Breaking
19 Apr 2025, Sat

ලාංකේය තලේබාන් කල්ලියේ සෞදි නාඩගම

සෞදියේදී මරා දැමීමට නියමිත ලාංකේය කාන්තාව බේරාගැනීම උදෙසා වූ උද්ඝෝෂණ දෙකක් පසුගිය දෙසැම්බර් 3වැනිදා සෞදි තානාපති කාර්යාලය හා එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි. සෞදි තීන්දුවට එරෙහිව ඉදිරියටද මෙවන් විරෝධතා වැඩසටහන් පැවැත්වෙන බව අසන්නට ලැබේ. මේවාට සහභාගී වී සිටියේ සිවිල් සමාජ, විකල්ප, රැඩිකල් ආදී නම්වලින් තමන්ව හඳුන්වා ගන්නා මහත්ම මහත්මීන් පිරිසකි. මරණයට කැපවූ කාන්තාවගේ පිහිටෙන් ආණ්ඩුවේ කුලීකාර පුවත්පතක වෙළඳ ප්‍රවර්ධන වැඩසටහනක්ද මීට සමගාමීව දියත්ව තිබිණි. ඒ කුමන තලගොයි මැරීම් අතරේ වුවද සාධාරණ ප්‍රශ්නයක් වෙනුවෙන් ඔවුන් කළ මේ මැදිහත්වීම පළමුව දෑතම ඔසවා අගය කළ යුතුවෙයි. එහෙත් ඒ සමඟම ඔවුන්ගේ සැබෑ දේශපාලනය හා මේ ඊනියා සෞදි විරෝධය අතර වන ඉල ඇදෙන පරස්පරතා පෙන්වාදීමද කළ යුතුව තිබේ. ඒ මන්දයත් අසරණ කාන්තාවන්ට හා ප්‍රගතිශීලී සටන් පාඨවලට මුවාවී තම ලේ අසූචි සෝදා ගැනීමට ලාංකේය තලේබාන් කාරයන්ට ඉඩ තැබිය යුතු නැති බැවිනි.

ලංකාව තුළ ජාතිවාද විරෝධී සටන් පාඨ ඉහලම ශබ්දයෙන් මුරගානු ලබන්නේ ක්‍රියාවෙන් අන්ත ජාතිවාදීන් වන තලේබාන්කාරයන් පිරිසකි. සිවල් සමාජ උගතුන් හා ඔවුන්ගේ කුක්කන් ඉත්තන්ගෙන් සමන්විත මේ පිරිස එදා සිටම ජාතිවාදයෙන් නොනැවතී ජාතිවාදය මත පදනම් වූ මිලේච්ඡ ත්‍රස්තවාදය වෙනුවෙන්ද පෙනී හුන්නෝය. මුස්ලිම් අන්තවාදය මේ රට තුළ වේගයෙන් හිස ඔසවන විට ඔවුහු කොටි ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටි මාත්‍රාවෙන්ම, මුස්ලිම් අන්තවාදය වෙනුවෙන්ද පෙනී හුන්නෝය. එහෙව් අපූරු මහත්ම මහත්මීන් පිරිසකට අද හදිසියේම ශරියා නීතියේ මිලේච්ඡත්වය ගැන, සෞදියේ මානව හිමිකම් ගැන, පමණක් නොව එක්සත් ජාතීන් ගැනද බරපතල ප්‍රශ්න මතුවී තිබේ. සෞදි ප්‍රශ්නය හමුවේ කසාය බිව් ගොළුවන් වී සිටින තමන්ගේ යහපාලන ආන්ඩුව ගැන ප්‍රශ්න මතුනොවීම කෙසේ වෙතත් ඉහත කී කාරණා කිහිපය හෝ ඔවුන්ට සිහිපත් වීම අපගේ සතුටට හේතුවකි. එසේවුවද ඔවුන්ගේ විශ්වාන්තර දේශපාලන චින්තනයට අනුව ගතහොත් මෙවන් අයථා උද්ඝෝෂණ නිසා මුස්ලිම් ජනතාවගේ සිත් රිදීම් ඇතිවිය හැකිය. ජාතිවාදය, වර්ගවාදය ඇවිස්සිය හැකිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ගරු කටයුතු ආයතන ඉදිරියේ උද්ඝෝෂණ පැවැත්වීමෙන් ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය නැති නාස්ති වී යා හැකිය. ඒ නිසාම අන්‍ය සංස්කෘතීන් ඉවසන බහු සංස්කෘතික විශ්ව පුරවැසියන් ලෙස අප කළ යුත්තේ සෞදියේ ආගමික සංස්කෘතික අනන්‍යතාවට ගරු කරමින් මෙවන් මරණ දඬුවම් ඉවසා දරා ගැනීමය. ඒ වර්ගයේ පුදුමාකාර අදහස් දැරූ පිරිසකට අද තම පත්තරයේ ප්‍රචාරක වැඩක් ලෙස හෝ ඊනියා සෞදි විරෝධයක එල්ලෙන්නට සිදුවී තිබේ. කෙසේවුවත් එය ඇත්තෙන්ම ආශ්චර්යයකි.

වනචාරී ධනවාදය සමඟ ගේම්ගැසීම ජීවිකා වෘත්තිය කරගත් කසිකබල් පශ්චාත් නූතනවාදියෙකුගේ කතුකමින් යුත් පුවත්පතක් මේ සෞදි විරෝධයට අනුග්‍රහය දක්වන බව පැවසේ. කුමාර් ගුණරත්නම්ගේ සමාජවාදී මාත්‍රාව උත්සන්න වීමෙන්, අවසානයේදී සන්නස්ගලගේ අසූචි සෝදන්නන් බවට පත්වූ පෙරටුගාමී ගල් කොල්ලෝද අද මේ පත්තරයේ සේවය කරති. ඔවුන්ගේ අනුග්‍රහයෙන් යුත් මේ උද්ඝෝෂණවලට සහභාගී වී සිටි ලාංකේය තලේබාන් කල්ලියේ සංයුතිය කෙසේවේද ?

පසුගිය කාලයේදී හලාල් ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටි නිවටයෝ මේ අතර සිටිති. ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් නැති බවත්, ඇත්තේ ඔවුන්ගේ සාර්ථක ව්‍යාපාර ගැන ජාතිවාදී සිංහලයාගේ ඊර්ෂ්‍යාව පමණක් බවත්, කියූ මරි මෝඩයෝ මෙහි සිටිති. එක්සත් ජාතීන්ගෙන් ලංකාවට යුක්තිය අයැද සිටින වැලේ වැල් නැති වාමාංශිකයෝ මෙහි සිටිති. එපමණක්ද නොවේ. ලංකාවට බටහිර විරෝධී සංවිධාන හොඳ නම්, නයිජීරියාවට බොකෝ හරාම් නරක මන්දැයි ඇසූ විකට ඇදුරෝද මේ ගරු අවස්ථාවට සහභාගී වූහ. එදා මිනීමරු මුස්ලිම් අන්තවාදයට පක්ෂව කළු සුදු පත්තරවල සිය ගනන් ලිපි සහ කවි කතන්දර වපුරන ලද්දේද, දැන්වීම් පළකරන ලද්දේද මේ තක්කඩියන් පිරිසම බව මෙහිදී කිසිවිටෙකත් අමතක කළ යුතු නොවේ. මොවුන්ගේ මේ අන්ත ජාතිවාදී මිලේච්ඡ හා තලේබාන් හැසිරීම කුමක් දැයි පෙන්වා දියහැකි තව උදාහරණ අපමණය. සියල්ල මෙහි ලිවිය නොහැකි වුවද අවශ්‍ය නම් ඒවා දින වකවානු හා නිශ්චිත මූලාශ්‍රද සහිතව පෙන්වා දිය හැකිය. තමන්ගේ රට තුළ මිලේච්ඡ ඉස්ලාම් අන්තවාදයට අදාල සිදුවීම් සියදහස් ගණනින් පෙළ ගැසෙන විට, ඊට එරෙහි නොවීමෙන් නොනැවතී, ඒ වෙනුවෙන් රෙදි නැතුව පෙනී සිටි මේ හිවල් රැළට අද ෂරියා නීතිය සිහිපත් වී තිබීම තරම් දේශපාලන විගඩමක් තවත් තිබේද? මුස්ලිම් අන්තවාදයේ මිලේච්ඡත්වය හා මුග්ධකම සෞදියට එකක් හා ලංකාවට තව එකක් නොවන බව මෙරට මුස්ලිම් සමාජයේ හැසිරීම්වලින් පවා මනාව පැහැදිලි වන බව මේ අමනයන්ට මතක් කර දිය යුතුව තිබේ.

මේ අනුව ඔවුන් අද තෝරාගෙන ඇත්තේ තමන්ගේ දෘෂ්ටිවාදයට මෙන්ම ක්‍රියාකාරීත්වයටද සපුරා පටහැනි සටන් පාඨයකි. ඒ වෙනුවට ඔවුන්ට හොඳින්ම ගැලපෙන උණු උණු දේශපාලන සටන් පාඨයක් අද තිබේ. මේ මොහොත වනවිට වීරෝධාර අයිඑස්අයිඑස් විමුක්තිකාමීන් සිය දහස් ගණනක් ඉස්ලාම් විමුක්තිය උදෙසා සිරියානු භූමියේ ජීවිත පුද කරමින් සිටිති. ලංකාවේ කොටි සංවිධානය වෙනුවෙන් කප්පරක් කවි ගී ලියූ සියලු යුධ විරෝධී කවියන් හා පඬියන් මේ මොහොතේ මේ මිලේච්ඡ අයිඑස් සංහාරයට එරෙහි විය යුතුව තිබේ. ඒ ත්‍රස්තවාදය මර්දනය කිරීම ලෝකයේ ඇති ලොකුම පාපකර්මය වන බැවිනි. ඒ අනුව ඔවුන් අද වහා වහා කළයුත්තේ කාන්තාවක් වෙනුවෙන් මුරගෑම නොව මේ අයිඑස් සංහාරයට එරෙහිව රටපුරා යුධවිරෝධී උද්ඝෝෂන සංවිධානය කිරීමය. ෂරියා නීතියට එරෙහිව කෑ ගසන්නට ගොස් ජාතිවාදය අවුස්සනවාට වඩා එවැනි උද්ඝෝෂණයක් ඔවුන්ගේ දේශපාලන න්‍යායට මෙන්ම භාවිතයටද හොඳින්ම ගැලපෙයි. සත්හඬට අමතරව ජනරළ, රාවය, සහ ලංකා වැනි පුවත්පත්වල අනුග්‍රහයද ඊට පහසුවෙන්ම ලබාගත හැකිය.

ඉසුරු ප්‍රසංග

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.