Featured

ලංවිම රු.කෝටි 150ක වංචාව වහන්න කැබිනට් අනුමැතිය!

පසුගිය ආණ්ඩුවේ පාලකයන් හා ලංවිම පාලනාධිකාරිය එක්ව 2014.11.27 වන දින සිදුකළ රු.කෝටි  150ක් ඉක්මවන මූල්‍ය වංචාවට කැබිනට් අනුමැතිය ලබාදිම සදහා සුදානමක් පවතින බව ලංකා විදුලි සේවක සංගමය අනාවරණය කළා.

පසුගිය ආණ්ඩුවේ පාලකයන් හා ලංවිම පාලනාධිකාරිය එක්ව 2014.11.27 වන දින සිදුකළ රු.කෝටි  150ක් ඉක්මවන මූල්‍ය වංචාවට එරෙහිව, පියවර ගන්නා ලෙස, වත්මන්  ආණ්ඩුවට බලකරමින් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් දින ගණනාවක වැඩවර්ජනයක්  පසුගිය මස සිදුකල අතර එහිදී වැඩවර්ජනය අවසන් කිරීම සදහා එකගවු කරුණුවලට මුවා වී ආණ්ඩුව විසින් කැබිනට් පත‍්‍රිකාවක් සකස්කර, මෙම මූල්‍ය වංචාවනීත්‍යාණුකූල කිරීම සදහා ඔක්. 24 වන දින කැබිනට් රැස්වීමේ දී අනුමැතිය ලබාගැනීමට නියමිත බව වාර්තා  වී තිබේ.

එසේ සිදුවුවහොත් මෙය විදුලි සේවකයන් සමග වූ එකගතාව අමු අමුවේ උල්ලංඝණය කරමින් ජනතාව මත කෝටි 150ක මූල්‍ය වංචාවේ බර පැටවීමේ නිර්ලජ්ජත ක‍්‍රියාවකි. විදුලි බලමණ්ඩලයේ හොරකම හා දුෂණය පිටුදකිනවා වෙනුවට හොරුන්ගේ හා දුෂකයන්ගේ බරත් විදුලිබිල හරහා ජනතාවට පටවමින් හොරු ආරක්ෂා කිරීමේ යහපාලන ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියට ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විරෝධය ප්‍රකාශ කර සිටි.

ඊට එරෙහිව ඉදිරියේදි දැඩි ක්‍රියාමාර්ග ගැනිමට තම වෘත්තීය සමිති සුදානම් බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් එහි ප‍්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් අප විශේෂ වාර්තාකරු සමග සදහන් කර තිබේ.

ඔක්  24 වන දින පැවැත්වෙන කැබිනට් රැස්වීමේ දී මෙම බරපතල මූල්‍ය වංචාවට අනුමැතිය හිමි වුවහොත් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සියඵම වෘත්තීය සමිති  ඔක් . 25 වන දින දවල් 12.00 සිට සේවයෙන් ඉවත් වී අඛණ්ඩ වෘත්තීය ක‍්‍රියාමාර්ග සදහා අවතීර්ණවීමට තීරණය කර තිබේ.

Top