Featured

ලසන්ත,රවිරාජ් ඝාතන ගැන ෆොන්සේකාට තොණ්ඩුව වැටේ

මහා මැතිවරණයේ එක්සත් ජාතික පෙරමුණට එකතු කර ගැනිමට පක්ෂ නායකත්වය අකමැති විමත් ඇවන්ගාඩ් සිද්ධිය පසුබිම් කරගනිමින් අධිකරණ අමාත්‍යවරයාට සහ එක්සත් ජාතික පක්ෂයට මඩ ගැසිම හේතුවෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරිමට මෙහෙයුම් දියත් කල ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රශ්ණ කිරිමට වහාම කටයුතු කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා රහස් පොලිසියට නියෝග කර තිබේ.

ජෝෂප් මයිකල් පෙරේරා 2008 ජුලි 8 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ සරත් ෆොන්සේකා විසින් මෙහෙයවන ලද විශේෂ කණ්ඩායමක් මඟින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කල බවය එම ප්‍රකාශය පදනම් කරගනිමින් මෙම පරික්ෂණ ආරම්භ කිරිමට සුදානම් කර තිබේ.

ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනයට ලක් වූයේ ෆොන්සේකා මහතා හමුදාපතිවරයාව සිටි 2009 වසරේ ජනවාරි මාසයේ දී වන අතර ඔහු ඝාතනයට ලක් වූ රත්මලාන ප‍්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බවට එවකට නම් කර තිබිණි. එය භාරව සිටි හමුදා නිලධාරියා වූයේ එවකට බි‍්‍රගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන මහතාය. ඔහු ෆොන්සේකා මහතාගේ අතිශය සමීපතම නිලධාරියෙකි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීමට මෙහෙයුම දියත් කිරිම සම්බන්ධයෙන් ද ෆොන්සේකා මහතාගෙන් ප්‍රශ්ණ කිරිමට වහාම කටයුතු කිරිමට සුදානමක් පවති.

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා නඩරාජා රවිරාජ් ඝාතනය කල මෙහෙයුම

යුධ හමුදාවේ ඔලමොට්ටල කාල තුවක්කු ප්‍රහාරයකින් මඩකලපුවේ වාහරෙයි ප්‍රදේශයේ පාසැලක වූ අනාථයන් 29ක් ඝාතනය විය. කුඩා ලමුන් 8ක් ගැබිනි මව්වරු දෙදෙනෙකු ඒ අතර වෙයි. මීට විරෝදය පෑමට දෙමල ජාතික සංධානය කොලඹ එ.ජා කාර්යාලය ඉදිරිපිට ‍රැස්විය. එහි ප්‍රධාන ක්‍රියාකාරිකයා වන්නේ රවිරාජ්ය.යුධ හමුදාවේ අත්වැදීමකින් සිදුවූ මෙම ප්‍රහාරයේ වගකීම බැර වූයේ සරත් ෆොන්සේකා වෙතය.ඒ අනුව එ.ජා කාර්යාලය ඉදිරි පිට විරෝධයෙන් වඩාත් අපහසුතාවට පත් වූයේ ෆොන්සේකාය. රවිරාජ් මහින්දගේ අතිශය සමීප මිත්‍රයකු විය. ඔහු කිසිවිටෙකත් මහින්ද විවෙචනය නොකල අතර පහර ගැසුවේ සරත් ෆොන්සෙකා වෙතය.

මරා දැමීමට පෙර උදෑසන වූ රූපවාහිනී වැඩසටහන

මරා දැමීමට පෙර වූ උදෑසන දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට රවිරාජ් සහභාගි වී තිබිනි.රවිරාජ් එම වැඩසටහන තුලදී ෆොන්සේකාගේ ප්‍රතිපත්ති තර්කිකව අභියෝගයට ලක් කෙරීය. දෙමලාගේ වත්තේ දෙමලා සි‍ටුවූ පොල් ගහේ ගෙඩි අහුලාගෙන විත් යුධ හමුදා වෙලදසල් වල තබා ගෙඩියක් රු 400 බැගින් එහි අයිතිකරුවන්ටම අලෙවි කරන අයුරු හෙලි කලේය. ෆොන්සේකාගේ බිස්නස් එක අසාධාරන බව පැවසීය. උතුරට වූ සියලු ගොඩබිම් සැපයුම් මාර්ග වසා දැමීමෙන් උතුරේ ජනයා හෙම්බත්ව ඇති බව පැවසීය. දෙමලා විදින දුක තේරුම් ගැනීමට නම් සතියක් හම්බන්තොටට වූ සියලු ගොඩබිම් මාර්ග වසා ප්‍රතිවිපාක අත්දකින ලෙස ඔහු ෆොන්සේකාට අභියෝග කලේය. ආකර්ශනීය ලෙස සිංහල බස හසුරවමින් දකුනේ ජනතාව වෙත ගෙන එන පනිවිඩය ෆොන්සේකාට මරු පහරක් විය.

උන්ඩය ක්‍රියාත්මක කල හස්තය සහ න්‍යාය ගොඩනැගූ ශරීර

උන්ඩය ක්‍රියාත්මක කල හස්තය සහ න්‍යාය ගොඩනැගූ ශරීර දුරස්ථය. නමුත් රවිරාජ් ඝාතනයේ න්‍යාය කවරෙකුගේද යන්න නොරහසකි.රවිරාජ් ගේ බිරිදට රු ලක්ෂ 50 ක වන්දියක් රජයෙන් හිමිවිය. යහ පාලන රජය බලයට පැමිනි පසු රවිරාජ් ඝාතනයට සැක පිට යයි අත් අඩංගුවට ගත් නාවික හමුදාවේ පිරිස ඊට වගකිව යුත්තන් නොව එය හුදු මාධ්‍ය සංදර්ශනයක් පමනි.එ පමනක් නොව ජෝෂප් මයිකල් පෙරේරා 2008 ජුලි 8 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ සරත් ෆොන්සේකා විසින් මෙහෙයවන ලද විශේෂ කණ්ඩායමක් මඟින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කල බවය. ප්‍රදීප් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් මරා පුලුස්සා දැමුවේ චම්පික රනවක බවට සාක්ෂි පරීක්ෂණ කන්ඩායම් සතුය. චූදිතයන් සියල්ල අද යහපාලන ආන්ඩුව සමගය.

උපුටා ගැන්ම -විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක ලියු බල්ලන් සමග නිදිවැද මැක්කන් සමග නැගිටීම

 

Top