කිසිදු නිෂ්චිත වගන්තියක් නොමැති, ආර්ථික හා තාක්‍ෂණිකසහයෝගිතා ගිවිසුම් සදහා රාමුවක් යැයි කියමින් ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යන මෙම විවෘත ගිවිසුමටත්, කැබිනට් පත්‍රිකා හරහා ලංකාවේ ආර්ථිකය හොර රහසේම විදේශීයකරණයට ලක් කිරීමටත් එරෙහි වන්නයි අපි ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවෙනුත්, වෘත්තීයවේදීගෙනුත්, මහජනතාවගෙනුත් ඉල්ලා සිටින බව ඒකාබද්ධ විපක්‍ෂය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටි.
ඉන්දියාව සමඟ ඇතිකර ගැනිමට යෝජිත ආර්ථික ගිවිසුම
ඉන්දියාව සමග ආර්ථික හා තාක්‍ෂණික ගිවිසුමකට එළඹීමට ආණ්ඩුව අදහස් කරගෙන සිටි. මීට කලින් ඉන්දියාව සමඟ ඇතිකර ගැනීමට යෝජනා වී තිබුණු විස්තීරණ ආර්ථික සහයෝගිතා ගිවිසුම (සීපා ගිවිසුම) ජනතා විරෝධය හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය. අලුත් ගිවිසුමේ වගන්ති මොනවාදැයි ආණ්ඩුව මහජනතාවට හෙලිකර නැති අතර එම ගිවිසුමේ කෙටුම්පත දැක ඇත්තේ කිහිප දෙනෙකු පමණි. මේ ගිවිසුමේ අපට ලැබී ඇති අලුත්ම කෙටුම්පතට අනුව මෙය මුලින්ම සිතු ආකාරයේ ආර්ථික හා තාක්‍ෂණික සහයෝගිතා ගිවිසුමක් නොව ආර්ථික හා තාක්‍ෂණික සහයෝගීතාවය සදහා රාමුවක් පිළිබද එකඟතාවයකි. මෙයින් අනාගතයේ ඇති කිරීමට යන එකඟතාවයන්වලට රාමුවක් පමණක් සැපයේ.
මෙකී ආර්ථික හා තාක්‍ෂණික සහයෝගිතා රාමුව තුළ කලින් සීපා කෙටුම්පතේ තිබුණු ආකාරයටම භාණ්ඩ වෙළදාම, සේවා වෙළදාම හා ආයෝජනය පිළිබද වෙන වෙනම ගිවිසුම් ඇති කරගනු ඇත. මෙවර වෙනසකට ඇත්තේ මේ එක් එක් විෂය යටතේ කිසිදු නිෂ්චිත විධිවිධානයක් මේ සහයෝගිතා රාමුව පිළිබද ගිවිසුමේ නොතිබීමයි. ඒ එක් එක් මාතෘකාවට අදාල වන පරිදි නිෂ්චිත විධිවිධාන සාකච්ඡා කොට පනවනු ලබන්නේ මේ ආර්ථික හා තාක්‍ෂණික සහයෝගිතා රාමුව පිළිබද ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව පමණි.
ඉන්දියාව සමඟ මේ සහයෝගිතා රාමුව පිළිබද ගිවිසුම තවමත් සාකච්ඡා වෙමින් පවතින අතරතුර ආණ්ඩුව දැනටමත් ඉන්දීය සේවා සමාගම්වලට රට විවෘත කර හමාරය. 2015 සැප්තැම්බර් 02 වන දා ඉන්දියාවේ GVK EMRI නැමති ආයතනයට ලංකාව තුළ ඉන්දියනු රජයේ අනුග්‍රහය සහිතව ගිලන් රථ සේවාවක් ආරම්භ කිරිමට පහසුකම් සලසමින් අගමැතිවරයා විසින්ම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදී.
මෙම කැබිනට් පත්‍රිකාවට අනුව මුලින්ම බස්නාහිර හා දකුණු පළාත්වල කටයුතු ආරම්භ කිරීමට මෙකී GVK EMRIආයතනයට ඉන්දියානු රජයෙන් ඇ.ඩො මිලියන 7.6 ක් ප්‍රදානය කර ඇති අතර ඉන් පළමු වසරේදී ගිලන් රථ මිලදී ගැනීමටත් සේවක වැටුප් ගෙවීම වැනි කාරණාවලට මේ මුදල යොදවෙනු ඇත. කැබිනට් පත්‍රිකාවටඅනුව මෙකී සේවය සදහා මුදලක් අයකර ගනු ලබන අතර මුල් වසරෙන් පසු එම සේවාව එයට ලැබෙන ආදායමෙන් කරගෙන යායුතු බව ගම්‍ය වේ.
තම ආයතනයට සේවකයන් බදවා ගැනීමේදී GVK EMRI ආයතනයට ස්වාධීනව කටයුතු කළ හැකි අතර ඔවුන් රජයේ හා පුද්ගලික රෝහල් සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇත. (මෙයට බඳවාගත යුත්තේ ශ්‍රී ලාංකිකයන් කියා කොන්දේසියක් නැත.)ලංකා ආණ්ඩුව පැත්තෙන් මේ ව්‍යාපාරයට කරන දායකත්වයක් හැටියට තීරුබදු රහිතව වාහන හා වෛද්‍ය උපකරණ ආනයනය කිරීමට, මේ සේවාවට මධ්‍යස්ථාන පිහිටුවීම සදහා අවශ්‍ය ස්ථාන සැපයීමටත් ඉන්දීය කළමණාකරුවන් හා පුහුණුකරුවන් සදහා වීසා ලබා දීමටත් එකඟ වී තිබේ. ලංකාවේ දැනටමත් රජයේ, පුද්ගලික අංශයේ හා රාජ්‍ය නොවන අංශවල ගිලන් රථ සේවාවන් බහුලව තිබියදී ඉන්දියාවෙන් මේ ආකාරයට රාජ්‍ය අනුග්‍රහය යටතේ තවත් ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමට ඇති වුවමනාව කුමක් දැයි අගමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාවෙන් පැහැදිලි වන්නේ නැත. GVK EMRI ආයතනයට සපයන මුදල් හා පහසුකම් දැනට පවතින ගිලන් රථ සේවාවකට ලබාදුන්නොත් ඔවුනටද බස්නාහිර හා දකුණු පළාත් පුරාම තම සේවාවන් ව්‍යාප්ත කිරීමට පුලුවන් වනු ඇත.දැනට අපේ රටේ පවතින රජයේ සහ පුද්ගලික සෞඛ්‍ය සේවය තුළින්, අපේ ජනතා සෞඛ්‍ය දර්ශක ආසියාවේ ඉහලම මට්ටමකින් පවත්වාගෙන යන බවත් මතක තබාගතයුතුය.
ඉන්දියාව සමඟ ආර්ථික හා තාක්‍ෂණික ගිවිසුමක් ඇති කර ගැනීම අර්ථවත් වන්නේ ලංකාවට තනියම සපයාගත නොහැකි යම්කිසි තාක්‍ෂණික හෝ ආර්ථික දායකත්වයක් ඉන්දියාවෙන් ලබාගත හැකිනම් පමණි. රථ වාහන, රසායන හා ඖෂධ නිශ්පාදන කර්මාන්ත එවැනි ක්‍ෂේත්‍රවලට උදාහරණ වේ. නමුත් ලාංකිකයන්ට පහසුවෙන් සපයාගත හැකි සේවාවන් පවා ඉන්දියාවට භාර දීමට වත්මන් ආණ්ඩුව අරඅදින බව පෙනේ. 2001- 2004 අතර පැවති යූ.එන්.පී ආණ්ඩුවද ඉන්ධන අලෙවි කිරිමේ ව්‍යාපාරයෙන් කොටසක් ඉන්දීය ඛණිජ තෙල් සංස්ථාවට විකුණා දැමුවේය. ඉන්දීය සමාගමකට අපේ ඉන්ධන පිරවුම්හල් ලබා දීමෙන් ලංකාවට ලැබුණු විශේෂ ආර්ථික හෝ තාක්‍ෂණික වාසියක් නැත. මේ වන විට බොරතෙල් මිල පහල වැටී තිබෙන නිසා ඉන්ධන අලෙවි කරුවන් ඩීසල් ලීටරයකින් රු. 34 ක පමණ ලාභයක් ලබමින් සිටින අතර විදෙස් සමාගම් වලට මේ ව්‍යාපාරයන් විකිනීම හේතුවෙන් එහි ලාභ දැන් පිටරටට ඇදී යයි.
ඉන්දයාව සමඟ ආර්ථික හා තාක්‍ෂණික රාමුව පිළිබද ගිවිසුම අත්සන් කිරීමටත් පෙර මේ ගිලන් රථ සේවාව පිළිබද කැබිනට් පත්‍රිකාව වැනි මැදිහත්වීම් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය විදේශීයකරණය කිරීමට ආණ්ඩුවේ සැලසුම් සහගත උත්සාහයක් තිබෙන බව පෙනේ. මෙවැනි කැබිනට් පත්‍රිකා තව කීපයක් සම්මත කර ගැනීමෙන් පසු ඉන්දියාව සමඟ ඇති කර ගැනීමට යන සහයෝගිතා රාමුවට ආර්ථික හා තාක්‍ෂණික සහයෝගිතාවය සම්බන්ධ නිෂ්චිත වගන්ති ඇතුලත් කිරීමේඅවශ්‍යතාවය ඉබේටම නැති වී යනු ඇත. ඒ, සිදු විය යුතු සියල්ල ගිවිසුමක් නැතුවම අපේ කැබිනට් මණ්ඩලයේ මැදිහත් වීමෙන් සිදු වන නිසාය. ගිලන් රථ සේවාවක් වැනි කාරණයක් සම්බන්ධයෙන් අගමැතිවරයෙකු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම ඉතාමත්ම අසාමාන්‍ය දෙයක් බව ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත.මේ විදේශීයකරණ ක්‍රියාවලියට අවශ්‍ය තල්ලුව ලැබෙන්නේ මොන මට්ටමෙන් දැයි එයින්ම පැහැදිලි වේ.
විධායකයේ බලය යොදා ලංකාවේ ආර්ථිකය මේ ආකාරයට ක්‍රමානුකූලව විදේශීයකරණය කිරීම වහාම නැවතිය යුතුය. එපමණක්ද නොව අලුත් ගිවිසුමකට එළඹීමට පෙර 1998 දී අත්සන් කොට දැනට ක්‍රියාත්මකව පවතින ඉන්දියාව සමඟ ඇති නිදහස් වෙළඳ ගිවිසුමේ ඇති බරපතල අඩුපාඩු වලට විසදුම් ලබාගත යුතුය. ලංකාවෙන් ඉන්දියාවට භාණ්ඩ යැවීමේ දී දිගින් දිගටම ඉන්දීය නිලධාරීන්ගෙන් බාධා එල්ල වීම පසුගිය වකවානුව පුරාම අපේ අපනයන කරුවන් ලැබූ අත්දැකීම වේ. මේ නිසා 2014 වසරේ දී අපි ඉන්දියවෙන් ඇ.ඩො මිලියන 4,023කභාණ්ඩ ගෙන්වා තිබුණද අපට ඉන්දියාවට අපනයනය කිරීමට හැකිවුණේ ඩොලර් මිලියන 625 ක භාණ්ඩ පමණි. ඉන්දියාව සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් අවුරුදු 15 ක් මුලුල්ලේ ක්‍රියාත්මකවීමෙන් පසු ලංකාවෙන් ඉන්දියාවට යවනප්‍රධානම අපනයන භාණ්ඩය වන්නේ පුවක්ය. ඉන්දියාව සමඟ දැනටම ඇති මෙම නිදහස් වෙළඳ ගිවිසුම නිසියාකාරව ක්‍රියාත්මක වූයේ නම් ඒ සහයෝගීතාවය තවත් ඉදිරියට ගෙන යාමට කිසිවකු විරුද්ධ වන්නේ නැත. එමෙන්ම වෙනත් ද්විපාර්ශවික කාරණා වෙත යොමු වෙන්න කලින්, ඉන්දීය ධීවර ප්‍රශ්නයට විසදුමක් තියෙන්න ඕන කියලත් අපි විශ්වාස කරමු.
කිසිදු නිෂ්චිත වගන්තියක් නොමැති, ආර්ථික හා තාක්‍ෂණිකසහයෝගිතා ගිවිසුම් සදහා රාමුවක් යැයි කියමින් ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යන මෙම විවෘත ගිවිසුමටත්, කැබිනට් පත්‍රිකා හරහා ලංකාවේ ආර්ථිකය හොර රහසේම විදේශීයකරණයට ලක් කිරීමටත් එරෙහි වන්නයි අපි ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවෙනුත්, වෘත්තීයවේදීගෙනුත්, මහජනතාවගෙනුත් ඉල්ලා සිටිමු. ඉන්දියාව සමඟ නව ගිවිසුමක් අත්සන් කල යුත්තේ පවතින නිදහස් වෙළඳ ගිවිසුමේ අඩුලුහුඩුකම් විසදා ගැනීමෙන් පසුව පමණක්ය යන්න අපි මේ අවස්ථාවේ දී අවධාරණය කර සිටිමු.
අපේ අසල්වාසී රට සමඟ අපි අනිවාර්යයෙන්ම වෙළඳාම් කළ යුතුය. අපි පෙනී සිටින්නේ ඉන්දියාව සමඟ අඩුවෙන් වෙළඳාම් කිරීමට නොව වැඩියෙන් වෙළඳාම් කිරීමටය. එහිදී මුලින්ම සිදුවිය යුත්තේ ලංකාවෙන් ඉන්දියාවට වැඩියෙන් භාණ්ඩ අපනයනය කිරීමට හැකිවෙන පරිදි ඉන්දියාව පැත්තෙන් ඇති නිලධාරිවාදී බාධාසහ ප්‍රාන්තනීති වලින් පැණ නැගෙන ගැටළු නිරාකරණය කිරීමය. එමෙන්ම ඉන්දීය සමාගම් ලංකාවේ අයෝජනය කිරීමේ දී අපට තනිවම කරගත නොහැකි ක්‍ෂේත්‍ර වලට පමණක් ඉන්දීය ආයෝජන ගෙන්වාගත යුතු බව අපේ අදහසයි.
ඉන්දියාව සමඟ ඇතිකරගැනීමට යන මේ ගිවිසුම ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සභාගතකර නැත. ඉන්දීය ගිලන්රථ සේවාවක් දෙරටේම රාජ්‍ය අනුග්‍රහය යටතේ ඇති කිරීම ගැන පාර්ලිමේන්තුවට දැනුම් දී නැත. පරිඝනක හා නාවික ඉංජිනේරු අංශ පමණක් ඉන්දියානු වෘත්තිකයන්ට හා තාක්‍ෂණවේදීන්ට විවෘත කරන බව මලික් සමරවික්‍රම ඇමතිවරයා මාධ්‍යට කියා තිබුණද, රෝහල් ගත කිරීමට පෙර සෞඛ්‍ය සේවා කටයුතු ඉන්දියාවට විවෘත කරන බවක් කවුරුවත් කිවුවේ නැත. විපක්‍ෂයට මේ ගැන කතා කිරීමට අවස්ථාවකුත් නැත. එමනිසා ඒකාබද්ධ වික්‍ෂය ලෙස අපි ජාතික මට්ටමෙන් අතිශය වැදගත් වෙන මේ කාරණය ගැන සාකච්චා කිරීමට 2016 පෙබරවාරි 18 වෙනිදා රැස් වූ අතර, මේ සම්බන්ධයෙන් අපගේ ස්ථාවරය මෙලෙස ජනතාව ඉදිරියේ තබමු.
ඒකාබද්ධ විපක්‍ෂය
ගරුදිනේෂ් ගුණවර්ධන (පා.ම) වෙනුවෙන්
උදයගම්මන්පිල (පා.ම)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ (විපක්‍ෂ කණ්ඩායම)
ලංකා සම සමාජ පක්‍ෂය
ශ්‍රී ලංකා කොමුනිස්ට් පක්‍ෂය
මහජන එක්සත් පෙරමුණ
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ
ජාතික නිදහස් පෙරමුණ
පිවිතුරු හෙළ උරුමය
The proposed ETCA with India
The government intends entering into an Economic and Technical Cooperation Agreement (ECTA) with India. The previously proposed Comprehensive Economic Partnership Agreement (CEPA) with India had to be abandoned due to the lack of public support. The government has not revealed the provisions of the new agreement to the public and only a select few have the draft. According to the latest draft of this agreement, we understand that what is proposed is in reality not an Economic and Technical Cooperation Agreement as originally thought, but an Economic and Technical Cooperation Framework Agreement (ETCFA) which only sets a ‘framework’ for future agreements.
The agreements that are to be entered into later under the framework of the ETCFA include an agreement on trade ingoods,an agreement on trade inservices and an agreement on investment – the same components that made up the old CEPA. The difference this time however is that the ETCFA does not have specific provisions relating to any of these areas and the specifics are to be worked out only after the ETCFA is signed.
While the proposed ETCFA is still pending, the government has already started opening the country up to Indian service providers. The Prime Minister himself presented a cabinet paper dated 2 September 2015 on the setting up of an Ambulance service by GVK Emergency Management and Research Institute (GVK EMRI) of India which will commence in the Western and Southern provinces first and then be expanded to the rest of the country. The Indian government is to provide a capital infusion of 7.6 million USD for GVK EMRI to purchase ambulances and pay staff for the first year of operations in Sri Lanka. The cabinet paper implies that this is to be a fee levying service which is expected to be self supporting after the first year.
GVK EMRI is to have the power to recruit personnel independently and will work with government as well as private hospitals. The Indian company is also not under any specific obligation to recruit Sri Lankans. The Sri Lanka government will contribute by allowing this organisation to import their vehicles, medical equipment etc duty free, provide space to set up their rapid response centres and provide work visas for the Indian managers and trainers. The cabinet paper does not explain why an Indian organisation should establish an ambulance service in Sri Lanka when there are many government, private and NGO ambulance services in this country which can easily expand their services in the Western and Southern provinces if they are provided the same facilities as GVK EMRI of India. It should also be noted that the existing government and private health care services have enabled Sri Lanka to be ranked among the best in Asia in terms of health care indices.
An economic and technical pact with India will make sense if Sri Lanka can obtain from India some technical or economic input which Sri Lanka cannot provide for itself such as for example in the automotive, chemical or pharmaceutical industries. However the present government seems to be intent on handing over to the Indians what can easily be done by
locals. The UNP government of 2001-2004 sold a part of the Petroleum retailing business to the Indian Oil Company. However, no real economic or technical advantage has been gained by the IOC’s presence in this country. The substantial reduction in the price of crude oil has now resulted in huge profits for petroleum retailers (Rs. 34 from a litre of diesel) and a good part of these profits now go abroad.
The deliberate strategy of the government appears to be to follow the IOC principle even before the ETCFA is signed through cabinet papers such as the one relating to the ambulance service and in the end there will be no need to have any specific provisions for economic and technical cooperation in that agreement. It is very unusual for a Prime Minister to put forward cabinet papers relating to a matter like an ambulance service and this shows the level at which this foreignisation is being spearheaded.
This creeping foreignisation of the Sri Lankan economy through executive fiat has to stop, because it is a violation of our constitution in the first place. Furthermore, before any new agreement is entered into, the shortcomings in the existing Free Trade Agreement with India should be ironed out and the bureaucratic blocks that Sri Lankan exporters have experienced in India should be eliminated. In 2014, we imported 4,023 million USD worth of goods from India and exported goods worth only 625 million USD to India. After more than 15 years of the FTA, Sri Lanka’s largest export item to India is arecanut. If the FTA with India was working as it should, nobody would object to further expanding economic cooperation with our neighbour Furthermore, we believe that a satisfactory solution to the Indian fishermen’s issue should be found before going on to other bilateral matters.
We call upon the Sri Lankan business community, professionals, and the general public to oppose this foreignisationof the Sri Lankan economy by surreptitious means through executive fiat and the proposed ETCFA which is vague and has no specific provisions. We must engage in trade with our neighbour. We stand for more trade with India and to achieve this aim, we have to ensure that bureaucratic blocks and complications arising from State level trade regulations in India which prevent the growth of Sri Lankan exports to that country should be ironed out. Furthermore we believe that any foreign investments in Sri Lanka should be channelled into areas that Sri Lanka is unable to develop on its own.
The government has not tabled the proposed pact with India in parliament. Furthermore parliament has not been informed that the government has granted approval to set up an Indian ambulance service in this country with state patronage from both sides. Minister Malik Samarawickrema did tell the media that the government would be opening up the IT and maritime engineering services to Indian professionals but he did not say anything about pre-hospitalisation health care. The Joint Opposition met on Thursday 18 February 2016,and after due discussion we thus place our views on this matter of utmost national importance before the people.
Joint Opposition
UdayaGammanpila (MP)on behalf of
Hon. Dinesh Gunawardena (MP)
Sri Lanka Freedom Party (Opposition Group)
Lanka SamaSamaja Party
Communist Party of Sri Lanka
MahajanaEksathPeramuna
Democratic Left Front
JathikaNidahasPeramuna
Puvithuru Hela Urumaya