Breaking
25 Feb 2025, Tue

ලංකාව නියෝජනය කරන ගරු කොන්සල්වරයෙකු ගේ ගබ්සා කාමරේ

ශී‍්‍ර ලංකාවේ තානාපති කාර්යාලයන්ට අමතරව සමහර රටවලට එම රටේ පුරවැසියෙක් හෝ ලංකාවේ පුරවැසියෙක් පත් කිරීම සිදුවේ. මේ තුළින් බලාපොරොත්තු වන්නේ එකී පුද්ගලයා හරහා ලංකාවේ නියෝජනයක් සිදු කිරීමයි. ඒ සඳහා ඔවුන්ට වැටුපක් ගෙවන්නේ නැත. එහෙත් එවන් තනතුරක් තුළින් අදාල පුද්ගලයාට පිළිගැනීමක් සමාජය තුළින් ලැබේ. මෙම ගරු තනතුරට පත් කරන තැනැත්තා ලංකාවට ආදරය කරන අපේ රට සමග සම්බන්ධකම් ඇති පුද්ගලයෙක් විය යුතුයි. එසේම එකී රට තුළ පිළිගැනීමක් ඇති නීති ගරුක පුරවැසියෙක්ද වීම අත්‍යවශ්‍ය කරුණකි. එසේ වුවත් පසුගිය රජය කාලේ පත් කළ බොහෝ දෙනෙක් හොරුන්ය. තක්කඩියන්ය. එක් කාලයක ජොර්දානයේ සේවය කළ ලංකාවේ ගරු කොන්සල්වරයෙක් ලංකාවේ කාන්තාවනට දාව ඉපදෙන දරුවන් විකීණීමේ ව්‍යාපාරයක යෙදී සිටීම නිසා සිරගත කරන ලදී.

සයිප‍්‍රස් රටේ වත්මන් කොන්සල්වරයා කොටි සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වු නැව් ඒජන්තවරයෙකි. අපේ රට අපි‍්‍රකාවේ වැඩක් නැති තැන්වල තානාපති කාර්යාල විවෘත කළත් ලංකාවේ පුරවැසියන් විශාල පිරිසක් සයිප‍්‍රසයේ සේවය කළද එහි තානාපති කාර්යාලයක් විවෘත කරන්නේ නැත. එය වෙනම ජාවාරමකි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙක් සයිප‍්‍රසයේ මෙම කොන්සල්වරයාගේ කාර්යාලයේ සේවය කරයි. එකී නිලධාරියා සහ කොන්සල්වරයා ලාංකිකයින් ගසා කෑම ජයටම කරගෙන යන අතර ලංකාවේ ගමන් බලපත‍්‍ර සම්බන්ධ කටයුතු, රැකිරක්ෂා ගිවිසුම් අත්සන් කිරීම හා ලංකාවේ ලියකියවිලි සහතික කිරීම වැනි තානාපති කාර්යාලයක් විසින් කළ යුතු බොහෝ කාර්යයන් ඉටු කරයි. මේ සඳහා ලංකාව මගින් නියම කරන මුදලට වඩා වැඩි ප‍්‍රමාණයක් අය කරන අතර ව්‍යාජ සහතික නිකුත් කිරීම ජයටම කෙරේ. මේ සම්බන්ධයෙන් රැකිරක්ෂා ඇමතිවරියගේ පූර්ණ ආරක්ෂාව මෙකී කොන්සල්වරයාට සහ නිලධාරියාට ලැබෙන බව සයිප‍්‍රස් රාජ්‍යයෙන් වාර්තාවේ.

මේ අතර අපට වාර්තාවූ තවත් සිදුවීමක් වන්නේ පසුගිය රජය මගින් පත්කළ ජර්මනියේ බවේරියා ප‍්‍රාන්තය වෙනුවෙන් ලංකාව විසින් පත්කර තිබෙන හාන්ස් හැමර් නැමති කොන්සල්වරයාගේ අනුග‍්‍රහය යටතේ ඔහුට අයත් ගොඩනැගිල්ලක නීති විරෝධි ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමයි. මේ සම්බන්ධයෙන් ජර්මනියේ පුවත්පත් කීපයක තොරතුරු පළවු බවට එරට වෙසෙන ලාංකිකයෝ පිරිසක් අප වෙත දැනුම් දෙන ලදී. මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන අතර කි‍්‍රස්තියානි සංවිධාන කීපයක් මෙම කාර්යය හෙළා දකිමින් විරෝධතා ව්‍යාපරයක් පවා පවත්වා තිබේ. මෙම සිදුවීම නිසා සමාජය ඔහු වෙත තබා තිබූ විශ්වාසය පළුදු වී තිබේ.

අපට ප‍්‍රශ්න දෙකක් ඇත. එකක් මේ සම්බන්ධයෙන් ජර්මනියේ ලංකා තානාපති කාර්යාලය ලක් රජය දැනුවත් කෙළේද යන්නය. එසේ කළ බවක් දැන ගන්නට නැත. අනෙක නම් මෙවන් දූෂිත පුද්ගලයෙක් තවදුරටත් ලංකාවේ ගරු කොන්සල්වරයෙක් වශයෙන් තබාගැනීමට ලංකාවට කටයුතු කරයිද යන්නය. එසේ තබා ගැනීමෙන් ලංකාවට ඇතිවන වාසියක් නැත. මොහු වහාම ඉවත් කළ යුතු බවට ජර්මනියේ ලාංකිකයින්ගේ අදහසයි. ඔහුට වඩා ලංකාවට හිතැති පුද්ගලයෝ බොහෝ සිටින බවද ලාංකිකයෝ අප වෙත දන්වා සිටිති.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.