Breaking
24 Feb 2025, Mon

ලෙයින් යකඩින් මර්දනය කළ යුතු මුස්ලිම් අන්තවාදය

සිකුරාදා දිනයේ රාත්‍රිය එළඹෙද්දී බංගලාදේශයේ ඩකා අගනුවර රාජතාන්ත්‍රිකයින් වෙසෙන කලාපයේ පිහිටි Holey Artisan Bakery ආපන ශාලාව ගනුදෙනුකරුවන්ගෙන් පිරී තිබිණි. මෙම ආපන ශාලාව විදේශිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය තැනක්‌ විය. කිසිවකු නොසිතූ නොපැතූ පරිදි යක්‍ෂයාගේ හෝරාව එළඹියේ රාත්‍රි 9.20 ට පමණය. ආපන ශාලාවේ සිටි ගනුදෙනුකරුවන් රාත්‍රී ආහාරය ගනිමින් සිටියදී අල්ලාහු අක්‌බර් කියමින් අයිසිස්‌ සාමාජිකයන් හත්දෙනකු මේ ස්‌ථානයට කඩා පැන්නේ අවි ආයුධ මෙන්ම මන්නා පිහි වලින්ද සන්නද්ධවය.

ත්‍රස්‌ත කණ්‌ඩායම මෙම අවන්හලට කඩා පැන හතළිහකට අධික පිරිසක්‌ ප්‍රාණ ඇපයට ගත් අතර ඒ පිරිස අතර ශ්‍රී ලාංකික යුවලක්‌ද විය.

අයිසිස්‌ ත්‍රස්‌ත පිරිස පුරා පැය 12 කට අධික කාලයක්‌ අවන් හලේ සිටි පිරිස ප්‍රාණ ඇපයට ගෙන තිබූ අතර මුස්‌ලිම් නොවන අය තෝරා බෙලිකපා ඝාතනය කර තිබේ. කුරානයේ පාඨ කට පාඩමින් කීමට නොහැකි පිරිස වෙනම තෝරාගෙන ඔවුන් ඝාතනය කර ඇත්තේ ඉතා කෲර අන්දමිනි. මෙලෙස ඝාතනය වූ පිරිසට ඉතාලි ජාතිකයන් 9 දෙනෙක්‌ ජපාන ජාතිකයන් හත්දෙනෙක්‌ එක්‌ ඉන්දියානු තරුණියක්‌ හා ඇමරිකාන තරුණියක්‌ද ඇතුළත් වේ. එමෙන්ම තවත් බංගලාදේශ ජාතිකයන් දෙදෙනකුද මෙම මූලධර්මවාදී යක්‍ෂයින් අතින් ඝාතනය විය.

පැය දොළහකට පසුව බංගලාදේශ කමාන්ඩෝ භටයන් මෙම ආපන ශාලාවට කඩා වැදී අයිසිස්‌ ත්‍රස්‌තයන් හයදෙනකු ඝාතනය කර එක්‌ අයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්විය.

මෙහිදී ආරක්‍ෂක අංශ මගින් ත්‍රස්‌ත පිරිස විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබූ 13 දෙනකු බේරාගත් අතර එයට ශ්‍රී ලාංකික යුවළද ඇතුළත්වීම ගැන ලාංකිකයන් සැනසුම් සුසුම් හෙලූහ.

ඩකා ප්‍රහාරයෙන් පසුව ජාතිය ඇමතූ බංගලාදේශ අගමැතිනි ෂීක්‌ හසිනා ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරය ඉතා දරුණු ම්ලේච්ඡ ක්‍රියාවක්‌ බවත් මෙය සිදුකළ පුද්ගලයන් මුස්‌ලිම්වරුන්ද නැත්නම් ඔවුන්ට ආගමක්‌ නැද්ද යන්න පිළිබඳ ප්‍රශ්නයක්‌ මතුවන බවයි.

මෙම ප්‍රහාරයත් සමඟ අයිසිස්‌ සංවිධානය සමාජ ජාලා වෙබ් අඩවි හරහා මෙහි වගකීම භාරගත් අතර ඉරාකයේ හා සිරියාවේදී තම සංවිධානයට එරෙහිව එල්ල කරන ගුවන් ප්‍රහාරවලට එරෙහිව මෙම ප්‍රහාරය දියත් කර ඇති බව සඳහන් කර තිබිණි. ආපන ශාලාවේදී ඝාතනයවූ බහුතර ඉතාලි හා ජපාන ජාතිකයන්වූ අතර එම රටවල් දෙකම සිරියාවේ හෝ ඉරාකයේ යුද්ධයට සම්බන්ධ වී නැත. මෙම ආපන ශාලාවේ අරක්‌කැමියකු වන ආජන්ටිනා ජාතික දියාගෝ රොසිනි සිය අත්දැකීම් මෙලෙස විස්‌තර කර තිබිණි.

“ඇත්තටම මට විශ්වාස කරන්න බැහැ මොනවා වුණාද කියලා. ඒක හරියට චිත්‍රපටයක්‌ වගෙයි. ඔවුන් මටත් තුවක්‌කුව දික්‌කලා. හැම තැනටම වෙඩි තිබ්බා කොහොම හරි මම පිටිපස්‌සෙන් පැනලා අසල තිබ්බ ගොඩනැඟිල්ලකට ගියා.

මෙහිදී ඝාතනයට ලක්‌වූ ඉන්දීය තරුණිය එනම් 19 හැවිරිදි තරුෂි ඡේන් දරුණු ලෙස වද හිංසාවලට ලක්‌ව ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. තරුෂිගේ පියා සන්ජීව් ඡේන් ඩකා අගනුවර වසර 20 ක කාලයක පටන් ඇඟළුම් ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යන පුද්ගලයෙකි.

තරුෂිගේ දේහය අද නවදිල්ලි නුවරට රැගෙන ඒමට නියමිතය. අබින්තා කබීර් නම් ඇමරිකානු තරුණියද මෙහිදී ඝාතනයට ලක්‌ව ඇති අතර ඇය ඇමරිකානු විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි. ජපාන අගමැති ෂින්ෂෝ අබේ ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රහාරයෙන් ඝාතනය වූ ජපාන ජාතිකයන් සත්දෙනා අතර කාන්තාවන් දෙදෙනෙක්‌ද වන බවයි.

පසුගිය කාලය පුරාම බංගලාදේශයේ මුස්‌ලිම් අන්තවාදී ක්‍රියා වර්ධනයවූ අතර බෞද්ධයන්ට හින්දුන්ට මෙන්ම විකල්ප මතධාරීන්ටද නිරන්තරව ප්‍රහාර එල්ල විය. මුස්‌ලිම් අන්තවාදී ක්‍රියා මර්දනය නිසි පියවර නොගත්තේ යෑයි හසීනාගේ රජයට චෝදනා එල්ලවිය. එහෙත් මේ ප්‍රහාරයෙන් පසුව ඇයට සාරියෙන් මුහුණ වසාගෙන සිටිය නොහැක. මේ අන්තවාදය ලෙයින් යකඩින් මර්දනය කළ යුතුමය.

-චතුර පමුණුව-

තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර ගුවන්තොටුපොළ පරිශ්‍රයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.