Breaking
24 Feb 2025, Mon

ලංකාව ඉන්දියාවේ වැසිකිලිය බවට පෙරළෙන රනිල්ගේ සිපා එපා..!

“නිකන් හිටපං විමලේ උඔ දන්න සීපා.. යකෝ ඉන්දියාවේ මරුටියක් රුපියල් ලක්ෂ දෙකහමාරයි. ඉන්දියාවේ වඩේ විකුනන එකාටත් මරුටියක් තියෙනවා එච්චර දියුණුයි ඉන්දියාව. ඉන්දියන් රුපියල අපිට වඩා වැඩියි. එහෙම එකේ ඉන්දියාවේ බාබර්ලා එයිද ලංකාවේ කොන්ඩේ කපන්න. ඉන්දියාවෙන් තමා බුද්ධාගම ලංකාවට අවේ අපි කන්නේ ඉන්දියානු පරිප්පු නිකන් බොරුවට ඉන්දියාවට එරෙහි වෙන්න එපා, දූපත් මානසිකත්වේ තියෙන උන්. ”
මේ දින දෙක තුන පුරාවට ඉන්දියාවට ජාතකව උපන් උන් විසින් ලංකාවට ඇති ආදරයට කථා කරන උන්ව මානසිකව වැට්ටවීමට ගොනු කරනුයේ ඉහත ආකාරයටය..

“ඉන්දියාව කොච්චර ලොකුද, ඒකේ මුහුද කොච්චර ලොකුද එහෙවු එකේ ඉන්දියාවේ උන් එයිද ලංකාවේ මාළු බාන්න. ලංකාවේ උන්ගේ බොරු” යැයි මටත් සිතුනි. මරුටියේ ගනනනේ රුපියලේ අගයෙන් රටක තත්වය මනින හරකුන්ට නොතේරන ඇත්ත නම් තාම ඉන්දියානුවන් බාගෙට බාගයක් රෙන්නේ පාරේ බවය. කිසිදු රටක් තම රටට වාසියක් නොවන්නේ නම් කිසිදු ගිවිසුමකට එකඟ වන්නේ නැත සීපාද එවැන්නක්මය. එය වසර ගනනක් වෙත දිව යන අතර මේ වන තෙක් එයට ලංකා රජය එකඟතාවයක් පලකර නැත නමුත් ඉන්දියාවේ හැසිරීමෙන් බලහත් කාරයෙන් හෝ මේ ගිවිසුමට අත්සන් කරගැනීමේ උත්සාහයක් තිබීමට පුළුවන. එසේම රට පාලනය කිරීමට බාරගත් හරක් රැලගේ වර්ථමාන හැසිරීම්ද විමසා බැලිය යුතුවේ. ඈත සිටින හතුරාට වඩා ලඟම සිටින මිතුරා යැයි සලකන ඉන්දියාව සැබෑ මිතුරෙකු යැයි මා කිසිවිටකත් විශ්වාස නොකරමි. අප බිය විය යුත්තේ එයටය.

ලෝකයේ ඕනෑම රටක පාරදිගේ සැතපුම් 3 හතරක් ඇවිද යන විට ඉන්දියානු කෑම කඩයක් හෝ ඉන්දියානුවේක් සොයාගත හැකිය. එක එක රටවල ඇති අපුල කෑම කෑමට වඩා ඉන්දියානුවන්ගේ පරාටයක් වඩයක් කෑම පොඩි ආනන්දයක් ගෙනදේ. අප පිටරකට ඇවිද ගිය විට අපවත් ඉන්දියානුවන් ගනනටම ගනන් ගන්නා අතර ඉන්දියානුවන්ට දක්වන සැලකිලම අපට අඩු නැතුව ලැබීම ලාංකීකයන්ගේ අභාග්‍යක්ය. බොහෝ රටවල් සිතන්නේ ඉන්දියාව ඇතුලේ ලංකාව තිබෙනවා කියා බැවින් ලංකාව තිබෙන තැනත් එහි ඇති අනන්‍යථාවයත් විස්තර කිරීමට අවම වශයෙන් පැය දෙක තුනක් අවශ්‍ය වේ. ඉන්දියානුවන් පිලිබදව ලෝකයේ රටවලට ඇත්තේ අපට ඔවුන් පිළිබඳව ඇති හැගීමටම සමාන හැගීමක්ය. ඔවුන් කපටි හා ඕනෑම අඩුමුදලකට සේවය සැපයීමට සූදානම් පිරිසක්ය.

ලෝකයේ මේ වන විට පරිගණක ආශ්‍රත රැකියා වෙළද පොල සැබෑ ලෙසම හසුරවනුයේ ඉන්දියානුවන් කිවහොත් නිවැරදිය. එසේම බොහෝ රැකියා සඳහා මොවුන් දැන් දැන් සමත් කම් දක්වනු ලබයි. මොවුන් විසින් තම රට පිරිසට දක්වන ලෙන්ගතු කම නිසාම ඕනෑම ස්ථානයක වසර කිහිපයක් සිටින අතර තුර එහි ඉහල කළමනාකරනයට සමීප වීම මගින් ඔවුන්ගේ පිරිස් වැඩි වැඩියෙන් ගෙන්වා ගෙන අවසානේ ඉන්දියාවේ ආයතනක් බවටම පත් කරගනී. ඔවුන් එතරම්ම උපායශීලීය එසේම ලංකීයන් මෙන් නොව ඔවු නොවුන් එකිනෙකා අතර ඇති සමීපතාවය නිසාම ඕනෑම රටකදී පැහැදිලි අනය්‍යතාවයක් ගොඩ නගාගැනිමට ඔවුන්ට හැකියාව ලැබේ.

ලංකාව බොහෝ වෘත්තීන්ගෙන් ප්‍රවීනත්වක් ගන්නා අතරම පුදාන පුප වේදීන්, ගිණුම් කරනයන්ට සම්බන්ධ පිරිස් හා ගෘහ අලංකරණය හා ඉන්ජිනේරුවන් හට ‍ සැබැ වටිනාකමක් අතීතයේ සිටම පැවතුනි. නමත් අද මේ ක්ෂ්ත්‍රයන් වෙත ඉන්දියානුවන් පිවිසීම නිසා අද වන විට වෙනත් රටවලින් ලාංකීයන්ට ඇති ඉල්ලුම කෙමෙන් කෙමෙන් අඩවී යමින් ඇත. ආසන්නම මාලදිවයින ගතහොත් එහි හෝටල් ආශ්‍රත රැකියා වෙලද පොල ලාංකීයන්ගෙන් පිරි පැවතුනි. මාල දිවයිනේ ඕනෑම හෝටලයකට ගිය පසු එහි මුළුතැන්ගෙය බාරව සිටින්නේ ලාංකීයන්ය. එසේම ගිනුම් අංශය ලාංකීයන්ය. හෝටලයේ බාර්එක කරනුයේ ලාංකීය සේවයන් විසින්ය. එහි උද්‍යාන සැලසුම් කරු ලාංකීකයෙක්ය එය සැබෑ සතුටක් අපට දනවනු ඇත.

මාල දිවයිනේ පසුගිය වසර කිහිපය තුළ මා හෝටල් 23 කට පමන ගොස් ඇති අතර බොහෝ විට ඔවුන් සමඟ කථා කිරීමේදී මට ඇති වූයේ ලංකාවේ සිට එරටට පැමිණි සේවකයන්ගේ අනාගතයේ ඇති අවිනිෂ්චිත බාවයයි. බොහෝවිට බංගලිදේශය, පිලිපීනය හා ඉන්දියානු අඩු මිල සේවයන් නිසා ඉතා අධ්‍යාපන අවශ්‍යතාවයක් අනවශ්‍ය රැකියා ලංකීයන්ට ලැබීමේ ප්‍රවනතාවය ඉතා වේගයෙන් අඩුවීගෙන යයි. එසේම ඉහත දැක්වූ දැනුම මත තීරණය වෙන වෘත්තීන් වලට ඉතා අඩු මිළට සේවකයින් ඉන්දියාවෙන් ලබාගත හැකි නිසාම ඉහල වෘත්තීන්ද ලාංකීකයන්ට අහිමිවෙමින් පවතී. බොහෝවිට ගිනුම් ක්ෂේත්‍රෙය් හා මුඵ තැන්ගේ වැඩට පැමිනෙන ඔවුන් වැඩිකල් නොගෙස්ම කේලාම් කීම් හා ඉහලට දක්වන ලෙන්ගත භාවය නිසාම ඉතා අඩුපඩියක්ම ලබමින්ම ඉහල අංශ වලට ප්‍රවේශ වෙති. ඇතැම් අවස්ථාවලදී සේවක පරිපාලන අංශයේ ඉහළ තනතුරක් ඉන්දියානුවෙකුට ලැබුනහොත් ඉන්පසු මුළු ආයතනයම ඉන්දියානූන්ගෙන් පිරීයාමට ගතවී ඇත්තේ වසර දෙක තුනක් පමනි. බොහෝවිට ඉන්දියානුවන් පැමිනී පසුව ලංකීය සේවයන්ට අත්වී ඇත්තේ පැහැදිලි අසාදාරණයන්ය. බොහෝ ලාංකීය විදෙස් ශ්‍රමිකයන් මෙම දුර්භාගය විදිමින් පවතී.

අද මාලදිවයිනේ බොහෝ හෝටල් වල සිටින්නේ ඉන්දියානු දොස්තර මහතුන්ය. ඔවුන්ගේ වැටුප ඩොලර් 1100 ක පමන මුදලකටය. මාලදිවයිනේ හෝටලයක පරිගණක අංශයභාර ප්‍රධාන ඉන්දියානුවෙක් හා කථා කිරීමේදී මට තේරුනේ ඔහු වැඩකරනේ ලංකාවේ මුදලින් රුපියල් හැත්තෑ දහසක තරම් පඩියකටය. ඔහු වසරකින් පමණ ඉන්දියාව වෙත ගොස් නැත හේතුව ලෙස ඔහු දැක්වූ යේ ටිකට් එක ගත්තාම මාස ගණනක පඩිය අපරාදේ නිසා බවය. මෙලෙසින් අඩු වැටුපකට වැඩකිරීම නිසාම ලාංකීයන්ට අනාගත රැකියා ලෝකය තුළ අහිමී වී යනු ඇත. ඉන්දියානුවන් විසින් මේ වන විට ලාංකීයන්යන්ට ලෝකයේ ඇති රැකියා අවස්ථා අහිමි කරමින් පවතී.

ඉන්දියාව සමඟ පවත්වන කිසිම ලෙන්ගතු කමකින් අපට ඇතිවන වාසියක් නොමැති. ලංකාවේ වෙළඳාමක් කරගන්න බැරී උන්ට ඉන්දියාව් වෙළදාම් කිරීමට කථාකිරීම මාරම විහිළුවක් වන අතර, එකම වාසිය අත්තම්මලාට සීයලාට ඉන්දියාවට ගොස් සාදුකීම කරගත හැකිවීමය පමනකි. මා සීපාහී දැක නැති අතර සීපාට විරුද්ධ වීමට එහි ඇති වාක්‍ය දන්නේදැයි ගොන් තර්ක ඇසීම වෙනුවට ඉන්දියාවේ නිසාම අපට මේ වන විටත් අහිමි වන වෙළඳ පොළ කෙරේ අවධානය යොමුකිරීම වැදගත්ය. මේ පිළිබඳව දේශපාලන කෝනයෙන් හා අපිට අපගේ වෘත්තියට අසාදාරණයක් නොවේ යැයි සිතුවොත් අවසානයේ වනුයේ ලාංකීයන්ට ගගේ මුහුදේ පැනීමටය.

කාවීන්ද කොටුවේගෙදර

යුතුකම සංවාද කවය

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.