Featured

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස්විම් සහ වන්දි ගන්න රෙද්ද උස්සන්න වෙලා

අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත දේශපාලන හේතුන් මත විවිධ ගැටලුවලට මුහුණ දුන් අය සදහා සහන සැලසිමට ලබාදුන් අවස්ථාව දඩමිමා කරගනිමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ(Ceylon Petroleum Corporation) ජාතික සේවක සංගමයේ සභාපති වන සමිත පෙරේරාගේ නියෝග මත අදාල සහන යටතේ ලබාදෙන උසස්වීම් සහ වන්දි ලබාදිම් තමන්ට අවශ්‍ය අයට ලබාදිමට කටයුතු කරමින් සිටින බව අනාවරණය වි තිබේ.

ජාතික සේවක සංගමයේ සභාපති සමිත පෙරේරා සහ ඔහු සමග කටයුතු කරන සරත් ප්‍රනාන්දු සමග එක්ව උසස්විම් ලබාදිම සදහා පිරිමි පුද්ගලයන්ගෙන් කෙලින්ම මුදල් ලබාගන්නා අතර කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගන්නා අතර ලිංගික අල්ලස් ලබාදිමට එකග නොවන කාන්තාවන්ගෙන්ද අල්ලස් ලෙස මුදල් ලබාගෙන තිබේ.

මිට අමතරව ආයතනික ක්‍රියා පටිපාටියට පිටින් යමින් දේශපාලනිකව මෙන්ම විව්ධ අල්ලස් ලබාදිම මත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ට විවිධ වරප්‍රසාදයන් ලබාදෙන බවද මේ වනවිට තහවුරු වි තිබේ.

මේ අනුව 219 දෙනෙකු සදහා වන්දි ලබාදිමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු සුදානම් කර ඇති අතර එම සියලුම තොරා ගැනිම් සිදුකර ඇත්තේ ආයතනික ක්‍රියා පටිපාටියට පිටින් ජාතික සේවක සංගමයේ සභාපති සමිත පෙරේරා සහ එම සංගමයේම සමාජිකයෙකු මෙන්ම සමිතගේ ගූ කන්නේකු වන සරත් ප්‍රනාන්දු සමග අදාල වන්දි හා උසස්වීම් ලබාදිම සදහා සම්මුඛ පරික්ෂණ පවත්වා තිබේ.

[box type=”success” ]මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ(Ceylon Petroleum Corporation) ජාතික සේවක සංගමයේ සභාපති වන සමිත පෙරේරා ඉන්ධන බෙදාහැරීම හරහා දැවැන්ත කප්පම් මාෆියාවක් ක්‍රියාත්මක කරමින් සිටින බව අනාවරණය වි තිබේ.ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රාදේශීය පරීක්ෂකවරුන් හරහා මෙම කප්පම් මාෆියාව ක්‍රියාත්මක කරමින් සිටින අතර ඒ හරහා ඉන්ධන පාරිභෝගිකයන්ට ලැබෙන ප්‍රමාණයන් වලද අඩුවිමක් සිදුවන බව අනාවරණය වි තිබේ.[/box]

කියවන්න –  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමය කප්පම් මාෆියාවක-ලංකා තෙල් ගහන්න එපා

Top