Featured

ලසන්ත ඉවත් කිරිම ගැන රනිල් කීපේ – කුමන්ත්‍රණකාරයන්ට අනතුරු අගවයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉහළ නිර්දෙශ මත ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ලෙස පත්කල ඵක්සත් ජාතික පක්ශයේ කෟත්‍යාධිකාරි මණ්ඩල සාමාජික ලසන්ත ගුණවර්ධන අදාළ තනතුර සදහා සුදුසුකම් සපුරා නැති බව කියමින් ඉවත් කිරිමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝග මත බවට අනාවරණය වි ඇති බව රනිල් පිළේ ප්‍රභලයෙකු සදහන් කළා.

පසුගිය කාලසිමාවේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එම තනතුරින් ඉවත් කිරිමට කුමන්ත්‍රණය කල රනිල් විරෝධීන් ලසන්ත ඉවත්කිරිම පසුපස සිටින බවත් ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා සතුව් තොරතුරු ඇති බවද එම ප්‍රකාශකයා සදහන් කළා.

ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ලෙස ලසන්ත ගුණවර්ධන පත්කලේ අගමැති බවත් එම් පත්විමේ ස්වරූපය අනුව ඔහුව ඉවත් කළ හැක්කේ අගමැතිවරයාට පමණක් බව කුමන්ත්‍රණකරුවන් දැනගත යුතු බවද ඔහු සදහන් කළා.

ලසන්ත ගැන ගෙන ඇති තින්දුව සම්බන්ධයෙන් අගමැතිවරයා සහ වගකිවයුතු නිළධාරි අතර සාකච්ඡාවක් සිදුවු අතර ඒ අනුව ඉදිරියේදි තින්දු ගන්නා බවද ඔහු අනාවරණය කළා.

පක්ෂයේ බලය ඇල්ලිමේ සහ අනාගත් ජනාධිපති විමේ සිහින දකිමින් උදේ,හවස සිරිසේන ජනාධිපතිවරයාගේ පස්සේ වැටිමින් කුමන්ත්‍රණය කරන කණ්ඩායම් වලට වැඩි ආයුෂ නොමැති බව දැනගෙන සිටිම ණුවනට හුරු බවද ඔහු සදහන් කළා.

ලංකාපුත්‍ර බැංකු වෙි සභාපති ලෙස 2015 වසර මුලදි පත්කල ලසන්ත ගුනවර්ධන එම තනතුරෙන් ඉවත් කිරිම් සම්බන්ධයෙන් මහබැංකුව සදහන්කර ඇත්තේ එම තනතුර සදහා අවශ්‍ය අවම සුදුසුකමි ඔහු සපුරා නොමැති බවයි. බැංකුවෙි ණය ලබා දිමේ ක්‍රියාවලි වලදි මුල්‍ය අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව පාර්ලිමෙින්තු කෝප් කමිටුවෙදිද හදුනාගෙන ඇති අතර 2015 ජනවාරි පළමු වන දා සිට 2016 මාර්තු මස 3 වන දා දක්වා කාලය තුළ නියමිත සුදුසුකම් සපුරා නොමැති නිලධාරීන් 64ක් බැංකුවට බඳවා ගෙන ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.

මේ අතර ලසන්ත ගුණවර්ධන මහතා තනතුරින් ඉවත් කිරීම පිළිබඳව ලංකාපුත්‍ර බැංකුවේ එක්සත් ජාතික පක්ෂටය අයත් ජාතික සේවක සංගමයේ නියෝජිතයෝ විරෝධය පළ කරන අතර මහ බැංකුවේ තීන්දුවලට අභියෝග කරමින් ලසන්ත ගුණවර්ධන සභාපති තනතුරේ කටයුතු කරමින් සිටිනබ්අ වද වාර්තා වේ.

Top