Breaking
23 Feb 2025, Sun

ලාබෙට විකුණුන මන්ත්‍රීන්ට මාර වැඩේ! ඩොලර් වලට විකුණුන දමිළ දේශපාලකයන්!

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා තෝරා ගැනිම සදහා වු ඡන්දය සදහා මන්ත්‍රීවරුන් හට ලබාදිමට එකඟවු මුදල් නිසී පරිදි නොලැබිම සහ එය සම්බන්ධිකරණ කල රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු දිගින් දිගටම මග හැරිමත් හේතුවෙන් අලුත් ආණ්ඩුව තුල අර්බුදයක් හටගෙන තිබේන බව LNN දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.තමන්ගේ මුදල් ඉක්මනින්ම නොලැබෙන්නේ නම් ඉදිරියේදි පාර්ලිමේන්තුවේ ස්වාධීන විම හෝ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී නොසිටිමට ඔහුන් තින්දුවක් ගැනිමට නියමිත බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

පාර්ලිමේන්තුව තුල ඡන්දය රනිල්ට ලබා ගැනිම සදහා ඇමරිකානු ඩොලර් (US$ 75,000 සිට US$ 100,000) අතර පරාසයක මුදල් මන්ත්‍රීවරුන් සදහා ලංසූ තබා තිබු අතර සුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සදහා එම මුදල් එම අවස්ථාවේදිම ලබාදිමට කටයුතු කර තිබේ. කෙසේවෙතත් සාමාන්‍ය මන්ත්‍රීවරුන් සදහා ලංසු තබා ඇත්තේ රුපියල් මිලියන 20ක මුදලක් වන අතර එයින් මිලියන 5 බැගින් ඊට පෙරදිනයේම ලබාදිමට කටයුතු කර තිබේ.

පාර්ලිමේන්තුවේ ජනපති සටන සදහා ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් විමත් ඔහුට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහය ලැබිමත් සමග පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු දේශපාලන පක්ෂ ඒ වටා එකරාශී විමත් සමග මන්ත්‍රීවරුන් සදහා වන ඉල්ලුම ඉහල ගිය අතර වාර්තා වන අන්දමට සජිත්ගේ පක්ෂය නියෝජනය කල මන්ත්‍රීවරුන් 10 දෙනෙකු රනිල් වික්‍රමසිංහ හට සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ. ඒ සම්බන්ධයෙන් වන මුල්‍ය ගණුදෙනු සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබුනේ වත්මන් පොලීසිය භාර අමාත්‍ය ටීරාන් අලස් විසිනි.

ඩොලර් වලට විකුණුන දමිළ දේශපාලකයන්!

ජුලි 19 වැනි අඟහරුවාදා සවස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම ආර් සම්බන්ධන් මහතාගේ නිවසේදී රැස්විය. ඩලස් අලහප්පෙරුම/ සජිත් ප්‍රේමදාස සංයෝජනයට පක්ෂව ආර් සම්බන්ධන් මහතා සහ එම් ඒ සුමන්තිරන් මහතා සමඟ එක් එක් අපේක්ෂකයින් තිදෙනාට පක්ෂව සහ විපක්ෂව තර්ක සාකච්ඡා කෙරිණි. විවිධ කරුණු අතර ඉන්දියානු මනාපය ද සලකා බලන ලදී.රනිල් වික්‍රමසිංහ අගමැති හෝ ජනාධිපති වීම ගැන ඉන්දියාව එතරම් කැමැත්තක් නොදක්වන බව එහිදි දුරකථනයෙන් ඉන්දීයාවේ බුද්ධී අංශ සමග කල සාකච්ඡාවකට අනුව පැහැදිලි විය.ඒ අනමැතිවරණයට පෙර දිනයෙ රාත්‍රී 10 වන විට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අලහප්පෙරුමගේ අපේක්ෂකත්වයට පක්ෂව ඡන්දය දීමට ඒකමතිකව තීරණය කළහ.

තත්ත්වය එසේ තිබියදි උතුරේ දේශපාලනය කරන ආණ්ඩුවේ සහය ලබන කිහිප දෙනෙකු වජිර අබේවර්ධනගේ නිවසට ගොස් සිටි අතර ඒ අතර සෙල්වම් අඩෙයිකලනාදන් – දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය, (TELO) සභාපති, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජන ගෝවින්දන් කරුණාකරන් – මඩකලපු දිස්ත්‍රික්කයේ ටෙලෝ පාර්ලිමේන්තු මන්ත්‍රී, Vino Noharathalingam – වන්නි දිස්ත්‍රික්කයේ ටෙලෝ පාර්ලිමේන්තු මන්ත්‍රී, ධර්මලිංගම් සිද්ධාර්ථන් – දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානයේ (ප්ලොට්) නායක – යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, චාල්ස් නිර්මලනාදන් – ITAK – වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද සිටියා.

සිද්ධාර්ථන් (ප්ලොට් නායක) සහ අඩෙයිකලනාදන් (ටෙලෝ සභාපති) යන දෙදෙනාම තවමත් හමුදා බුද්ධි අංශයේ වැටුප් ලේඛනයේ සිටින දේශපාලකන් වන අතර ඔහුන්ට අවශ්‍ය රැකවරණය තවමත් ලබා දෙන්නේ බුද්ධී අංශයෙ විශේෂ කණ්ඩායමක් විසිනි.

මධ්‍යම රාත්‍රියෙන් පසු සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ (ACMC) පාර්ලිමේන්තු මන්ත්‍රී S.M.M.Mushraf සහ ITAK – ITAK – අම්පාර දිස්ත්‍රික් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී තවරාජා කලෙයි අරසන් එජාප සභාපතිවරයාගේ නිවසට පැමිණ තිබේ. අදාළ දමිළ මන්ත්‍රීවරුන් සදහා උපරිම මුදල USD වලින් පිරිනමනු ලැබ තිබේ.තත්ත්වය එසේ විමෙන් TNA මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය (දසයෙන් හයක්) තම පක්ෂයේ ඒකමතික තීරණයට එරෙහිව රහස් ඡන්දයකින් රනිල් වික්‍රමසිංහට පක්ෂව ඡන්දය ලබා දි තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.