Featured

ලසන්ත බේරා ගන්න විමල් අල්ලන FCID මෙහෙයුම කල්දමයි…

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීම සදහා යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් තිබු කුමන්ත්‍රණය අවසාන මොහොතේ සිරිසේන ජනාධිපතිවරයාගේ බත් බැලයෙකු ගලවා ගැනිම සදහා අත් හැර දැමිමට සිදුවු බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

හම්බන්තොට විකුණා දැමිම සහ බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මත කිරිම ඇතුලු ආණ්ඩුවේ මේහෙයුම් වලදි යහපාලනයට හිසරදයක්ව තිබේන විමල් විරවංශ මහතා අත් අඩංගුවට ගැනිම සදහා ඉහල පෙලේ කුමන්ත්‍රණයක් දියත් වු අතර එහි ප්‍රථ්පලයක් ලෙස පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) වෙත නියෝග පනවා තිබුනේ එක දිගට ප්‍රශ්ණ කිරිම් හරහා විමල්ගේ කට උත්තරය පටලවා ගැනිමට කටයුතු කර ඒ හරහ අත් අඩංගුවට ගැනිමට කටයුතු කරන ලෙසයි.

එසේ නොමැති නම් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට කැදවීමකින් තොරව එහි නිලධාරීන් පිරිසන් හිටිහැටියේ මන්ත‍්‍රීවරයාගේ නිවසට හෝ ඔහු සිටිනා ස්ථානයකට පැමිණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට අදාළ මෙහෙයුම දියත් කර තිබු අතර ජනාධිපති ලේකම් කාර්යාලයට සහ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයට අයත් වාහන අවභාවිතාව සම්බන්ධයෙන් එල්ල වී තිබූ චෝදනාවට මුල්කර ගනිමින් මෙම අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුම දියත් කර තිබුනා.

කෙසේවෙතත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයට අයත් වාහන අවභාවිතාව සම්බන්ධයෙන් විමල් වීරවංශ අත් අඩංගුවට ගැනිමට FCID ය කටයුතු කලේ නම් එහි නීතිමය කටයුතු සිදුකිරිමේදි සිරිසේන ජනාධිපතිවරයාගේ බත් බැලයෙකු වන විමල් ඇමතිව සිටියදි නී.ඇමතිව කටයුතු කල ලසන්ත අලගියවන්නට බරපතල චොදනා රැසක් එල්ල වන බව දැන ගත් ලසන්ත ජනාධිපතිවරයාට පණිවිඩ පිට පණිවිඩ එවා තිබේ.

පසුව ජනාධිපතිවරයා හමුවි ඇති විමල් අත් අඩංගුවට ගැනිම හරහා ලසන්ත තමන්ට එල්ල වන චොදනා එජාපය පාවිච්චි කරමින් තමන්වද සිරගත් කිරිමට කටයුතු කරනු ඇති බව පෙන්වා දි තිබේ.පසුව ශ්‍රීලනීප මහා ලේකම් දුමින්ද දිසානායකද ජනාධිපතිවරයාට දුරකතනයෙන් කතාකොට මෙම ගැටලුව ලිහා ගැනිමට අවශ්‍ය බව පෙන්වා දි තිබේ.ඒ අනුව විමල් අත් අඩංගුවට ගැනිමට යහපාලනය දියත් කරමින් තිබු කුමන්ත්‍රණය ලසන්ත බේරා ගැනිම වෙනුවෙන් වහාම දැනට හකුලා දැමිමට ජනාධිපතිවරයා මැදිහත් වි තිබේ.

Top