Breaking
25 Feb 2025, Tue

ලග්ගල ආයුධ අතුරුදහන් විම පසුපස දේශපාලන හස්තයක්! පරික්ෂණ පොලිසියෙන් ඉවතට

ලග්ගල පොලිසියේ අවි සොරා ගැනීම පසුපස දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන හස්තයක් ඇති බවට පොලිස් පරික්ෂණ හරහා තහවුරු වි තිබේ.අදාළ පරික්ෂණය මෙහෙයවන ජ්‍යෙෂ්ඨ පොලිස් කණ්ඩායමේ සමාජිකයෙකු අප විශේෂ වාර්තාකරු අමග පවසා තිබුනේ අදාළ පොලිස් නිළධාරින්ගෙන් කල ප්‍රශ්ණ කිරිම් වලදි ඔහුන් ලබාදුන් පිළිතුරු හේතුවෙන් එය මැනවින් තහවුරු වන බවයි.අදාළ පොලිස් නිළධාරි පොලිස් ප්‍රශ්ණ කිරිම් වලට පිළිතුරු දිමට අදිමදි කල අතර ඔහුන් විශේෂ නියෝජිතයෙකුට පමණක් පිළිතුරු දිමට කැමත්ත පලකර තිබේන අතර පසුව නමුත් ඉහලින් ආ නියෝගයක් මත  සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන රහහස් පොලිසියට පැවරිමට පොලිසිය කටයුතු කර තිබේ.

පොලිස් සැරයන්වරයකුගේ, පොලිස් කොස්තාපල්වරයකුගේ හා පොලිස් ආරක්ෂක සහායකයකු සිටියදි ලග්ගල පොලිසියේ ආමරියෙන් ටී පනස් හය අවියක් සහ රිවෝලර් පහක් රැගෙන පුද්ගලයෙකු පලා ගිය අතර පසුව පොලිසියේ සිටි නිළධාරි සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කල අතර ඔහුන් මත් වි සිටියේද යන්න සොයා බැලිම සදහා වෛද්‍ය පරීක්ෂණයකට ද යොමු කරනු ලැබුවා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.