Anonymous Reporter

ලක් පොලොවේ දේශප්‍රේමීන් සහ ජුදාස්ලා වෙත

ප්‍රජාවක පැවැත්ම වෙනුවෙන් ඔත්තු සෙවීම ගල් යුගයේ සිට පැවත එන්නකි. සතුන් දඩයමේ සිට ‍රැහේ නායකයා පත් කිරීම දක්වා ඔත්තු බැලීම සිදුවිය.ගජබා රජු යාචකයෙකු සේ වෙස් වලාගෙන ගොස් රාජ්‍යයෙ තතු සෙවීය.වේදේහ රජුගේ මියුලු නුවර වටලෑ බ්‍රහ්මදත්ත මහෞෂධගේ චරපුරුෂ ජාලය හමුවේ අමු අමුවේ පරාජය විය.

ලෝක සිතියමේ චරපුරුශ මොනපොලි

තම රටේ භූදේශපාලන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තොරතුරු රැස් කිරීමට සහ ජාත්‍යන්තර නීතිරීති වලට අනුකූලව අවශ්‍ය පියවර ගැනීමට ඕනෑම රටකට අයිතියක් ඇත. නමුත් වර්තමානයේ සිදුවන්නේ බලගතු රටක ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් තවත් රටක ආර්ථික සහ දේශපාලන සාධක උඩුය‍ටුකුරු කිරීමය.බලවත් රටවල චරපුරුෂ සේවය කෙතරම් දියුනුදයත්, සැටලයිට් කැමරා මගින් වාහනයක ගමන් ගන්නා අයෙකුගේ අති පැහැදිලි ඡායා රූප ගත හැක. භූමියේ කවර ස්ථානයක කවර වේලාවක හෝ වූ සිදුවීමක අති පැහැදිලි වීඩියෝ දර්ශන සැටලයිට් මගින් ලබා ගත හැක.ඔබගේ දුරකථනය, පරිඝනකය ඔබ පිලිබද ඔත්තු බලන මෙවලම් බවට පත් කල හැක.

ලොව හෙල්ලූ ඝාතන

ඩොඩි අල්ෆයිඩ් අතින් ගැබ් ගෙන මුසොල්මානුවෙකු ප්‍රසූතයට සැරසුනු ඩයනා කුමරිය මි-ෆයිව් ( එම්.අයි 5 -බ්‍රිතන්‍ය ඔත්තු සේවාව ) හා මොසාඩ් අතින් ඝාතනය විය.1959දී කියුබානු විප්ලවය ජයගනිමින් ලොව පුරා ගෞරවයට පාත්‍ර ෆිදෙල් කස්ත්‍රෝ 400කට අධික CIA ඝාතන කුමන්ත්‍රනයන්ට ලක් විය.දත් බුරුසුවට ෆොලෝනියම් විෂ මුසු කල මොසාඩ්වරු පලස්තීනයේ නිර්මාතෘ යසර් අරපත් ඝාතනය කලේය.පොට්‍ටු අම්මාන්ගේ ටොසී ඔත්තු සේවය රජිව් සහ ප්‍රේමදාස ඝාතනය කලෝය. හමාස් සංවිධානයේ මිලිටරි නායක අල් මාබෝහ්, මොසාඩ් වරුන්ගේ සුප්‍රකට තත්පර 600 මෙහෙයුමෙන් ඩුබායි හිදී ඝාතනය විය.

අකුරු තුනේ සාපය නොහොත් RAW

ඉන්දියාවේ රෝ ඔත්තු සේවය වූ කලී ලංකාවේ පරම සතුරෙකි. රට ලේ විලක් බවට කල උතුරේ ත්‍රස්තයන් පෝෂනය කලේ මොවුන්ය. 89 ජවිපෙ කාඩරයන් ඇතුලු සිංහල තරුන සංහාරයට මාර්ග සිතියම සැපයුවේ මොවුන්ය. ලංකාවේ නීතිඥයකුද පසුව මාලදිවයිනේ ජනපතිවරයා ද වූ නෂීඩ් බලයෙන් පහ කිරීමේ ක්‍රියා දාමය මෙහෙයවූයේ රෝ සංවිධානයයි. නෂිඩ් රාජපක්ෂලා සමග පැවැත්වූ කිට්‍ටු සම්බන්ධතවය මීට හේතු විය. නෂිඩ් බලයෙන් පහකල රෝ සංවිධානය ඔවුන්ගේ ගැත්තෙකු වූ වහිඩ් බලයේ පිහි‍ටුවාලීය. රාජපක්ෂලා බලයෙන් පහකොට ඉන්දීය රූකඩයක් ලෙස ජනාධිපති සිරිසේන ‍රැගෙන එන්නේද රෝ සංවිධානය විසිනි.

රාජ්‍යතාන්ත්‍ර මුලාව

ලංකාව හා ඉන්දියාව අතර ඇති සංහිඳියාව තවදුරටත් පවතිනවා යැයි කීම හුදෙක් රාජ්‍යතාන්ත්‍රක මුලාවකි. ඉන්දියාව යනු අපේ ලොකු අයියා නොව පරම සතුරු රාජ්‍යකි. සිරිසේනලාගේ ගෝඩ් ෆාදර් ලෙස 2015 මෝඩි මෙරට පැමිනීමට පෙර ඉන්දීය රජ්‍ය නායකයකු අවසන් වරට පැමිනියේ 1987 වර්ෂයේය .87 වර්ෂයේ ඉන්දු ලංකා ගිවිසුම බලෙන් පැටවීමට පැමිනි රජිව් ආපසු ගියේ සිංහලයෙකුගෙන් අම්බානක ගුටි කෑමෙනි. ඉන්දු ලංකා ගිවිසුම යනු හින්දුත්වය අනුව උතුරු නැගෙනහිර ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට වක්‍රව පත්කොට සිංහල ආන්ඩුව ඉන්දියාවේ අල්ලේ නටවන උපක්‍රමයකි.

පරවාගෙන් පරයා වෙන් කල මහින්ද

රාජපක්ෂලාගේ සමයේ දිය රෙද්දෙන් බෙල්ල කපන ඉන්දියානුවන් පමනක් නොව කුප්‍රකට ඉන්දු ලංකා ගිවිසුමද කුනු බක්කියට විසි කර තිබුනි. පරවාගෙන් පරයා වෙන් කර ගැනීම මහින්දට දුෂ්කර නොවීය.

01. ගිවිසුමේ පූර්විකාවේ එන උතුරු නැගෙනහිර දෙමල නිජ බිම යයි පිලිගැනීමට එරෙහිව යමින් උතුරේ සිංහල පවුල් පදිංචි කරවීය. බෞද්ධ වෙහෙර විහාර තැනීය.

02. ගිවිසුමේ දෙවන කොන්දේසිය වූයේ ඉන්දියාවේ අනුමතයෙන් තොර විදේශ හමුදා ඔත්තු සේවා සමග ගනු දෙනු අත් හැරීමය. නමුත් රාජපක්ෂලා වැඩි මනක් ගනුදෙනු කලේ පකිස්ථාන, චීන හමුදා සමගය.

03. තෙවැන්න ඉන්දියාවේ අනුමතයෙන් තොර විදේශ හමුදාවකට වරාය භාවිත කල නොහැකි වගන්තියය. ඉන්දියාවේ එලිපත්තේම පිහිටි කොලඹ වරායට පැමිනියේ චීන න්‍යෂ්ටික සබ්මැරීන්ය.පාකිස්ථානයේ විශාලතම යුද නැව් පැමිනියේය

04. සිව්වැන්න ත්‍රිකුනාමලයේ තෙල් ටැංකි වලට ඉන්දියාව අයිතිවාසිකම් කියන කොන්දේසියය. තෙල් ටැංකි අංගනය යාබද ගුවන් හමුදා කදවුර තුල ගුවන් යානා නඩත්තු කරන බලඝනයක් පිහි‍ටුවීමට රාජපක්ෂලා චීනය සමග ගිවිසුම් ගැහුවේය.

05. පස්වැනි කොන්දේසිය විදුලි සංදේශ සේවා නියාමනය සම්බන්ධයෙනි. රාජපක්ෂලා චීනය සමග එක්ව පැරීසියේ අයිපල් කුලුනටත් වඩා උස නෙලුම් කුලුන තැනීම ඇරඹුවේය. නෙලුම් කුලුනේ ඉදිවන තොරතුරු සම්ප්‍රේශන පද්දතිය සහ චරුපුරුශ සේවා පිලිබදව ඉන්දියාවේ පමනක් නොව ලෝක බලවතුන්ගේද ඇස් උඩ ගියේය.

ලක් පොලොවේ ජුදාස් ලා

පරවාගෙන් පරයා වෙන් කල මහින්ද ඉන්දියාවට පමනක් නොව ලෝක බලවතුන්ටද අභියෝගයක් විය.මහින්ද බලයෙන් පහකිරීම ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ අංක එකට පැමිනියේය. රෝ, සීඅයිඒ,මොසාඩ්, මි-ෆයිව් වැඩට බැස්සේය.මෙහෙයුමේ ප්‍රධානියා වූයේ කොලඹ රෝ ඒජන්තයා වූ කේ ඉලගෝය. හෙල උරුමයට, බොදු බල සේනාවට මුදල් පොම්ප කර මුස්ලිම් බි්ලෙකු මැවීය.රෝ මෙහෙයවීමෙන් බෞද්ධයන්ගේ මුදුන් මුල්කඩ වූ බුද්ධගයාවේ බෝම්බ ඇටවීය, බෞද්ධ භික්ෂූන්ට ඉන්දියාවේදී පහර දී ඒවා ජනමධ්‍ය හරහා ප්‍රචාරය කලේය. සිංහල බෞද්ධයා කුපිත කිරීමට සියලු වෙර යෙදීය.අනතුරුව ‘රෝ’ බලල් අතක් වූ ඥානසාර හරහා භීෂනයක් මවා සුලු ජාතීන් මහින්ද කෙරේ බිදවීය.

මහ ගෙදර කුමන්ත්‍රනය

විස්කි චන්ද්‍රිකා වෙත මුදල් විසිකල ඉංලගෝ මහින්දගේ පක්ෂයෙ කොටසක් කඩා ගැනීමේ දෙවන අදියර දිග හැරීය.තෙවැනි අදියර වූයේ රනිල් තරග බිමට නොයාමට එකග කරවා ගැනීමය. ඉලංගෝගේ ඉල්ලිමට එක පයින් කැමති වුවද නව රජයේ අගමැති ධූරය ඉල්ලා ඉන්දියාව පසුපස යන යාචකයෙකු බවට රනිල් පත් විය.ඉලංගෝ දෙමල සංධානය හරහා මහින්දට එරෙහිව උතුරේ ජන්ද පෙල ගැස්වීය.මෙහෙයුමේ අවසන් අදියෙර වූයේ නූතන ජුදාස්ගේ කූටප්‍රාප්තියයි. සිරිසේන මහින්දට එරෙහිව හිට ගන්නේ ඒ අනුවය. මෙහෙයුමේ මුදල් ගනුදෙනු සිදුකරන මධ්‍යස්ථානය ලෙස භාවිතා කලේ සිංගප්පූරුවයි. සිරිසේන වේදිකාවට ගොඩවන තෙක් ඉන්දියානුවන් කොලඹ සිට මෙහෙය වූ කුමන්ත්‍රනය හෙලි කරගැනීමට අප ඔත්තු සේවා අපොහොසත් විය.

යහපාලන කඩදාසියෙන් එතූ සයිනයිඩ් සීනි බෝල

මැතිවරණයෙදී දෙමල සහ මුස්ලිම් ඡන්ද සියල්ල මහින්දට එරෙහිව ගියේය. අපේ උන් සමහරෙක්ද යහපාලන කඩදාසියෙන් එතූ සයිනයිඩ් සීනි බෝල වලට ගොදුරු විය. අවසන් ප්‍රතිඵලය නිකුත්වූ විගස සිරිසේනට මල්පොකුරක් එවා සුභපැතුවේ ඉන්දීය මහ කොමසාරිස් වයි. කේ සිංහාය. චීන තානාපතිතට සිරිසේන මුණගැසීමට හැකිවුයේ දින 6 කට පසුවයි.ඉන්දියාව සමග ගැසූ ගිවිසුම අනුව ගිය රනිල් අගමැති පු‍ටුවේ බලෙන් වාඩිවිය. එතැන් පටන් සිදුවූයේ ලක් ජනයාගේ පරමාධිපත්‍ය ක්‍රියාවට නැගීම නොව ඉන්දියානු රජයේ කොන්දෙසි එකිනෙක ඉ‍ටුකිරීමය.

ඉන්දියාව ඉදිරියේ දනින් වැටෙන පාලනය

ඉන්දුත්වාදයෙන් වියරු වැ‍ටුනු මෝඩි ලංකාවට පැමිනියේ තම යටත් විජිතයකට පැමිනෙන අයුරිනි. සකල ලක් වාසීන්ගේ නියොජිතයන් ‍රැස් වන පාර්ලීමේන්තුවට ගිය මෝඩි බලය බෙදා උතුරු නැ. පලාත වහා වෙන් කල යුතු බවට තර්ජනය කලේය. ලක් පොලොවේ ජාතික ආරක්ෂාව මෙහෙයවීම ඉන්දියාව අතට පත්විය. ආර්ථික මූලෝපාය සහ ප්‍රතිපත්ති තිරනය කලේ ඉන්දියාව විසිනි.විදේශ ප්‍රතිපත්තිය ඉන්දියාවට මනාප අයුරින් සැකසිනි.දේශපාලනය ක්‍රියාවලිය මුලුමනින්ම ඉන්දියාවේ අනසකට යටව ගියේය.ජනධිපතිවරයා පමනක් නොව අගමැතිවරයා සහ විපක්ෂ නායකයා ‍තෝරා පත් කලේද ඉන්දියාව විසිනි.

රජුන් තැනීමේ තීරක බලය

ඉන් නොනැවතුනු රෝ සංවිධානය චීනය කෙරේ බලපවත්වන වෛරය පිරිමැසීමට පිටිය සැකසීය. චීනයෙන් පි‍ටුවහල් කොට ඉන්දියාවේ දේශපාලන ‍රැකවරන ලබන දලයි ලාමා නම් චීවර ධරියා ලංකාවට ගෙන ඒමට මාන බැලුවේය. ආර්ථික රාමුව තුල චීනය කොන් කලේය. විදේශ ප්‍රතිපත්තිය තුල චීනය කොන් කලේය. සිංහලයා සතු වූ දේශපාලන බලය බෙලහීන කලේය. රජුන් තැනීමේ තීරක බලය ශූක්ෂමව සුලුජාතීන් අතට පත් කලේය.ලොව භයානකම ත්‍රස්ත සංවිධානය පරාජය කරමින් දේශානුරාගයෙන් නැගී සිටි ජාතිය ඉන්දියානුවන්ගේ දෙපා ලෙව කන තත්වයට පත් කලේය.

සිංහ කොඩියේ සිංහයා
යුක්ති යුක්ත දේශපාලන ඉලක්ක සමග නැගී සිටින ජාතිය පරයින්ගේ කුමන්ත්‍රන මගින් යටපත් කල නොහැක. ස්වර්ණ භූමියේ උරුමය ‍රැකීමට ගොඩ නැගෙන දේශමාමක ජන පවුර අධිරාජ්‍යවාදීන්ගේ සැටලයිට් වලට ඉලක්ක කළ නොහැක.

මක් නිසාදයත් , මාතෘ භූමියේ ප්‍රතාපවත් හඩ යලි අවදිව ඇත. සිංහ කොඩියේ සිංහයා රණ බිමට ගොඩ බටව ඇත.පරයන් ඉදිරියේ දනින් වැටෙන රාජ්‍යක නිව‍ටුන් ලෙස නොව සටන්කාමී ධජය මව් බිමේ නාමයෙන් වැලදගත යුතු හෝරාව එලඹ ඇත.

සටහන

මෙම ලිපිය ලියනුයේ මහින්දගෙන් ලද මුදලක් නිසා නොවේ. මහින්දගෙන් ලද ‍රැකියාවක් නිසා නොවේ, ලැප් ටොප් එකක් , මෝටර් සයිකලයක් නිසා නොවේ. මහින්දගේ සමයේ දී ලියුම් කරුට ලක් පොලොවේ ‍රැකියාව අහිමි වූවා මිස හිමිවූ දෙයක් නොවිනි .කරුනු කෙසේ වුවද මෙය මාතෘ භූමිය ගොඩ නැගිය හැකි නායකත්වය මහින්ද සතු බව තරයේ අදහන දේශප්‍රේමියෙකුගේ සටහනක් පමනි.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

Top