Featured

ලේක්හවුස් ගණිකා වෘත්තීයේ යෙදවු දසයා ඌව පරණගම ආසන සංවිධායක වු හැටි

ලේක්හවුස් ආයතනයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයට නිලධාරීන් තෝරා පත් කර ගැනීම සඳහා පසුගිය දිනෙක පැවැති ඡන්ද විමසීමේදී ඡන්ද එකසිය ගණනක් ලැබූවකු ද මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයකු ලෙස පත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඌව පරණගම ආසන සංවිධායකවරයා වශයෙන් මෙසේ පත් කර ඇත්තේ ලේක්හවුස්  ආයතනයෙහි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපතිවරයා වශයෙන් ද කලක් කටයුතු කළ දසනායක නමැත්තෙකි. ආයතනයේ පැවැති අභ්‍යන්තර ඡන්ද විමසීමක්වත් ජයග්‍රහණය කිරීමට හැකියාවක් නැත්තෙකු ආසනයක් ජයග්‍රහණය කරන්නේ කෙසේද යන්න පාක්ෂිකයන්ගේ විමතියට ‍හේතු වී තිබේ.

මෙම ආසනයේ සංවිධායකවරයා වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ ඒ. එම්. බුද්ධදාස මහතා ඌව පළාත් මහ ඇමැතිවරයා වශයෙන් මෙන්ම පළාත් ඇමැතිවරයකු වශයෙන් ද කටයුතු කර ඇති අත්දැකීම් බහුල දේශපාලනඥයෙකි. ඔහු වෙනුවට පත් කර ඇති දසනායක ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පවා පරාජයට පත් වූවෙකි.

හිටපු ජනාධිපතිවරයාගේ සමයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේක්හවුස් සභාපතිවරයා වශයෙන් කටයුතු කළ මොහු ඉහළ වැටුප් සහ තනතුරු වෙනුවෙන් වෘත්තීය අරගල පාවා දුන් අයකු ලෙස සේවක සේවිකාවන්ගේ පිළිකුලට පාත්‍ර වූ අයතු වන අතර ජනාධිපතිවරණ‍ සමයේ දී මහින්ද රාජපක්ෂ මහතා අතහැර යහපාලන නඩයට එකතු වූයේ ද තවදුරටත් වරප්‍රසාද ලබා ගැනීමේ අරමුණෙනි.

ජනවාරි 09 වැනි දින මෛත්‍රීපාල මහතාගේ ජයග්‍රහණයෙන් පසුව ලේක්හවුස් ආයතනය තුළ තිබුණු හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රදර්ශන පුවරුව කඩා බිම දමා පාගා දැමූ දසනායක දැන් ඉතින් අපට කෙළවන්න කාටවත් නොහැකි යැයි කියමින් වහසි බස් දෙඩූ බව ද සේවකයන් අතර ප්‍රසිද්ධ කාරණාවකි. වෘත්තීය සමිති නායකයකු ලෙස පෙනී සිටියද මොහු ආයතනයේ සහකාර සාමාන්‍යාධිකාරිවරයකු වන අතර දැනටමත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුර දෙස ඇස ගසාගෙන සිටියි.

ආයතනය තුළ පැවැති ඡන්ද විමසීමේ දී අන්ත පරාජයක් ලැබීමට ද මොහුගේ ක්‍රියාකලාපය හේතු වූ අතර එය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වීමෙන් පසුව ලැබූ දරුණුතම පරාජයන් අතරින් එකකි.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව කුමන හෝ ජඩ වැඩක් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුරයක් ලබා ගැනීමේ ප්‍රධාන සුදුසුකමක්දැයි පාක්ෂියකයන් ප්‍රශ්න කරමින් සිටින අතර පක්ෂය වෙනුවෙන් දරදිය ඇදි ජ්‍යෙෂ්ඨයන් ඉවත් කරමින් මෙවැන් පුස්සන් පත් කිරීම නිසා පක්ෂය දිනෙන් දින වළ පල්ලට ගෙන යාමේ වගකීම ජනාධිපතිවරයා භාර ගත යුතු බවත් ඔවුහූ කියති.

 

Top