිදුකරන ක්‍රමවේදය වේ. මෑතකදී නිකුත් කෙරුණු දෙපාර්තමේන්තු නියෝග අංක 1046 මගින් මෙම ක්‍රියාදාමය ඉහළ නිලධාරීන් කිහිප දෙනකු විසින් පාලනය කරන තත්ත්වයකට පත්කොට ඇත.

එතකුදු නොනැවතී මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්‌ඩල සංදේශයක්‌ ඉදිරිපත් කරමින් රටේ ආදායම් එකතු කරනු ලබන ප්‍රධානතම දෙපාර්තමේන්තු 04 වන රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ තක්‌සේරු දෙපාර්තමේන්තුව යන ආයතන වල ක්‍රියාදාමයන් නියාමනය සහ විමර්ශනයට යෑයි කියමින් නිලධාරීන් පිරිසකගෙන් යුත් කණ්‌ඩායමක්‌ නිර්මාණය කිරීමට සැරසෙන බවට අපට දැනගන්නට ලැබී ඇත. සාමාන්‍ය අමාත්‍ය මණ්‌ඩල සංදේශ ඉදිරිපත් කරනු ලබන ක්‍රමවේදයෙන් බැහැර වෙමින් ඉතා සූක්‌ෂ්මව සහ රහසිගතව අදාළ මුදල් අමාත්‍යාංශ අංක MF/06/100/2016/16 සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ අංක 16/0215/719/010 දරන අමාත්‍ය මණ්‌ඩල පත්‍රිකාව සකස්‌ කොට ඇති අතර එය පෙබරවාරි මස 24 වන දින අමාත්‍ය මණ්‌ඩල කමිටුව වෙත ඉදිරිපත් කිරීමට යෝජිත බවද අපට දැනගන්නට ලැබී ඇත.

රවිගේ අල්ලස් වාර්තා –කෝටි 12 දැවැන්ත අල්ලස සමග රවි කරුණානායක මාට්ටු!

පසුගිය කාලය පුරා පුවත් මැවීමට සමත්වූ අදටත් පාර්ලිමේන්තු විවාද වලදී පවා ප්‍රධානතම මාතෘකාවක්‌ වී ඇති ප්‍රාඩෝ වාහන සිද්ධිය සම්බන්ධව වාහන ආනයනකරුවන් පිනවීම උදෙසා තීන්දු තීරණ ලබාදුන් මුදල් අමාත්‍යවරයා සහ තමන් විසින් අදාළ මුදල් රජයට උපයාදුන් බව උදම් ඇනූ රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අදටත් අදාළ වාහන පිළිබඳ විමර්ශන කටයුතු සිදුකළ නිලධාරීන්ට තුති පුද කිරීමක්‌වත් සිදුකර නොමැත. අදාළ සිද්ධියෙන් පසු වාහන පිළිබඳව විමර්ශන කටයුතු කිරීම පිළිබඳව රේගු නිලධාරීන්ට තහංචි පැනවූ අතර ඉන් රජයට අහිමිවී ගිය ආදායම රුපියල් බිලියන ගණනකි. එපමණක්‌ නොව රේගු නිලධාරීන් විසින් පිටරටින් ආනයනය කරනු ලබන සුඛෝපභෝගී වාහන සහ ජීප් රථ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරමින් තිබූ විමර්ශන කටයුතු අත්හිටුවීමට නියෝග ලබාදුන් අතර, එමගින්ද රජයට අහිමිවී ගිය ආදායම අතිවිශාලය. තවද ශ්‍රී ලංකාවට ගෘහ විදුලි උපකරණ ආනයනය කරනු ලබන ප්‍රධානතම පෞද්ගලික ආයතන දෙකකට එරෙහිව ලියාපදිංචි කරන ලද විමර්ශන කටයුතු පැය 24 ක්‌ තුළදී අත්හිටුවා දැමීමට රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නියෝග ලබාදුන් අතර එමගින් රජයට අහිමි වී ගිය ආදායම පවා තක්‌සේරු කිරීමට නොහැකිවිය.

දැන ගන්න කියවන්න –අයවැයට අත උස්සන බත් බැලයන්ට ප්‍රාඩෝ ජීප්-කෝටි 322 ක් රටට අහිමි වේ

මේ මොහොත වන විට රේගු නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් අවම වශයෙන් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා හෝ නොවිමසා මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත රහසිගත අමාත්‍ය මණ්‌ඩල සංදේශය ඉදිරිපත් කිරීම වැළැක්‌වීම අරමුණු කරගෙන රේගු ආනයන අංශයේ රාජකාරි වලින් බැහැරවීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වී ඇත. කෙසේ වෙතත් ගුවන් තොටුපළ, මගී ගමන් සේවා හා ගමන් බඩු, අපනයන, තැපැල් තක්‌සේරු හා රේගු නිවාරණ ආදී සෘජුව ජනතාවට බලපාන අංශ වල සාමාන්‍ය රේගු රාජකාරි පැවැත්වේ. අදාළ ගැටලු සඳහා ලැබෙන ආණ්‌ඩුවේ ප්‍රතිචාර අනුව එම අංශවල ඉදිරි ක්‍රියාමාර්ග පසුව තීරණය කරනු ලැබේ.

– රේගු නිලධාරීන්ගේ සංගමය-

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.