Breaking
25 Feb 2025, Tue

ලේන්නු,අකුනු සැර මත පැටවෙන විදුලියේ අර්බූදය…

ඊයේ දින සිදුවූ ‍මහා විදුලිය බිදවැටීම නිසා ශ්‍රී ලංකාවේ විදුලිය ක්ෂේත්‍ර යේ බරපතල තාත්ෂනික අඩුපාඩුවක් පවත්න බවට රටේ පාලකයන්ගේ සහ ජනතාවගේ ඇස් අරවීමට සමත් වුවත් ඒ පිලිබදව පූර්ව අනාවණයක් දැනට මාස කීපයකට පෙර සිදු උනේ,ගාල්ල ගිංතොට දී වටිනා තරුණ ජිවිත තුනකට මරු කැදවමිනි.

අධිසැර සම්ප්‍රේෂණ මාර්ගයක බැර විසන්ධි වී කලා අසමතුලිත වීම හෝ මිහිගතවීම නිසා හෝ ආදී‍ වශයෙන් සම්ප්‍රේෂණ මාර්ග දෝෂයක් අනාවරණය කර ගැනීම සහ ආරක්ෂක පිරවරක් ලෙස නියමිත කාලයක් තුල විදුලිය විසන්ධි වීම සදහා වන ආරක්ෂක ක්‍රමවේදය ක්‍රියාත්මක නොවීමහි වරද මත සිදුවූ එම අනතුරහි වගකීම ලේන්නු පිට දැමීම සිදුවූ අයුරු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

දැනට සති දෙකකට පමන පෙර දීද ලංකාව පුරා සිදුවූ විදුලිය ඇණහිටීම අකුණු සැරයක් මත පවරා දීම ජනතාවට අමතක වීමටත් පෙර යලි විශාල විදුලිය බිදවැටීමක් සිදු උනේ, ජනතාව අතිශය බරපතල පීඩාවකට පත් කරමිනි.

විදුලිය සම්ප්‍රේෂණ ජාලයේ යම් කොටසක ඇතිවන දෝෂයක් නිසා හෝ බලාගරයක් අක්‍රිය විම නිසා හෝ සමස්ථ විදුලිය පද්ධතියම අක්‍රීය වීම යනු, විදුලි සම්ප්‍රේශණ ආරක්ෂණ පද්ධතියේ බරපතල දෝෂයක් පැවතීම බවට මෙම සිදුවීම් හරහා බලධාරීන් තේරුම් ගත යුතුය.

ඒ අනුව, සම්ප්‍රේශණ ජාලයේ හදිසි ආපදාවකදී හෝ දෝෂයකදී අදාල කොටස පමනක් ස්වයංක්‍රීයව විසන්ධිවීම, අකුණු සැරකදීද එසේ වීම, විදුලිය ඉල්ලුමට සාපේක්ෂව සැපයුම අඩපන වන විට ( යම් විදුලි බලාගාරයක් අක්‍රීය වූ විටෙක ) ස්වයංක්‍රීයව බැර කපා හැර සැපයුමට සාපේක්ෂව ඉල්ලුම පාලනය කිරීම, විදුලිය ජනනය සහ සම්ප්‍රේෂණය අතර ඇති සමතුලිත තාවය පවත්වාගෙන යනු ලැබීම සදහා ස්ථාපිත ස්වයංක්‍රීය ආරක්ෂණ ක්‍රමවේද නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ගැන ප්‍රමුඛ අවධානය යොමු කර ඊට පිළියම් යෙදීමට තවත් කල මැරිය යුතු නොවේ.

මෙම මහා විදුලිය ඇණහිටීම සම්භන්ධයෙන් වගවීම නොකර, වගකීම පමනක් භාරගෙන සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට ලංවීම සභාපති වරයා පමණක් තීරණය කළ අතර, මේ පාලන කාලය තුල ලංවිම විදුලිය සම්ප්‍රේශණ ජාලය අනාරක්ෂිත, අස්ථායී සහ දෝෂ සහගත තත්වයට පත්වීම ගැනත්, එමගින් රටේ ජනතාවට සහ ලංවීම සිදුවූ‍ පාඩුව ගැනත්, ඔහුට එම දේශපාලන පත්වීම දුන් පාලකයන් ගේ වගවීම ද, ජනතාව රැවටූ යහපාලන පොරොන්දු මෙන් නොවිය යුතුව ඇත.

ප්‍රසන්න වෙල්ලන්ගිරිය

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.